LSN News › Sri Lanka

නේපාල ඛේදවාචකයේ වින්දිතයන්ගේ සිරුරු ඉන්දියාවේ ගංගාවලින් හමුවන විට... අතුරුදහන් වූවන්ගෙන් අඩකට ආසන්න පිරිසක් විදුලි සේවකයින්....

නේපාලයේ විනාශකාරී ගංවතුරෙන් ගසාගෙන ආ මෘතදේහ හතක් අනතුර වූ ස්තානයට කිලෝ මීටර 200ක් ඈත ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ගංගාවලින් සොයාගෙන තිබේ. වැඩිම මළ සිරුරු හමුවන චිත්වාන් දිස්ත්‍රික්කය ඇත්තේ අනතුරේ බිහිසුණු ගොදුරු කලාපයට කිලෝ මීටර සියයක් පහළිනි.

LSN Sri Lanka · 29 August 2026

නේපාල ඛේදවාචකයේ වින්දිතයන්ගේ සිරුරු ඉන්දියාවේ ගංගාවලින් හමුවන විට... අතුරුදහන් වූවන්ගෙන් අඩකට ආසන්න පිරිසක් විදුලි සේවකයින්....

නේපාලයේ විනාශකාරී ගංවතුරෙන් ගසාගෙන ආ මෘතදේහ හතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ගංගාවලින් සොයාගෙන තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව, මෙය හිමාලයේ සිට ඉන්දියානු තැනිතලාව දක්වා කිලෝමීටර් 200කට ආසන්න දුරක් ගලාගිය විනාශකාරී ජල ප්‍රවාහයේ බලය පෙන්වන මරණීය සංකේතයක් ලෙස මේ මළ සිරුරු සැලකේ.

අගෝස්තු 28 වැනිදා (සිකුරාදා) නිලධාරීන් AFP ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යවලට පැවසුවේ, නේපාලයේ චිත්වන් ප්‍රදේශයට මායිම්ව ඇති උත්තර් ප්‍රදේශ්හි මහාරාජ්ගඤ්ජ් සහ කුශිනගර් දිස්ත්‍රික්කවල ගංගාවල පාවෙමින් තිබූ මෘතදේහ හතක් සොයාගත් බවය. මේවා බ්‍රහස්පතින්දා (අගෝස්තු 26) නේපාලයේ ඇති වූ අකල් ඇතිවූ ගංවතුරෙන් මියගිය අයගේ බවට සැක කෙරේ.

මහාරාජ්ගඤ්ජ් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ගෞරව් සිං සෝගර්වාල් AFP වෙත පැවසුවේ මෙසේය.

“බ්‍රහස්පතින්දා දිස්ත්‍රික්කයෙන් හඳුනා නොගත් මෘතදේහ හතරක් සොයාගත්තා. නේපාලයේ අකල් ගංවතුරෙන් පසු ඒවා ඉන්දියාවට ගසාගෙන ආ බව අපි සිතනවා”

ඉන්පසු දේශසීමාවෙන් කිලෝමීටර් 70ක් පමණ පහළට ගලා යන කුශිනගර්හි තවත් මෘතදේහ තුනක් සොයාගත් බව පොලිස් නිලධාරියෙක් තහවුරු කළේය. අධිකාරීන් මේවා හඳුනාගැනීමේ කටයුතු කරමින් සිටින අතර නේපාල බලධාරීන් සමග සම්බන්ධ වී සිටී.

ඉන්දීය මායිම් ආරක්ෂක බලකාය වන සශස්ත්‍ර සීමා බල් (SSB) කණ්ඩායම් ගංගාව නිරීක්ෂණය කරමින් සිටියදී මෝටර් බෝට්ටු භාවිතයෙන් සමහර මෘතදේහ ගොඩගත් බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සහ ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කළේය. මුල් වාර්තාවලට අනුව මහාරාජ්ගඤ්ජ්හි ගණ්ඩක් ගඟෙන් කාන්තාවන් දෙදෙනෙකුගේ සහ පිරිමියෙකුගේ මෘතදේහ සොයාගෙන තිබුණි. සමහර වාර්තාවල සමස්තයෙන් කාන්තාවන් පස්දෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු බව සඳහන් වේ. මෘතදේහ මහාරාජ්ගඤ්ජ් දිස්ත්‍රික් රෝහලේ මෘතාගාරයේ තබා ඇත. සමහරක් දැඩි ලෙස කුණුවී තිබූ බව දේශීය වාර්තාවල සඳහන් වේ.

නේපාලයේ නාරායනී ගඟ ඉන්දියාවට ඇතුළු වූ පසු ගණ්ඩක් ගඟ බවට පත්වේ. මෙම ගංගා පද්ධතිය හරහා හිමාලයේ රසුවා ප්‍රදේශයේ සිට චිත්වන් හරහා ඉන්දියානු තැනිතලාව දක්වා ජලය, කුණුකසළ සහ මෘතදේහ ගලාගියේය.

අගෝස්තු 26 වැනිදා උදෑසන 8.37ට පමණ නේපාල–ටිබෙට් දේශසීමාව අසල අයිස් හා පාෂාණ කඩා වැටීමකින් ආරම්භ වූ අකාල ගංවතුර භෝතේකෝෂි / ත්‍රිශූලී ගංගා පද්ධතිය හරහා ගලා ගොස් රසුවාගඩි, ස්‍යාබ්‍රුබේසි ඇතුළු ප්‍රදේශ විනාශ කර, පාලම් සහ ජල විදුලි ව්‍යාපෘති රැසක් බිඳ දැමීය.

නේපාලයේ ජාතික ආපදා අවදානම් අඩු කිරීමේ හා කළමනාකරණ අධිකාරිය (NDRRMA) සිකුරාදා සවස් වන විට රට තුළ මෘතදේහ 579ක් සොයාගත් බව ප්‍රකාශ කළේය. සෙනසුරාදා උදේ සමස්ත මෘතදේහ සංඛ්‍යාව සමහර වාර්තාවල 586 දක්වා ඉහළ ගොස් ඇත. ඒ චීනයේ ටිබෙට්හි මරණ 7ක් එකතු කිරීමෙනි.

විදුලි සේවකයින්ගේ ඛේදවාචකය

අතුරුදන් වූවන් 1,924ක් ලෙස සටහන් විය. නේපාලයේ ජාතික අපදා අවදානම් අඩු කිරීමේ හා කළමනාකරණ අධිකාරිය ( NDRRMA ) සිකුරාදා සවස 7ට දුන් නිල යාවත්කාලීනය අනුව අතුරුදන් 1,924 තුළ අඩකට ආසන්න සංඛ්‍යාවක් ජල විදුලි සේවකයන්ය.

නේපාලයේ ජාතික ආපදා අවදානම් අඩු කිරීමේ හා කළමනාකරණ අධිකාරිය (NDRRMA) සිකුරාදා සවස් වන විට නිකුත් කළ යාවත්කාලීනයට අනුව, ගංවතුරෙන් අතුරුදන් වූවන් අතර ජල විදුලි ව්‍යාපෘතිවල සේවකයින් 933ක් ඇතුළත් වේ. නේපාලයේ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ගේ සංගමය (IPPAN) ද බලපෑමට ලක් වූ ව්‍යාපෘති 11ක සේවකයින් 934ක් තවමත් සම්බන්ධ විය නොහැකි බව ප්‍රකාශ කළේය.

•මෙයින් වැඩිම පිරිසක් රසුවා දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති හයකින් වන අතර එම සංඛ්‍යාව 730කි.

•ඉන් ඉදිකෙරෙමින් පැවති මෙගාවොට් 216ක Upper Trishuli-1 ව්‍යාපෘතියෙන් පමණක් 576ක් අතුරුදන්ව සිටිති. Upper Trishuli-1 ව්‍යාපෘතියේ ආපදාව සිදුවන විට සේවකයින් 1,350ක් පමණ සේවයේ යෙදී සිටි බව IPPAN ජ්‍යෙෂ්ඨ උප සභාපති උත්තම් භ්ලෝන් පැවසීය. පහත මුල් ඡායාරූපයෙන් දැකවෙන්නේ විනාශයට පෙර බලාගාරය දිස්වූ ආකාරය.දෙවැනි ඡායාරූපය විනාශයෙන් පසු බලාගාර භූමිය පැවති අයුරු පෙන්වයි.

•නුවාකොට් දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති පහකින් තවත් 204ක් සොයාගත නොහැකිව ඇත. Rasuwagadhi, Langtang Khola, Chilime සහ Upper Trishuli-3B ඇතුළු ව්‍යාපෘතිවලින්ද සේවකයින් අතුරුදන් වී තිබේ.

යාවත්කාලීන කිරීම

කෙසේ වෙතත් අද(29) උදෑසනවනවිට නේපාලයේ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ගේ සංගමය (IPPAN) පැවසුවේ මුලින් සම්බන්ධ විය නොහැකි වූ 933 දෙනාගෙන් 254ක් බේරාගෙන ඇති බවය. තවත් සමහරුන් සමග සම්බන්ධතා ඇති කරගෙන තිබේ.

මේ අනුව තවමත් 650කට වැඩි පිරිසක් සොයාගත නොහැකිය. නේපාලයේ ජාතික අපදා අවදානම් අඩු කිරීමේ හා කළමනාකරණ අධිකාරියේ ( NDRRMA )වාර්තාවකට අනුව ජල විදුලි උමඟකින් 191ක් බේරාගෙන තිබේ. කෙසේ වෙතත්, මාර්ග හා සන්නිවේදන පද්ධති විනාශ වී ඇති නිසා සමහර සේවකයින් උමං මාර්ග තුළ සිරවී සිටිය ද සොයා ගත නොහැකි අවදානමකට ගලවා ගැනීමේ කණ්ඩායම් මුහුණ දී ඇත.

වැඩිම මෘතදේහ කිලෝ මිටර සියයක් පහළ චිත්වන් දිස්ත්‍රික්කයෙන්...

චිත්වන් දිස්ත්‍රික්කයේ වැඩිම මෘතදේහ ප්‍රමාණයක් සොයාගෙන තිබේ. එක් අවස්ථාවකදී එය 233ක් දක්වා ඉහළ ගියේය. නවල්පරාසි නැගෙනහිර, ගෝර්ඛා, ධාදිං, නුවාකොට් ආදී දිස්ත්‍රික්කවලින්ද මෘතදේහ සොයාගෙන ඇත. බරත්පූර් ඇතුළු රෝහල්වල මෘතාගාර පිරී ගොස් තිබේ.

උත්තර් ප්‍රදේශ්හි මහාරාජ්ගඤ්ජ් සහ කුශිනගර් දිස්ත්‍රික්ක අධික අනතුරු ඇඟවීමේ තත්ත්වයක පවතින අතර ගණ්ඩක් ගඟේ ජල මට්ටම නිරීක්ෂණය කෙරේ. ගඟේ ජල ප්‍රවාහය පසුව අඩු වී ඇති බවත් ප්‍රදේශයේ තත්ත්වය සාමාන්‍ය වෙමින් පවතින බවත් දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා පැවසීය.

මෙම සොයාගැනීම් නේපාලයේ ගංවතුරේ පරිමාණය පමණක් නොව, හිමාලයේ සිට නේපාලය හරහා ඉන්දියාවට ගලා යන දක්වා වූ ජල ප්‍රවාහයේ වේගය සහ බලයද පෙන්නුම් කරයි. හඳුනාගැනීමේ කටයුතු අවසන් වන තුරු මෘතදේහවල අනන්‍යතාවය තහවුරු වී නැත