LSN News › Sri Lanka

අවසන් මොහොත තෙක් රේගුවටත් නොකී විශේෂ රහසිගත මත්ද්‍රව්‍ය වැටලීම කොළඹ වරායේ කන්ටේනරයකින් කෝටි 800ක අයිස් තොගයක් මතුකළ හැටි...

සියලු කටයුතු රහසිගතව සිදු කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන කන්ටේනරය විවෘත කිරීමේ අවස්ථාවේදී පමණක් රේගුවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහය ලබා ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කළේය.

LSN Sri Lanka · 1 September 2026

අවසන් මොහොත තෙක් රේගුවටත් නොකී විශේෂ රහසිගත මත්ද්‍රව්‍ය    වැටලීම කොළඹ වරායේ කන්ටේනරයකින් කෝටි 800ක අයිස් තොගයක් මතුකළ හැටි...

කොළඹ වරායේ කන්ටේනරයක් තුළ සැඟවී තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (අගෝස්තු 31) පොලිස් භාරයට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත් විය. එම තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටි 800කට අධික වූයේය.

රහසිගත තොරතුර සහ විශේෂ මෙහෙයුම

මෙම වැටලීම සිදුවූයේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ ට පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මතය. තොරතුරුකරු කිලෝ 500ක අයිස් තොගයක් ඇති බව පවසා තිබූ අතර, වෙනත් කිසිදු පොලිස් අංශයකට හෝ රේගුවට මේ ගැන දැන ගැනීමට ඉඩ නොතබන ලෙස විශේෂ ඉල්ලීමක් කර තිබුණි.

එම නිසා සියලු කටයුතු රහසිගතව සිදු කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන කන්ටේනරය විවෘත කිරීමේ අවස්ථාවේදී පමණක් රේගුවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහය ලබා ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කළේය.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු උපුටා දක්වමින් දිනමිණ සිදුකරන වාර්තාවට අනුව සැකපිට කන්ටේනර් දෙකක් අත් අඩංගුවට ගෙන තිබිනි. මත්ද්‍රව්‍ය සොයා ගන්නේ ඉන් එක් කන්ටේනරයක සඟවා තිබියදි ය. . මත්ද්‍රව්‍ය සුදු තුවා අතර සඟවා තිබිණි.

අත්අඩංගුවට ගත් අය සහ ජාවාරමේ ජාලය

අත්අඩංගුවට ගත් කන්ටේනරය ගෙන්වූ බවට සැකපිට කොළඹ මැලිබන් වීදියේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත්තේය. එමෙන්ම මෙම ජාවාරමට සම්බන්ධ බවට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සිවුදෙනෙකු ද ඊයේ දිනයේම අත්අඩංගුවට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කළේය..

මෙම ජාවාරම ගැන දැන සිටි වාප්පු ලිපිකරුවකු අත්අඩංගුවට ගැනීමට වැටලීමේදී ඔහු පැනගොස් තිබිණි. විශේෂත්වය වන්නේ ඔහු පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරවී තිබීමය.

පාකිස්තානයේ සිට මෙම සැක සහිත කන්ටේනර් දෙක රැගත් නැව මෙරටට පැමිණ ඇත්තේ ජූනි මස 27 වැනිදාය. මෙම කන්ටේනර් දෙක සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

මුහුදු මාර්ගයෙන් කන්ටේනර් මාර්ගයට: ජාවාරම්කරුවන්ගේ නව උපක්‍රමය

මුහුදු මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය ගෙන ඒමේ වැටලීම් පොලීසිය සහ නාවික හමුදාව එක්ව තීව්‍ර කර ඇති බැවින්, මේ ආකාරයට කන්ටේනර්වල බහා මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒමට කටයුතු කරන බවත්, ඊට ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සහය ලැබෙන බවටද තොරතුරු අනාවරණය වෙමින් පවතින බැවින් ඒ ගැනද විමර්ශන පවත්වන බවත් උසස් නිලධාරියෙක් උපුටා දක්වමින් දිනමිණ වාර්තා කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආවේ කවුරුන්ද යන්න සහ ලංකාවට ගෙන ඒමට ආධාර අනුබල දුන් අය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව සිදු කරන බවය.

ඔහු වැඩිදුරටත් කීවේ මුහුදු මාර්ගයෙන් විශාල ලෙස මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයන් පසුගිය මාස තුන හතරක කාලය තුළ අත්අඩංගුවට ගත් බවත්, එම නිසා මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒම නතර වී තිබූ බවත්ය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස විකල්ප මාර්ග මඟින් මත්ද්‍රව්‍ය ගෙන එන බවද ඔහු පැවසීය.

බහලුම් පරීක්ෂා කිරීමට වැඩි වෙහෙසක් දැරූ බවත්, සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. පසුගිය මාස කිහිපය තුළ මත්ද්‍රව්‍ය කිලෝ 18,000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී පුද්ගලයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගත් බවද ඔහු සඳහන් කළේය.

සැක සහිත කන්ටේනර් දෙක සම්බන්ධයෙන් පසුගියදා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, අපරාධ දිශාව නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු, රථවාහන සහ අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ කොළඹ මධ්‍යම අපරාධ කාර්යාංශයේ අධ්‍යක්ෂ කමල් ආරියවංශ මෙම බහලුම් පරීක්ෂා කරන අවස්ථාවට එක්ව සිටියහ.

ඉදිරි විමර්ශනය

මෙම සිද්ධිය මගින් පෙනී යන්නේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් ශ්‍රී ලංකාව තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම සඳහා වඩාත් සංකීර්ණ සහ රහසිගත ක්‍රමවේද භාවිතා කරන බවයි. දූෂිත නිලධාරීන්ගේ සහභාගීත්වය පිළිබඳ සැකයන් ද මේ වන විට විමර්ශනයට යටත් වෙමින් පවතී.

මෙම තොගය සමාජගත වීම වැළැක්වීමට හැකි වීම රටේ ආරක්ෂාවට සහ තරුණ පරපුරට විශාල සේවයක් වුවද, ජාවාරම්කරුවන් නව මාර්ග සොයා ගන්නා බැවින් බහලුම් පරීක්ෂාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙමින් ඉස්මතු වේ.

(මූලාශ්‍ර: දිනමිණ වාර්තාව සහ පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශ. විමර්ශන තවදුරටත් පවතී.)