LSN News › Sri Lanka

නැවත කිසි දිනකවත් අපේ රටේ දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතුයි... ජනපති අවධාරණය කරයි!

රහර මංගල්‍යය අත්හැරීමක් ගැන පසුගිය කාලයේ දේශපාලන වේදිකාවල සාකච්ඡා වුන බවත්, ඒවැනි සාහසික ප්‍රකාශ කරන කුරුරු දේශපාලන ව්‍යාපාර මොනතරම් විනාශකාරීද යන්න පිළිබඳව අවබෝධයක් ද සහිතව කුමණ හෝ අරෝවක් පිරිමසා ගැනීම සඳහා මෙවැනි උත්තම උරුමයන් භාවිතා නොකළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) ප්‍රකාශ කළේය.

LSN Sri Lanka · 28 August 2026

නැවත කිසි දිනකවත් අපේ රටේ දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතුයි... ජනපති අවධාරණය කරයි!

ජාතියේ අධ්‍යාත්මය සහ ජාතියේ ජීවය මරා දමන ආකාරය මවමින් පෙරහර මංගල්‍යය අත්හැරීමක් ගැන පසුගිය කාලයේ දේශපාලන වේදිකාවල සාකච්ඡා වුන බවත්, ඒවැනි සාහසික ප්‍රකාශ කරන කුරුරු දේශපාලන ව්‍යාපාර මොනතරම් විනාශකාරීද යන්න පිළිබඳව අවබෝධයක් ද සහිතව කුමණ හෝ අරෝවක් පිරිමසා ගැනීම සඳහා මෙවැනි උත්තම උරුමයන් භාවිතා නොකළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) ප්‍රකාශ කළේය.

නැවත කිසි දිනකවත් අපේ රටේ දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ අවධාරණය සිදුකරනු ලබන්නේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලවල වාර්ෂික ඇසළ මහා පෙරහර චිරාගත සම්ප්‍රදායානුකූලව පරිපූර්ණ සහ උත්කර්ෂවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අද (28) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබූ අවස්ථාවේ පැවති උත්සව සභාව අමතමිනි.

ජනාධිපති මන්දිරය වෙත පෙරහරින් පැමිණි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.

ඉන් අනතුරුව චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත තිළිණ සහ සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ඇසළ පෙරහර භාරය මගින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරුණු අතර මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථයේ පළමු පිටපතද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙහිදී කතා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ මෙසේය:

"මෙම අවස්ථාව ජාතියක් ලෙස අපිට ඉතා වැදගත් අවස්ථාවක්. අනුරාධපුර යුගයේ කිත්සිරි මෙවන් රජ දවස දන්ත ධාතුන් වහන්සේ වැඩම කළ දින සිට මෙම පෙරහර මංගල්‍ය ඉතා ප්‍රෞඪත්වයෙන් යුතුව පවත්වා තිබෙනවා. මෙවරද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම පෙරහර මංගල්‍යය සමග එක්ව සිටිනවා.

අඛණ්ඩව ශත වර්ෂ ගණනාවක් මෙම දළදා මංගල්‍යය පවතින්නේ අපේ බෞද්ධ ජනතාවත්, ජාතියේ සංස්කෘතියත්, ප්‍රෞඪත්වයත් මේ තුළ ගැබ් වී තිබීම නිසයි. ඒ වගේම දළදා වහන්සේ අපේ රාජ්‍යයේ උරුමය බවට පත්ව තිබෙනවා. අපේ රට විවිධ නියංසායවලට, දුර්භික්ෂවලට මුහුණ දුන්නා. ඒ හැම අවස්ථාවකම දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමේ වගකීම අතීත රජවරු සහ මුතුන් මිත්තන් තම දෙවුරු මත තබා ගත්තා. ඒ නිසා රාජ්‍යත්වයත්, දළදා වහන්සේත් අතර අත්හැරිය නොහැකි බැඳීමක් ඇති ඉතිහාසයක් අපිට තිබෙනවා.

මෙම පෙරහර මංගල්‍ය අත්හැරීම යනු අපේ මුළු ජාතියේම හෘදසාක්ෂිය, අධ්‍යාත්මය සහ ජාතියේ ජීවය මරා දැමීමයි. පසුගිය සමයේ දේශපාලන වේදිකාවල පෙරහර තහනමක් පිළිබඳ සාකච්ඡාවට ලක් වුණා. එවැනි ප්‍රකාශ කිරීම මොනතරම් කුරිරු දේශපාලන ව්‍යාපාරයක්ද. එයින් පෙනෙන්නේ අපේ ජාතියේම අධ්‍යාත්මය මරා දැමීමේ සහ සංස්කෘතියේ පාදම විනාශ කිරීමේ බලයක් හොබවනවා කියන එකයි. මෙම පෙරහර මංගල්‍ය තහනම් කිරීමේ උත්සාහයක් දරනවා කියන ප්‍රකාශයම මොනතරම් විනාශකාරීද. එය කිසිසේත්ම දේශපාලන වේදිකාවක සාකච්ඡාවකට හෝ තර්කයකට හෝ ගත යුතු කරුණක් නොවේ.

ඒ නිසා කිසිවෙකු තමන්ගේ දේශපාලන වේදිකාවක හෝ ආරෝවක් පිරිමසා ගැනීමට හෝ ගැටුම් විදාහ දැක්වීමට කිසිසේත්ම මෙම ඓතිහාසික උරුමය මත කටයුතු කිරීම සාධාරණ නැහැ. ඒ නිසා නැවත කිසි දිනකවත් අපේ රටේ දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතුයි. අපේ ජාතියේ අධ්‍යාත්මය මරා දමන බව, ඓතිහාසික සංස්කෘතික උරුමය, ප්‍රෞඪත්වය සහ ආත්මය විනාශ කරන බව ප්‍රකාශ කිරීම සිදු නොකළ යුතුයි.

ඒ වගේම භද්‍ර යෞවනයේ තරුණයින් විශාල පිරිසක් මේ පෙරහර මංගල්‍යය සමග එක්ව සිටිනවා. අපේ සමාජයේ යහපැවැත්ම රැක ගැනීමට හැකිවෙයිද කියා බියට සහ අභියෝගයකට අපි මුහුණ දී සිටිනවා. එහෙත් පෙරහර මංගල්‍යය දෙස බලා සිටින විට අපිට දැනෙනවා ඒ ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන ඉදිරියට යාමට සමත් යෞවනයන් විශාල පිරිසක් රට තුළ සිටින බව.

මම හිතනවා අපේ අමාත්‍යාංශවල සහ සෑම ආයතනයකම සංස්කෘතික සමාජයක් ගොඩනැගිය යුතුයි. රටේ සෑම සංස්කෘතික අවස්ථාවකටම එම කණ්ඩායම් සහභාගී කරවිය යුතුයි. පාරම්පරික කලා සංගම් රැක ගන්න අතරම ඉන් ඔබ්බට ගොස් රාජ්‍ය අනුග්‍රහය ලබන ප්‍රබල සංස්කෘතික පිබිඳීමක් රටට අවශ්‍ය වෙනවා.

අද ගම්, නියම්ගම් කරා විසුරුණු මත්ද්‍රව්‍ය රකුසාට අපි ජාතියක් ලෙස බිලි වෙමින් තිබෙනවා. මෙය තව දශක දෙක තුනක් ඉදිරියට පැවතුණහොත් සියලු සමාජ සංස්ථා බිඳ වැටෙනවා. මේ රටේ සමාජ පාදම කඩා වැටෙන අභියෝගයකට අපි මුහුණ දෙමින් සිටිනවා. අපේ සංස්කෘතික උරුමය, ප්‍රෞඬත්වය සහ මහපොළව සමග තිබෙන ඓන්ද්‍රීය සබඳතාව රැක ගැනීමට නම් අපි නියත වශයෙන්ම මත්ද්‍රව්‍ය රකුසාට එරෙහි සටන දියත් කළ යුතුයි. මත්ද්‍රව්‍ය මර්ධනය පමණක් නොවෙයි අපේ තරුණ පරපුර නව ආශ්වාදජනක සමාජයකට ගෙන ආ යුතුයි. එහිදී මම හිතනවා දළදා පෙරහර ප්‍රමුඛ කරගත් රට පුරා පැවැත්වෙන පෙරහර මංගල්‍යය ඉතා වැදගත් වෙනවා.

දෙමාපියන්ට, අපේ සමාජයට නව වටිනාකම් හඳුන්වා දිය යුතුයි. අද වටිනාකම් මොනවාද ඇහුවොත් ධනය සහ බලය වටිනාකම් බවට පත්ව තිබෙනවා. ඒ නිසා වටිනාකම්වලට නව අර්ථකථනයක් ලබා දෙමින් අපේ වටිනාකම් අලුත් තැනක පිහිටුවිය යුතුව තිබෙනවා. එකිනෙකා කෙරෙහි ඇති වන මානවවාදී බැඳීම, සංස්කෘතික උරුමය, ඉතිහාසය සමග තිබෙන අත්හැරිය නොහැකි බැඳීම, සහකම්පනය නව වටිනාකම් බවට පත්විය යුතුයි. එසේ නොවුණහොත් අපිට දියුණු රටක් ගොඩනගන්න බැහැ.

ඒ නිසා මේ පෙරහර මංගල්‍යය හුදු අලංකරණය පමණක් නොව, වැදගත් හරයක් අපේ සමාජයට පිළිබිඹු කරනවා. අපි ජාතියක් ලෙස මුහුණ දෙමින් සිටින විනාශකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා නව සමාජ වටිනාකම් පද්ධතියක් සහිත ජාතික පුනරුද යුගයක් ආරම්භ කළ යුතුයි. එසේ නොවුණහොත් අපේ ඇස් ඉදිරිපිට සියල්ල විනාශ වන යුගයක් නිර්මාණය වෙනවා.

මිනිස් ක්‍රියාකාරකම්වල අහිතකර ප්‍රතිඵලයක් ලෙස අද අපේ පරිසර පද්ධතිය විනාශ වෙමින් පවතිනවා. ස්වභාවික ව්‍යසනයන්ට අපිට ජාතියක් ලෙස ඔරොත්තු දිය හැකියි. හැබැයි ස්වභාවික ව්‍යසනයන් මාරාන්තික ව්‍යසනයක් බවට පත් වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට ගෙනයි. ඒ නිසා පරිසරය සහ මිනිසා අතර තිබෙන බැඳීම තහවුරු විය යුතුයි. අද මුළු සමාජයටම ආපසු හැරී අපේ ගමන් මග පිළිබඳ මෙනෙහි කිරිමේ අවස්ථාවක් පැමිණ තිබෙනවා. අපි දෑස් බැඳගෙන අන්ධයින් මෙන් ගමන් කළ යුගය අවසන් කළ යුතුයි. අපි සියලු දෙනා අතීත ආවර්ජනයකට පැමිණ වෙනස් කරගත යුතු තැන් යුහුසුළුව වෙනස් කරමු. අතීතයේ සිදු වූ දේ විමසමින්, යහපත් දේ ආරක්ෂා කර ගනිමින් සහ කිසිදු පැකිළීමකින් තොරව අයහපත් දේ වෙනස් කිරීමට මැදිහත් වෙමු. එම කාර්යභාරය ඉටු කිරීමට එක්වන ලෙස සියලු දෙනාට මම ආරාධනා කරනවා."

මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී වූහ.