LSN News › Sri Lanka

ලක්ෂ 81ක අල්ලස් සිද්ධිය: චාමර සම්පත් දසනායක අද අල්ලස් කොමිසම හමුවට!

චාමර සම්පත් දසනායක 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීමට නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 81ක මුදලක් ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබා ගත්තේයැයි කියන සිද්ධියට අදාළව මෙම කැඳවීම සිදුකර ඇත.

LSN Sri Lanka · 12 October 2026

ලක්ෂ 81ක අල්ලස් සිද්ධිය: චාමර සම්පත් දසනායක අද අල්ලස් කොමිසම හමුවට!

රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

</p>

<p>

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය 09 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම්දී තිබුණි. එදින පෙනී නොසිටි ඔහු, ඒ වෙනුවට අද දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව දැනුම් දී තිබේ.

</p>

<p>

චාමර සම්පත් දසනායක 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීමට නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 81ක මුදලක් ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබා ගත්තේයැයි කියන සිද්ධියට අදාළව මෙම කැඳවීම සිදුකර ඇත.

</p>

<p>

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නමැත්තා ද පසුගිය සැප්තැම්බර් 22 වැනි දා අල්ලස් කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

</p>

<p>

මේ අතර අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ද අල්ලස් කොමිසම හමුවට කැදවා තිබේ. සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා ඔහු අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.