LSN News › Sri Lanka

පාකිස්තානයෙන් ආ තුවා කන්ටේනරයේ තිබී රුපියල් කෝටි 800ක 'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝ 463ක් අල්ලයි: කැමරූන් යැවීමට සැළසුම් කළ ජාවාරමක් මාට්ටු!

ප්‍රති අපනයනය සඳහා සැලසුම් කළ තුවා තොගයක් සහිත බහාලුමකින් රුපියල් කෝටි 800කට අධික වටිනාකමකින් යුත් 'අයිස්' (Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463ක දැවැන්ත තොගයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

LSN Sri Lanka · 31 August 2026

පාකිස්තානයෙන් ආ තුවා කන්ටේනරයේ තිබී රුපියල් කෝටි 800ක 'අයිස්' මත්ද්‍රව්‍ය කිලෝ 463ක් අල්ලයි: කැමරූන් යැවීමට සැළසුම් කළ ජාවාරමක් මාට්ටු!

කොළඹ වරායට පසුගිය ජූනි මාසයේදී ගොඩබස්වා තිබූ සැකකටයුතු බහාලුමක් (Container) දීර්ඝ ලෙස පරීක්ෂාවට ලක් කිරීමේදී එහි සඟවා තිබූ රුපියල් කෝටි 800කට අධික වටිනාකමකින් යුත් 'අයිස්' (Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463ක දැවැන්ත තොගයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ක්‍රියාත්මක කළ ඒකාබද්ධ සහ විශේෂ මෙහෙයුමකින් අනතුරුව මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී ඇත.

අදාළ බහාලුම තුළ තුවා තොගයක් ප්‍රති අපනයන (Re-export) මාර්ගයෙන් පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාව හරහා අප්‍රිකානු රාජ්‍යයක් වන කැමරූන් රාජ්‍යය වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවට පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. පසුගිය ජූනි මාසයේදී මෙරටට ගොඩබස්වා තිබූ මෙම බහාලුම තුළ සූක්ෂ්ම ලෙස අසුරා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව ඇත්තේ ආරක්ෂක අංශ විසින් සිදුකළ සුවිශේෂී පරීක්ෂාවකින් පසුවය.

මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන 44 හැවිරිදි පුද්ගලයෙකු ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය තහවුරු කරයි. මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් අනෙකුත් පිරිස් සහ මෙම ජාලයේ පසුපස සිටින ප්‍රධානීන් අනාවරණය කරගැනීම සඳහා විශේෂ විමර්ශන ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිලධාරීන් සඳහන් කළේ, මීට පෙර නාවික හමුදාව හා එක්ව සිදුකළ මුහුදු මාර්ගික මෙහෙයුම් හේතුවෙන් මුහුදෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම විශාල ලෙස පාලනය කිරීමට හැකිවූ බවයි. ඒ හේතුවෙන් ජාවාරම්කරුවන් විකල්ප මාර්ග ඔස්සේ බහාලුම් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට හා විදේශයන්ට සංක්‍රමණය කිරීමට උත්සාහ දරන බවට ලත් තොරතුරු මත බහාලුම් දැඩි ලෙස පරීක්ෂාවට ලක්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සාර්ථක කරගැනීමට හැකිවූ බවයි.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, රේගු දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.