නිදහස් ශ්‍රී ලංකාවේ 81 වැනි අයවැය කතාව අද පාර්ලිමේන්තුවට: විවාදයේ දින 26ක කාලසටහන මෙන්න!
කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු ව්‍යාපාර කමිටුව සහ පාර්ලිමේන්තු නිල ප්රකාශනවලට අනුව අයවැය ක්‍රියාවලියේ ඉදිරි කාලසටහන සහ පාර්ලිමේන්තු කටයුතු සිදුවන ආකාරය පහත පරිදි වේ.
LSN Sri Lanka ·

නිදහස් ශ්‍රී ලංකාවේ 81 වැනි ජාතික අයවැය කතාව (2027 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන කියවීම) අද (නොවැම්බර් 12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි මෙම අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ. 2025 පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කළ අයවැය 79 වැනි අයවැය ලෙසත්, 2025 නොවැම්බර් මාසයේ ඉදිරිපත් කළ 2026 අයවැය 80 වැනි අයවැය ලෙසත් හැඳින්වුණු අතර, ඒ අනුව 2027 සඳහා වන මෙම අයවැය නිදහස් ශ්‍රී ලංකාවේ 81 වැනි අයවැය බවට පත්වෙයි.

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු ව්‍යාපාර කමිටුව සහ පාර්ලිමේන්තු නිල ප්රකාශනවලට අනුව අයවැය ක්‍රියාවලියේ ඉදිරි කාලසටහන සහ පාර්ලිමේන්තු කටයුතු සිදුවන ආකාරය පහත පරිදි වේ.

පාර්ලිමේන්තු කාලසටහන

2027 විසර්ජන පනත් කෙටුම්පතේ පළමු කියවීම 2026 ඔක්තෝබර් 07 වැනිදා නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

අයවැය කතාව (දෙවන කියවීම ඉදිරිපත් කිරීම): නොවැම්බර් 12 වැනිදා (බ්‍රහස්පතින්දා) පස්වරු 1.30ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී සිදු කෙරේ.

දෙවන කියවීමේ විවාදය: නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා දින 7ක් පුරා පැවැත්වෙන අතර, දෙවන කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

කමිටු අදියර විවාදය (Committee Stage): නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා සෙනසුරාදා දින 4ක් ද ඇතුළත්ව දින 19ක් පුරා පැවැත්වේ. අයවැය තෙවන කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

ඒ අනුව සමස්ත අයවැය විවාදය නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා දින 26ක් පුරා පැවැත්වෙන අතර, ඉරිදා සහ රජයේ පොදු නිවාඩු දින හැර සෙනසුරාදා දින ද ඇතුළත්ව සෑම දිනකම විවාද පැවැත්වේ.

දෛනික පාර්ලිමේන්තු කාලසටහන

අයවැය විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සෑම දිනකම පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර දෛනික වැඩපිළිවෙළ පහත පරිදි ක්‍රියාත්මක වේ:
09.30 – පෙ.ව. 10.00: ස්ථාවර නියෝග 22(1) සිට 22(6) යටතේ වන පාර්ලිමේන්තු කටයුතු.

10.00 – පෙ.ව. 10.30: වාචික පිළිතුරු සඳහා වන ප්‍රශ්න 5ක් සලකා බැලීම.

පෙ.ව. 10.30 – පෙ.ව. 11.00: ස්ථාවර නියෝග 27(2) යටතේ ඉදිරිපත් කරන ප්‍රශ්න.

පෙ.ව. 11.00 – ප.ව. 06.00:අයවැය විවාදය පැවැත්වීම.

ප.ව. 06.00 – ප.ව. 06.30: යෝජිත සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදය (ඡන්ද විමසීම් පැවැත්වෙන නොවැම්බර් 20 සහ දෙසැම්බර් 14 දින හැර). මෙහිදී කාලය ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර 50:50 පදනමින් බෙදා ගැනේ.

කාලය බෙදීම සහ ස්ථාවර නියෝග

පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව අයවැය දෙවන කියවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට 60%ක් සහ විපක්ෂයට 40%ක් වශයෙන් කාලය වෙන් කර ඇත. කමිටු අදියර විවාදයේදී එය වෙනස් වන අතර ආණ්ඩු පක්ෂයට 40%ක් සහ විපක්ෂයට 60%ක් වශයෙන් කාලය වෙන් කර තිෙබේ.

අයවැය ක්‍රියාවලිය සඳහා ස්ථාවර නියෝග යටතේ වෙන් කළ හැකි උපරිම කාලය දින 26කි (දෙවන කියවීමට උපරිම දින 7ක් සහ කමිටු අදියරට උපරිම දින 22ක්). සාමාන්‍ය පනතක් මෙන් අයවැය පනත ද පළමු, දෙවන සහ තෙවන කියවීම් අදියර හරහා ගමන් කරන අතර දෙවන කියවීමේ ඡන්දයෙන් පසුව එය සමස්ත පාර්ලිමේන්තු කමිටුවට යොමු කෙරේ. එහිදී එක් එක් අමාත්‍යාංශවල වියදම් ශීර්ෂ සලකා බැලීම සිදුවන අතර අවසානයේ තෙවන කියවීමේ ඡන්ද විමසීමෙන් පනත සම්මත වේ.

2027 අයවැයේ ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් බිලියන 4,992.77ක් පමණ වන අතර, එහි විශාලතම ප්රතිපාදනය වන රුපියල් බිලියන 856.86ක මුදල මූල්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර තිබේ.