LSN News › Sri Lanka

"වත්තේ ඉපදී වත්තේම මියයන සංස්කෘතිය වෙනස් කළ යුතුයි": මලයගම් ප්‍රජාව අමතමින් ජනාධිපති කියයි

මලයගම් ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණියේ කොයි කාලයේ ද, ඔවුන් පැමිණියේ කොහෙන්ද යන්න ඉතිහාසයට අයත් කරුණක් බවත්, මෙරට ආර්ථිකය වෙනුවෙන් සියවස් දෙකකට අධික කාලයක් ජීවිතය කැප කර මේ පොලොවට පස් වූ එම ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයක වගකීම බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

LSN Sri Lanka · 28 August 2026

"වත්තේ ඉපදී වත්තේම මියයන සංස්කෘතිය වෙනස් කළ යුතුයි": මලයගම් ප්‍රජාව අමතමින් ජනාධිපති කියයි

මලයගම් ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණියේ කොයි කාලයේ ද, ඔවුන් පැමිණියේ කොහෙන්ද යන්න ඉතිහාසයට අයත් කරුණක් බවත්, මෙරට ආර්ථිකය වෙනුවෙන් සියවස් දෙකකට අධික කාලයක් ජීවිතය කැප කර මේ පොලොවට පස් වූ එම ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයක වගකීම බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගාල කබරගල කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිකළ ‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කරමින් එම ජන ප්‍රජාව ඇමතූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

"මේ ජනතාව අපේ ශ්‍රී ලාංකික ජනඛණ්ඩයක්. ඔවුන් ආවේ කොහෙන්ද, ආවේ කවදද කියන එක නෙවෙයි වැදගත්. ඒක ඉතිහාසයේ කතාවක්. නමුත් අද අපේ රටේ ඉපදෙන, මේ ආර්ථිකයට සම්බන්ධ වන, මේ පොළොවට පස් වන මේ ජන කණ්ඩායම අපේ රටේ ආර්ථිකයට මුල් වන විශේෂ ජන කණ්ඩායමක්. සියවස් දෙකකට අධික වුණත් ඔවුන්ට මේ මාතෘ භූමියේ බිම් කොටසක් හිමි නෑ. තමන්ටම වූ නිවසක් අහිමි වූ ජනතාවක්. අපි හිතන්නේ අපේ ජනතාවට මූලික කරුණු පහක්වත් සම්පූර්ණ විය යුතුයි. ඒ තමයි; ඉන්න නිවහනක්, ආදායම් මාර්ගයක්, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් සහ මානසික සුවය. මේ ජන ප්‍රජාවගෙන් ඇහුවොත්, ඔවුන්ගේ මූණු දෙස බැලුවොත් මේ කරුණුවලින් මොනවාද ඉටු වෙලා තියෙන්නේ?

වර්තමාන අපේ රජයේ අභියෝගය සහ වගකීම තමයි මේ ජන කණ්ඩායම්වල මූලික උවමනාවන් ඉටු කර දීම. ඒ සඳහා අපි නිවාස ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරනවා. එළඹෙන අයවැයේදීත් නිවාස ඉදිකිරීම ප්‍රමුඛ වෙනවා. හොඳ ආදායම් මාර්ගයක් අවශ්‍යයි. ඒ සම්පූර්ණ කිරීමට අපි බොහෝ පියවර අරන් තියෙනවා. දැනටමත් මලයගම් ප්‍රජාවට වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා. එය ප්‍රමාණවත් නැතත් මූලික පියවර තබා තිබෙනවා.

දරුවන්ගේ අධ්‍යාපනය ගැන විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්‍රජාව ගත කළ ජීවිතය සිය දරුවන්ට හිමි කර දීම යුක්තිසහගත නෑ. වත්තේ ඉපදෙනවා, වත්තේ වැඩ කරනවා, වත්තේ මිය යනවා, වත්තේම පස් වෙනවා. මේ ජීවිතයෙන් ඔවුන් එළියට පැමිණිය යුතුයි. ඒ සඳහා ප්‍රධානම කාර්යය තමයි අධ්‍යාපනය. ඒ නිසා මේ දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරලා වැඩ කරනවා.

ඒ වගේම නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය පහසුකම් අපි ලබා දිය යුතුයි. එය ආණ්ඩුවක් ලෙස අපේ වගකීමක්. අපි බැලුවොත් අඩු බර දරු උපත් වැඩියෙන්ම සිදුවන්නේ මේ ජනතාව අතරයි. අවුරුදු පහට අඩු මන්දපෝෂණය සහිත දරුවන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ මේ ජනතාව අතරයි. අඩු ආයු කාලයක් සහිත ප්‍රජාවක් ඉන්නේ කොහෙද? මේ ජනතාව අතරයි.

අපේ මේ මලයගම් ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අප විසින් දියත් කර ඇති වැඩසටහනේ දි ඉන්දියානු රජය අපට දීර්ඝ සහායක් ලබා දෙනවා. ඔවුන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ලංකාව අත්හැරලා ගොස් ඉන්දියාවේ සිටින ජනතාවට ලංකාවට එනකොට බාධාවන් තිබුණා. අපි ඒ සියලු බාධාවන් ඉවත් කිරීමට පසුගිය කාලයේ කැබිනට් මණ්ඩල තීරණයක් ගත්තා. අපේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු කර තිබෙනවා. ඔවුන් අපේ රටේ පුරවැසියන්. ඒ නිසා අපට යහපත් බලාපොරොත්තුවක් තියෙනවා. මේ රටේ ආර්ථිකයට හවුල්වන, මේ රටේ ජීවත් වන, මේ පොළොවට පොහොර වන සෑම දෙනාටම හොඳ ජීවිතයක් ලබා දිය යුතුයි.

ඒ නිසා සියවස් දෙකකට වැඩි කාලයක් කොන් කරන ලද, ඇස් ඇර නොබලන ලද පාලනයන් විසින් මේ ජනතාව මේ ව්‍යසනයට පත් කර තිබෙනවා. අපි ඔබ අපේම සහෝදර ජනතාවක් ලෙස සලකා මේ රටේ පූර්ණ අයිතිය සහ යහපත් ජීවිතයක් ලබා දීමට කටයුතු කරන බවට සහතික වෙනවා.

අන්න ඒ ජීවිතය ලබා දීම වෙනුවෙන් රජයක් ලෙස වගකීම අරන් තියෙනවා. අපේ අපේක්ෂාව ඔබට වඩා හොඳ ජීවිතයක් ලබා දීමයි. ඔබේ දරුවන්ට වඩා හොඳ අනාගතයක් ලබා දීමයි. මේ රට වඩාත් සුන්දර රටක් කිරීමයි. ඒ වෙනුවෙන් ඔබගේ සහාය සහ මැදිහත්වීම අපේක්ෂා කරනවා."