LSN News › Sri Lanka

මධ්‍යම කඳුකරය සුරැකීමට බලතල සහිත නව අධිකාරියක්: ඉදිරි වෙනස්කම්වලට කලබල වෙන්න එපා ... ජනපති රටට දැනුම් දෙයි...

LSN Sri Lanka · 28 August 2026

මධ්‍යම කඳුකරය සුරැකීමට බලතල සහිත නව අධිකාරියක්: ඉදිරි වෙනස්කම්වලට කලබල වෙන්න එපා ... ජනපති රටට දැනුම් දෙයි...

මධ්‍යම කඳුකරයේ පරිසර පද්ධතිය සහ ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සියලු බලතල සහිත විශේෂ 'මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක්' පිහිටුවීමට පියවර ගන්නා බවත්, එමඟින් සිදු වන ආයතනික හා තනතුරු වෙනස්වීම් පිළිබඳව කිසිවෙකුත් කලබල විය යුතු නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය සහිතව සකස් කරන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමෙන් පසු මේ වසරේ අග හෝ ලබන වසරේ මුල මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු අද අවධාරණය කරමින් දන්වා සිටියේ සියවස් දෙකකට අධික කාලයක් වතුවල ඉපදෙමින් වතුවල වැඩකර මේ රටේ ආර්ථිකය පෝෂණය කරමින් වතුවලම ජීවිතය දිය කර හැර වත්තේ පොලොවට පස්වන මලයගම් ජනාතවගේ ඉඩම් හා නිවාස අයිතිය තහවුරු කිරිමේ පූර්ණ වගකීම රජය භාරගන්නා බවය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගාල කබරගල කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිකළ ‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කරමින් එම ජන ප්‍රජාව ඇමතූ අවස්ථාවේදීය.

" මේ ජනතාවගේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නය ඉතාම විශාලයි. වත්තේ වැඩ කළාට සමාගම් ඒ තරම් ලේසියෙන් ඉඩම් දෙන්න කැමති නෑ. නමුත් මෙම සමාගම්වල ගිවිසුම් 2042 වන විට අවසන් වීමට නියමිතව තිබෙනවා. දැනටමත් අමාත්‍යාංශය එම ගිවිසුම් පිළිබඳ පසු විපරම් කිරීමට කමිටුවක් පත් කරලා තියෙනවා. අපි ඉතා ඉක්මනින් ඒ ගිවිසුම් අවසන් කරන්න කටයුතු කරනවා. නමුත් මෙහිදී ඉතා වැදගත් වගන්තියක් ඇතුළත් කරනවා. ඒ තමයි මේ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වූ වගන්ති සහිතව තමයි එළඹෙන ගිවිසුම් අත්සන් කරන්න අපි සූදානම් වන්නේ.“ ජනාධිපතිවරයා පැවසුවේය.

මධ්‍යම කඳුකරයේ වැදගත්කම සහ විනාශය

මේ අවස්ථාවේ දී මධ්‍යම කඳුකරය ආරක්ෂා කරගැනීමට රජයක් ලෙස ගෙන ඇති වැදගත් පියවර සම්බන්ධව ජනාධිපතිවරයා දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළේය.

“විශේෂයෙන්ම මේ මධ්‍ය කඳුකරය අපේ රටේ හදවත. මේ මධ්‍ය කඳුකරයෙන් රූරා ගලන ගංගා 103ක් තියෙනවා. අපේ කෘෂිකර්මාන්තයේ සහ ආර්ථිකයේ විශාල ප්‍රමාණයක් උපදින්නේ මේ මධ්‍යම කඳුකරයෙන්. ආසන්න වශයෙන් අපේ භූමියෙන් සියයට 13ක් මේ මධ්‍ය කඳුකරයට ඇතුළත් වී තිබෙනවා. වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 72ක් මධ්‍ය කඳුකරයට ගලා හැලෙනවා. අපේ රටේ වැදගත්ම හදවත මේ මධ්‍ය කඳුකරයයි.“

“නමුත් අපේ අසංවිධානාත්මක සංවර්ධනයේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා. පසුගිය කාලයේ සිදුවූ නායයෑම් දෙස බලන විට ප්‍රධාන නායයෑම් 1200කට වඩා වාර්තා වුණා දිට්වාවලදි. දශක කිහිපයකට පෙර නාය නොයන රටක් ලෙස පැවති අපේ රටේ, තව දශක දෙකකට පමණ පසු නායයෑම් එකක් දෙකක් සිදුවූ රටේ නායෙ යෑම් දැන් දහස් ගණනක් ගැන අසන්නට ලැබෙනවා. මේ මධ්‍ය කඳුකරය අපේ ඇස් ඉදිරිපිට විනාශ වී තිබෙනවා.“

“අපේ රටේ ආරක්ෂාවේ, ආර්ථිකයේ සහ අනාගතයේ වැදගත් කොටසක් උසුලන්නේ මේ මධ්‍ය කඳුකරයයි. අපි දැනටත් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආධාර ඇතිව විශේෂ පනතක් සකස් කිරීමට කටයුතු කරනවා. ඒ කියන්නේ 'මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක්' අපි පිහිටුවනවා. පරිසරය තිබූ තත්ත්වයට පත් වෙන්න දශක ගණනක් යාවි. විනාශය සඳහා හේතු වන පියවර නතර කිරීම තමයි පළමු පියවර. විනාශය යථාවත් කරන්න දිගු කාලයක් යනවා. එනිසා පළමු පියවර ලෙස සිදුවෙමින් පවතින විනාශය වහාම නතර කළ යුතුයි.“

“ඒ සියලුම බලතල ඒකාබද්ධ කරලා අලුත් මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් පිහිටුවන්න අපි කටයුතු කරනවා. මේ වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී ඒ පනත සම්මත කරලා අධිකාරිය පිහිටුවනවා. ඒ අධිකාරියට සියලුම බලතල ලබා දෙනවා. ජන ප්‍රජාවේ ගැටලු විසඳීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, පාංශු රක්ෂණය සිදු කිරීම, වන සංරක්ෂණ බලතල, වනජීවී බලතල, වාරිමාර්ග බලතල, කෘෂිකර්මාන්ත බලතල එක අධිකාරියක් යටතට ගේන්න ඕන මධ්‍ය කඳුකරය සුවපත් කරන්න.“

අනාගත පරපුර වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම

“අපි ඉපදෙනකොට අපට යම් සාරවත් මධ්‍ය කඳුකරයක් ඉතිරි වී තිබුණා. අපි මිය යනවිට අපේ දරුවන්ට විනාශකාරී මධ්‍ය කඳුකරයක් ලබා දිය යුතුද? ජීවත්වන අපේ වගකීම තමයි අපේ අනාගතය වෙනුවෙන් මේ මධ්‍ය කඳුකරය සුරක්ෂිත කිරීම. නිවාස තියෙන තැන් නිවාස අහිමි වෙන්න පුළුවන්. වගාබිම් ඇති ප්‍රදේශ වනාන්තර වෙන්න පුළුවන්. එහෙම නොවුණොත් අපේ රට විශාල ව්‍යසනයකට ලක් වෙනවා.“

“මධ්‍යම කඳුකරය අපේ හදවත. එහි ආරක්ෂාව අපේ රටේ අනාගතයයි. ඒ සඳහා අපි මැදිහත් විය යුතුයි. ආයතනවල බලතල එහෙට මෙහෙට බෙදෙයි, කවුරුවත් කලබල වෙන්න එපා. පුටු චුට්ටක් එහෙට මෙහෙට වෙයි, කවුරුවත් කලබල වෙන්න එපා. තියෙන තනතුරු නාම වෙනස් වෙයි, කවුරුවත් කලබල වෙන්න එපා. ජාතික වගකීමක් ලෙස සිතා මෙය කළ යුතුයි.