LSN News › Sri Lanka

විනාඩි 8ක මාරක නිමේෂය සහ අගාධයේ සැඟවුණු නාවිකයින් 22: MV Ocean Winner අනතුරේ පසුවිපරම!

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැරඩිප් වරායෙන් යකඩ ලෝහ ටොන් 72,100ක් පටවාගෙන සිංගප්පූරුව බලා පිටත්වූ MV Ocean Winner නමැති පැනමා ධජය සහිත දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාව, බෙංගාල බොක්කේ ගැඹුරුම අගාධ කලාපයක් තුළ අතුරුදහන් වී පැය ගණනාවක් ගත වී තිබේ.

LSN Sri Lanka · 23 August 2026

විනාඩි 8ක මාරක නිමේෂය සහ අගාධයේ සැඟවුණු නාවිකයින් 22: MV Ocean Winner අනතුරේ පසුවිපරම!

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැරඩිප් වරායෙන් යකඩ ලෝහ ටොන් 72,100ක් පටවාගෙන සිංගප්පූරුව බලා පිටත්වූ MV Ocean Winner නමැති පැනමා ධජය සහිත දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාව, බෙංගාල බොක්කේ ගැඹුරුම අගාධ කලාපයක් තුළ අතුරුදහන් වී පැය ගණනාවක් ගත වී තිබේ.

නෞකාව ගිලී ගිය කලාපය තුළ සලකුණකුදු ශේෂ වී නැත. අතුරුදන් වූ නාවිකයින් 22 දෙදෙනා පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත. මහා තාක්ෂණයක් ගැන කතා කරනා ලෝකයක සොබා දහමේ ඇතැම් සුළු දැනවීම් උද්දච්ඡ මිනිස් සමාජයක කුරා කුහුඹු ප්‍රමාණය පෙන්වා දෙමින් ඇති ආකාරය තිගස්වන සුළුය.

විනාඩි 8කින් නිමාවූ දෛවෝපගත ගමන

MV Ocean Winner නෞකාව අගෝස්තු 20 වනදා මේ දෛවෝපගත යාත්‍රාව ආරම්භ කරන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැරඩිප් වරායෙනි (Paradip Port). දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාව යකඩ ලෝහ (Iron Ore) ටොන් 72,100ක් ප්‍රවාහනය කරමින් සිටියාය. ගමනාන්තය සිංගප්පූරුව ය.

මේ වනවිට ඉන්දීය සාගර කලාප ඇත්තේ නොසන්සුන්වය. විශේෂයෙන්ම බෙංගාල බොක්ක අවට මුහුදු කලාපය බෙහෙවින්ම රළුය. රළු මුහුදේ රුදුරු දළ රළ අතර ඇය සිය පුරුදු ගමනෙහි යෙදුනාය.

ගමන ආරම්භ වී පැය 24ක් ගත වූවා පමණය. අගෝස්තු 21 වන සිකුරාදා එක්වරම නෞකාවේ රිද්මය වෙනස් තුලිතතාය බිඳී ගියේය. නෞකාව හදිසියේම එක්පසකට ඇලවීමට (List) පටන්ගෙන තිබුණි. ඉන්පසු ගතවූයේ විනාඩි 8ක් වැනි අතිශය කෙටි කාලයකි. හිතාගත නොහැකි වේගයකින් නෞකාව ගිලී ගියේය. MV Ocean Winner සම්බන්ධව අවසන් සජීවී කතාව එයය.

අගෝස්තු 22 වන සෙනසුරාදා වනවිට ඉන්දීය වෙරළාරක්ෂක බලකායට ලැබුණු එකම ආපදා සංඥාවෙන් (Distress Alert) පසුව, නෞකාව සමඟ පැවැති සියලු සන්නිවේදනයන් මුලුමනින්ම ගොළු විය. අනතුර සිදුවන විට නෞකාව පැවතියේ ඔඩිෂා වෙරළේ සිට නාවික සැතපුම් 240ක් (කිලෝමීටර් 445ක් පමණ) ඈතින් පිහිටි, මීටර් 2,000 සිට 3,000කට වඩා ගැඹුරු බෙංගාල බොක්කේ මධ්‍යම කලාපයේය.

නොනවතින සෙවීම සහ කාලය සමඟ සටන

ගිලී ගිය නෞකාවේ සිටි චීන ජාතිකයින් 20ක්, මියන්මාර ජාතිකයින් 3ක් සහ බංග්ලාදේශ ජාතිකයෙකු ඇතුළු 24 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලක් වූහ. සිද්ධිය සැලවන වහාම ඉන්දීය වෙරළ ආරක්ෂක හමුදාව ඒ අසලින් ගමන් කරමින් සිටි MT Aisopos වාණිජ නෞකාව අනතුර සිදුවූ කලාපයට යොමු කෙරිනි. MT Aisopos අනතුර වූ ස්ථානයට එන විට රාත්‍රී 08 පමණ ඇත. නෞකාවක පිළිබඳ සලකුණකදු නොවේ. එහෙත් ජීවිත ආරක්ෂක බෝට්ටු දෙකක රළු මුහුද මත පාවෙමින් සිටි චීන ජාතික නාවිකයින් දෙදෙනෙක් ඔවුන්ගේ ඇස ගැටිනි. ඔවුන් දෙදෙනා නිරුපද්‍රිතව බේරා ගත් MT Aisopos සිය ගමනාන්තය වෙත හැරුණාය.

අතුරුදහන් වූ නාවික පිරිස

එහෙත් චීන ජාතිකයින් 18ක්, මියන්මාර ජාතිකයින් 3ක් සහ බංග්ලාදේශ ජාතිකයෙකු ඇතුළුව ඉතිරි නාවිකයින් 22 දෙදෙනා අතුරුදහන් වි සිටියහ. ඔවුන් 22 ම නෞකාවත් සමගම සලකුණකුදු නැතිව මීටර 3000ක් ගැඹුර අගාධ සහිත බෙංගාල බොක්ක මුහුදු පත්ලේ සැඟවී ගොස්ය.

ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ (ICG) Varad, Anmol සහ Vijay යන නෞකා ත්‍රිත්වය සහ ඉන්දීය නාවික හමුදාවේ P-8I මුර සංචාරක ගුවන් යානා යොදවා දැවැන්ත සෝදිසියක් සිදුකළද, සොබාදහමේ අභියෝග හමුවේ මෙහෙයුම් සංකීර්ණ වී ඇත.

ඉන්දීය සමුද්‍රීය පරිපාලනයේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාම් ජගන්නාදන් පෙන්වා දෙන්නේ, මෙවැනි සමුද්‍රීය අනතුරකදී පළමු පැය 12 ඉක්මගිය පසු ජීවිත බේරාගැනීමේ සම්භාවිතාව ශීඝ්‍රයෙන් පහත වැටෙන බවයි. නෞකාව විනාඩි 8කින් ගිලී යාම නිසා අනෙක් පිරිසට ජීවිතාරක්ෂක ඇඳුම් හෝ උපකරණ වෙත ළඟාවීමට වේලාවක් ලැබුණේද යන්න තවමත් අවිනිශ්චිතය.

අගාධයේ සහ රළු මුහුදේ අභියෝගය

මෙහෙයුම් ප්‍රදේශයේ දැනට පවතින දැඩි සුළං සහ රළු මුහුදු රළ නිසා මුදාගැනීමේ කණ්ඩායම්වලට දැඩි බාධා එල්ල වී තිබේ. මුහුදු මතුපිට පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පාවෙන කුඩා ජීවිතාරක්ෂක උපකරණ හෝ මිනිසුන් ගුවන් යානාවලට නිරීක්ෂණය කිරීම අතිශය දුෂ්කරය.

අනෙක් අතට, නෞකාව ගිලී ගිය කලාපයේ පවතින මීටර් 3,000 ඉක්මවන අධික ගැඹුර හේතුවෙන් මුහුදු පත්ල පරීක්ෂා කිරීමට සාමාන්‍ය කිමිදුම්කරුවන්ට හැකියාවක් නැත. ඒ සඳහා විශේෂිත සෝනාර් (Sonar) තාක්ෂණය හෝ රොබෝ උපකරණ (ROVs) භාවිත කිරීමට සිදුවනු ඇත.

අනතුර පිටුපස ඇති තාක්ෂණික අභිරහස

නෞකාව හදිසියේම පෙරළී ගිලී යාමට නිශ්චිත හේතුව තහවුරු වී නොමැති අතර, සමුද්‍රීය විශේෂඥයින් පෙන්වාදෙන ප්‍රධාන තාක්ෂණික තත්ත්වයන් කිහිපයකි:

භාණ්ඩ විස්ථාපනය (Cargo Shifting): ටොන් 72,100ක් වන අධික බරැති යකඩ ලෝහ, රළු මුහුදේදී එකවරම එක්පසකට තල්ලු වීමෙන් නෞකාවේ සමතුලිතතාව සම්පූර්ණයෙන්ම ගිලිහී යාම.

ද්‍රවීකරණය (Liquefaction): ප්‍රවාහනය කළ යකඩ ලෝහ කුඩුවල තෙතමනය පැවතුණි නම්, නෞකාවේ චලනයත් සමඟ ඒවා ද්‍රවයක් මෙන් හැසිරීමට පටන්ගෙන නෞකාව ක්ෂණිකව පෙරළීමට (Capsizing) ලක්වීම.

ව්‍යුහාත්මක බිඳවැටීම (Structural Failure): රළු රළ පහර හමුවේ නෞකාවේ බඳ (Hull) බිඳී යාමෙන් ඉතා වේගයෙන් ජලය ඇතුළු වීම.

මතු වන පාරිසරික තර්ජනය

මිනිස් ජීවිත පිළිබඳ අවිනිශ්චිතතාව මෙන්ම, මෙම අනතුර හරහා දැවැන්ත පාරිසරික තර්ජනයක්ද මතුවෙමින් පවතී. නෞකාවේ එන්ජින් ක්‍රියාකාරීත්වය සඳහා ගබඩා කර තිබූ බංකර් ඉන්ධන (Heavy Fuel Oil) සහ ලිහිසි තෙල් ටොන් සිය ගණනක් මුහුදු පත්ලේ පීඩනය නිසා පිටතට කාන්දු වුවහොත්, බෙංගාල බොක්කේ සාගර පරිසර පද්ධතියට දැඩි හානි සිදුවනු ඇත.

යකඩ ලෝහ විෂ සහිත නොවන නමුත්, ටොන් 72,100ක් එකවර මුහුදු පත්ලේ තැන්පත් වීමෙන් එම කලාපයේ වෙසෙන ජීවීන්ගේ ස්වභාවික පරිසරය (Benthic habitat) යටවී යයි. එමෙන්ම තෙල් කාන්දුවක් සිදු වුවහොත් එය මත්ස්‍ය ගහනයට, සාගර පක්ෂීන්ට සහ කලාපය හරහා සංක්‍රමණය වන කැස්බෑවුන්ට කෙලින්ම බලපායි. මේ නිසා ඉන්දීය බලධාරීන් ගුවන් මගින්ද පාරිසරික නිරීක්ෂණ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.

බොහෝ බලාපොරොත්තු බිඳී ගොස්ය. නමුත් මනුෂ්‍යත්වයේ නාමයෙන් උපදින එකම එක සුභවාදී සිහිනයක අංශු මාත්‍රයක් දකිමින් අතුරුදහන් වූ නාවිකයින් සොයන මෙහෙයුම ක්‍රියාතමක වෙමින් ඇත.