LSN News › Sri Lanka

රට පාලනය වන්නේ පාර්ලිමේන්තුවෙන්ද, පැලවත්තෙන්ද? – එජාප 80 සංවත්සරය දා විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් අසයි!

එජාප 80 වැනි සංවත්සරයේදී හිටපු ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටී. නාමල් රාජපක්ෂ බන්ධනාගාරගත කිරීම සම්බන්ධව ඔහු සිය දැඩි විරෝධය ද පල කරයි.

LSN Sri Lanka · 6 September 2026

රට පාලනය වන්නේ පාර්ලිමේන්තුවෙන්ද, පැලවත්තෙන්ද? – එජාප 80 සංවත්සරය දා විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් අසයි!

වර්තමාන රජය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, විපක්ෂය සහ නිදහස් වෘත්තීය සමිති මර්දනය කිරීමේ ක්‍රියාවලියක නිරතවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය ආරම්භ වී අදට වසර 80ක් සපිරෙන දිනයේ එජාප නායකයා මෙන්ම හිටපු ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදුකළේය.

මේ අදහස් පළ වූයේ අද (06) පිටකෝට්ටේ සිරිකෝත පක්ෂ මූලස්ථානයේ පැවති සංවත්සර සැමරුමට සමගාමීව ඔහු නිකුත් කළ විශේෂ ප්‍රකාශයකිනි. 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී. එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් ආරම්භ වූ පක්ෂයේ මෙවර තේමාව ලෙස ඔහු ඉදිරිපත් කළේ “පරමාධිපත්‍යය” යන්නය.

“මේ ක්‍රමයට තියෙන ලොකුම තර්ජනය ජනතා පරමාධිපත්‍යය පිළිනොගැනීමයි”

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්වෛරීභාවය ජනතාවට අයිති වන අතර එය අහිමි කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ අධිකරණය ජනතාව වෙනුවෙන් බලතල භාවිත කරන බවත් ඔහු සිහිපත් කළේය.

22 වැනි සංශෝධනයට එජාපය විරුද්ධ වූයේ එයට ජනමත විචාරණයක් අවශ්‍ය බව රජය පැහැදිලිව සඳහන් නොකළ නිසා බව ඔහු කීවේය. එහි නීත්‍යානුකූලභාවය තහවුරු කිරීමට පක්ෂය අධිකරණයට ගොස් ජනමත විචාරණයක් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සංඝයා

දේශපාලන පක්ෂවලට සීමා සහ හිරිහැර කිරීම්, හේතුවක් නොමැතිව දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම් මගින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ විපක්ෂය නැති කිරීමට උත්සාහ කරන බව ඔහු චෝදනා කළේය. නිදහස් වෘත්තීය සමිති දුර්වල කිරීමද මේ ව්‍යාපාරයේ කොටසක් බව ඔහු පැවසීය.

නීතීඥ සංගමයට, වෛද්‍යවරුන්ට සහ භික්ෂූන් වහන්සේලාට එරෙහිව කටයුතු ආරම්භ වී ඇති බවත්, ඒ සියල්ලෙන් රටේ ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍යය අඩපණ වන බවත් ඔහු කීවේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂයට කතා කිරීමට ඉඩ නොදෙන බවද ඔහු පෙන්වා දුන්නේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තුවට එන්න ඉඩ නොදුන් බව ඔහු උදාහරණයක් ලෙස දැක්වීය.

“ රට පාලනය වන්නේ පාර්ලිමේන්තුවෙන්ද, පැලවත්තෙන්ද?”

මේ සියල්ල සැලකිල්ලට ගත් විට රට පාලනය වන්නේ පාර්ලිමේන්තුවෙන්ද නැතහොත් පැලවත්තෙන්ද යන ප්‍රශ්නය මතුවන බව ඔහු කීවේය.

එවැනි අවස්ථාවක ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කළ යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තිය සුරැකිය යුතු බවත්, නවවැනි වගන්තිය අනුව බුද්ධාගම ආරක්ෂා කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට විරෝධය

එජාපයේ ආරම්භක සාමාජිකයකු වූ ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ මුණුපුරා වන නාමල් රාජපක්ෂ සංවත්සරයට ආරාධනා කර තිබුණද ඔහු අත්අඩංගුවට පත්ව වැලිකඩ සිටින බව රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. ඒ ක්‍රියාමාර්ගයට තමා සහ පක්ෂය දැඩිව විරුද්ධ බවද ඔහු පැවසීය.

නූතන එජාපයක් සහ එකතුවීමේ ඇරයුම

මෙම සංවත්සර කාලය තුළ 21 වැනි සියවසට ගැළපෙන නව ප්‍රතිපත්ති සහ නව මුහුණු සහිත “නූතන එක්සත් ජාතික පක්ෂයක්” ගොඩනැගීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බව ඔහු කීවේය.

සැප්තැම්බර් 17 වැනිදා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ 120 වැනි ජන්ම සංවත්සරය සමරන අතර, දෙසැම්බර් මාසයේ පක්ෂ සමුළුවක් පැවැත්වීමටද සැලසුම් ඇති බව ඔහු පැවසීය.

1946දී සියලු දෙනා එකතු වී නිදහස් ලංකාවක් ඇති කළ ආකාරයට අදත් එකට ක්‍රියාත්මක වී රටේ පරමාධිපත්‍යය ආරක්ෂා කරගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.