Sport · Sri Lanka Bureau
කුජීත මීටරේ නැවතුන තැන... ශ්‍රී ලංකාව කඩුලු 8කින් පරාදය..
පළමු ඉනිමේදී ලකුණු 98කට දැවී ගිය පසු දෙවැනි ඉනිමේ සුපර් මෑන්ලා පහළ වී තරග දිනන තුරු බලාගෙන ඉන්නට පිස්සුවක් අපේ ක්‍රිකට් බලන උන්ට නැත. උන්ට තිබුනේ අපේක්ෂා දෙකකි. එකක් දින තුනක් තුළ ඉනිමකින් පරදී ද, නැතිනම් කඩුළු හත අටකින් පරදී ද, දින හතරක් තුළ ඉනිමකින් හෝ කඩුළු හත අටකින් පරදීද යන්නය.
LSN Sri Lanka ·

රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු අටකින් අන්ත කුජීත ලෙස පරාදය. අද (20) පෙරවරුවේදීම අවසන් වූයේය. තරගය නිම වෙන්නට තව දවස් එක හමාරක් ඉතිරි වී තිබිණි. අපේ ක්‍රිකට් බලන උන් පමණක් නොව, ලෝකයේම ක්‍රිකට් බලන උන් පවුය. හැබැයි උන්ට කැමති කෙළියක් කරගන්නට දවස් එක හමාරක කාලයක් අපේ ක්‍රිකට් කණ්ඩායම විසින් ලබා දී ඇත.

මේ පරාජය සමග තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට පාකිස්ථානයට හැකි විය. රාවල්පින්ඩිහිදීම පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබුණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේදීම ඕවර 36ක් ගෙවී යන්නට මත්තෙන් ලකුණු 98කට දැවී ගියේය. පාකිස්ථාන වේගපන්දු යවන්නන් ඉතා විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර, මොහොමඩ් අබ්බාස්, රසාවුල්ලා සහ ආමර් ජමාල් කඩුලු තුන බැගින් දවා ගත්හ. මෙය රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයකදී කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ පුහුණුකරු ජාත්‍යාන්තර මාධ්‍යයට කීවේ තණ කොල සහිත තණ තීරුව වේගපන්දු යවන්නට වාසි දායක වුවද මේ ආකාරයේ ගොබ්බ දැවී යෑමක් සම්බන්ධව ශ්‍රී ලංකා පිතිකරුවන්ට කියන්නට දෙයක් නැති බවය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානය ලකුණු 325ක් රැස් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර ලකුණු 95කට කඩුලු පහක් දවා ගත්තද, සත්කාරක කණ්ඩායමේ ලකුණු රැස් කිරීම නැවැත්වීමට එය ප්‍රමාණවත් නොවීය. පාකිස්ථාන ඉනිම වෙනුවෙන් ගාසි ඝෝරි ලකුණු 54ක් ද, අසාන් අවයිස් ලකුණු 47ක් ද, තයියාබ් අරිෆ් ලකුණු 46ක් ද රැස් කළහ. ඒ අනුව පාකිස්ථානය පළමු ඉනිමේදී ලකුණු 227ක දැවැන්ත ඉදිරියක් ලබා ගත්තේය.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල සටනක් ලබා දුන්නේය. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් සහ සොනාල් දිනූෂ ලකුණු 54ක් රැස් කළ අතර, තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක පන්දු 88කදී හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 66ක් රැස් කළේය. රත්නායක එක් අන්තයක රැඳී සිටිමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 316ක් දක්වා ඉහළ නැංවීමට තනි සටනක් දියත් කළේය. එහෙත් අනෙක් අන්තයේ සිටි අසිත ප්‍රනාන්දුව ගොදුර කරගැනීමට පකිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ.

තරගය ජය ගැනීම සඳහා පාකිස්ථානයට හිමි වූයේ ලකුණු 90ක කුඩා ඉලක්කයකි.

පාකිස්ථාන පිතිකරුවන් පන්දුවාර 13ක් තුළ ඉතා පහසුවෙන් එම ඉලක්කය පසු කර ගියේ කඩුලු දෙකක් පමණක් දැවී තිබියදීය. අසාන් අවයිස් නොදැවී ලකුණු 32ක් රැස් කළ අතර, පිතිකරණ ලැයිස්තුවේ අංක හතර ස්ථානයට උසස් කරන ලද ආමර් ජමාල් පන්දු 22කදී හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී වේගවත් ලකුණු 34ක් රැස් කළේය. ජමාල් විසින් ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට එල්ල කළ හතරේ පහරකින් පාකිස්ථානයේ ජයග්‍රහණය තහවුරු විය.

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙස ද මොහොමඩ් අබ්බාස් සම්මාන ලැබීය.

මෙය වසර දෙකකට වැඩි කාලයකට පසු පාකිස්ථානය ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ය. වත්මන් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලි චක්‍රය තුළ ඔවුන් ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය ද මෙය ය. මිලාන් රත්නායකගේ සටන්කාමීත්වය විශිෂ්ට ලෙස සටහන් වී තිබේ. නමුත් මෙවැනි අසීරු තරගයක දී කුසල් මෙන්ඩිස් ලකුණු 53කට දැවී යෑම ඔහුගේ අර්ධ ශතකයේ වටිනාකම නැති කළේය. සොනාල් දිනූෂ ඉන්දියාවට දියත් කළ ඉනිම නැවත දියත් කරන තුරු අපේ උන් බලා උන්හ. එහෙත් එකම දේ දෙවතාවක් නොවන බවත් ක්‍රිකට්වල ආශ්චර්යයන් නොමැති බවත් අප දුටුවේය. සොනාල් ලකුණු 54කට දැවී ගියේය.

පළමු ඉනිමේදී ලකුණු 98කට දැවී ගිය පසු දෙවැනි ඉනිමේ සුපර් මෑන්ලා පහළ වී තරග දිනන තුරු බලාගෙන ඉන්නට පිස්සුවක් අපේ ක්‍රිකට් බලන උන්ට නැත. උන්ට තිබුනේ අපේක්ෂා දෙකකි. එකක් දින තුනක් තුළ ඉනිමකින් පරදී ද, නැතිනම් කඩුළු හත අටකින් පරදී ද, දින හතරක් තුළ ඉනිමකින් හෝ කඩුළු හත අටකින් පරදීද යන්නය.

ඉනිමක පරාජයෙන් බේරුණේය. දින තුන හමාරක් තුළ අපි කඩුළු 08කින් පැරදුනේය.