නීතියෙන් රිංගා කොක්පිට් එකට රිංගන ගංජා ගහන, කුඩු ගහන, බේබදු, කපිතාන් ගුඩ්ඩෝ....
ජාත්‍යාන්තර තොරතුරු ජාලා මගින් සත්‍යාපිතව අනාවරණය කළ තොරතුරු අනුව ලොව ප්‍රමුඛ පෙළේ මගී ගුවන් සමාගම්වල සේවය කරන පළපුරුදු ගුවන් නියමුවන් මත්ද්‍රව්‍ය හා අධික ලෙස මධ්‍යසාර පානය කර ගුවන් යානා මෙහෙයවීමට තැත් කිරීම සහ ගුවන් යානා මෙහෙයවිම සම්බන්ධ සිදුවීම් ගණනාවක් අනාවරණය වෙමින් ඇත.
LSN Sri Lanka ·

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය උවදුර යනු හුදෙක් වීදි පුරා පැතිරුණු සමාජ විනාශයක් පමණක් නොව, රටේ ප්‍රධාන ආරක්ෂක යාන්ත්‍රණයන්ගේ පදනම පවා සොලවා දමමින් පවතින බිහිසුණු ප්‍රවාහයකි. ජාතියක් ලෙස අප මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා සියලු තලයන්හි තියුණු සංවාදයක හා මෙහෙයුම්වල නිරතව සිටින පසුබිමක, ඉන් එහා ගිය භයානක තත්ත්වයක් අනාවරණය වෙමින් පවතී. තේරුම්ගත යුත්තේ එම තත්ත්වයන් මේ දිවයිනට පොදු වූවක් නොව ලෝකය වසාගෙන පැතිරෙන බිහිසුණු ප්‍රවණතාවයක දේශීය ප්‍රකාශන බවය.

මෑතකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් විය. එම සිදුවීමේ ඇති වඩාත්ම බරපතළ සහ භයානක කාරණය වන්නේ, ඉන් එක් නියමුවෙකු මීට පෙර සිදු වූ ගුවන් අනතුරක් හේතුවෙන් විමර්ශනයකට ලක්ව සිය රාජකාරිය වන ගුවන් යානා පැදවීම අත්හිටවූ අයෙකු වීමය. ඔහු නැවත පොලිසියට හසුවනවිට අයිස් ගසා සිටියේය. ඔහුගේ සගයා වූ ගුවන් නියමුවා ද සිටියේ අයිස් මතිනි. උන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියහ. අප කම්පාවූයේ අපේ ආරක්ෂක හමුදා පද්ධතියේ ඉහළම වගකීම් දරන තැන සිදුවන කුජීතවීම ගැනය.

එහෙත් මේ තත්ත්වය පිළිබඳ ලෝක මට්ටමින් මේ වනවිට බිහිසුණු වාර්තා අනාවරණය වෙමින් තිබේ. ජාත්‍යාන්තර තොරතුරු ජාලා මගින් සත්‍යාපිතව අනාවරණය කළ තොරතුරු අනුව ලොව ප්‍රමුඛ පෙළේ මගී ගුවන් සමාගම්වල සේවය කරන පළපුරුදු ගුවන් නියමුවන් මත්ද්‍රව්‍ය හා අධික ලෙස මධ්‍යසාර පානය කර ගුවන් යානා මෙහෙයවීමට තැත් කිරීම සහ ගුවන් යානා මෙහෙයවිම සම්බන්ධ සිදුවීම් ගණනාවක් අනාවරණය වෙමින් ඇත.

ජාත්‍යන්තර අහස් තලය හදවත් ගැස්සවූ මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර අනාවරණයන්
පියාසර කිරීමට මොහොතකට පෙර හෝ ගුවන් ගමන අතරතුර ගුවන් නියමුවන් මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර භාවිතයෙන් සිහිසුන්ව සිටියදී හසු වූ සිදුවීම් රැසක් මෑත කාලයේදී වාර්තා වී ඇත.

ඊසිජෙට් (easyJet) සහ ජපන් එයාර්ලයින්ස් හි අර්බුදය:

ලොව පුරා දැඩි අවධානයට ලක්වූ ප්‍රධානම සිදුවීම වාර්තා වූයේ ලන්ඩන් හිත්‍රෝ (Heathrow) ගුවන් තොටුපොළෙනි. ජපන් එයාර්ලයින්ස් හි 42 හැවිරිදි සහකාර ගුවන් නියමුවෙකු වූ කට්සුතෝෂි ජිට්සුකාව (Katsutoshi Jitsukawa) 2018 වසරේදී ලන්ඩන් සිට ටෝකියෝ දක්වා මගීන් සිය ගණනක් රැගෙන යාමට නියමිතව තිබූ බෝයිං 777 (Boeing 777) ගුවන් යානය මෙහෙයවීමට පැමිණ සිටියේය.

නීතිමය සීමාව මෙන් 10 ගුණයක් මධ්‍යසාර: ගුවන් යානයට ගොඩවීමට පෙර නියමුවා රැගෙන ආ විශේෂ බස් රථයේ රියදුරාට නියමුවාගෙන් අධික මත්පැන් දුගඳක් හමන බව දැනී වහාම ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ වෙත දැනුම් දුන්නේය. පොලිසිය මගින් සිදු කළ රුධිර පරීක්ෂාවේදී හෙළි වූයේ, ඔහු නීතිමය සීමාව වන රුධිර මිලිලීටර 100 කට මධ්‍යසාර මිලිග්‍රෑම් 20 සීමාව මෙන් 10 ගුණයක් (මිලිග්‍රෑම් 189 ක්) ශරීරගත කරගෙන සිටි බවයි.

අභ්‍යන්තර පරීක්ෂණ වංචා කිරීම: ගුවන් ගමනට පෙර ජපන් එයාර්ලයින්ස් ආයතනය මගින් සිදු කළ අභ්‍යන්තර ඇල්කොහොල් පරීක්ෂණයෙන් ඔහු කූට ලෙස බේරී තිබූ අතර, ගුවන් යානයට ගොඩවීමට මිනිත්තු කිහිපයකට පෙර ලන්ඩන් පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

දඬුවම සහ ප්‍රතිඵලය: අධිකරණය හමුවේ වරදකරු වූ ජිට්සුකාවට බ්‍රිතාන්‍ය අධිකරණය විසින් මාස 10 ක සිරදඬුවමක් නියම කළේය. මෙම සිදුවීමෙන් පසු ජපන් එයාර්ලයින්ස් ආයතනයේ සභාපතිවරයා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය ප්‍රසිද්ධියේ ජාතියෙන් සමාව අයැද සිටි අතර, ඔවුන්ගේ වැටුප් කපා හැරීමටද පියවර ගැනුණි. ජපාන ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ජපන් එයාර්ලයින්ස් සමාගමට දැඩි ලෙස අවවාද කරමින් ගුවන් නියමුවන් සඳහා අනිවාර්ය නව මත්පැන් පරීක්ෂණ නීති පැනවීය.

මීට අමතරව, ජපන් එයාර්ලයින්ස් හි තවත් නියමුවන් කිහිපදෙනෙකුම හොංකොං, හොනොලුලු සහ ඇමෙරිකාව වැනි රටවලදී ගුවන් ගමන්වලට පෙර මධ්‍යසාර පානය කර සිටියදී හසු වූ අතර, ඇතැම් සිදුවීම් නිසා ගුවන් ගමන් පැය ගණනින් ප්‍රමාද කිරීමට සිදු විය.

ට්‍රාන්ස් අත්ලාන්තික් ගුවන් ගමනට පෙර හසු වූ ඩෙල්ටා එයාර්ලයින්ස් නියමුවා:

ජාත්‍යන්තර ගුවන් සේවා ඉතිහාසයේ ගුවන් ආරක්ෂණ නීති පද්ධතිය සහ නියමුවන්ගේ වෘත්තීය විනය පිළිබඳ දැඩි ලෙස කතාබහට ලක්වූ සිදුවීමක් වන්නේ ඩෙල්ටා එයාර්ලයින්ස් (Delta Air Lines) සමාගමේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙකු වූ 63 හැවිරිදි ලෝරන්ස් රසල් ජූනියර් (Lawrence Russell Jr.) අත්අඩංගුවට පත්වීමේ සිද්ධියයි. එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් ගුවන් තොටුපොළේදී සිදු වූ මෙම බිහිසුණු පුවත, අහස් තලයේ මගී සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලොව පුරා දැඩි කම්පනයක් ඇති කිරීමට සමත් විය.

සිදුවීම සිදු වූ ආකාරය සහ අත්අඩංගුවට ගැනීම - 2023 වසරේ ජූනි මස 16 වන දින පෙරවරු කාලයේදී එඩින්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නිව්යෝර්ක් හි ජෝන් එෆ්. කෙනඩි (JFK) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පියාසර කිරීමට නියමිතව තිබුණේ DAL142 දරන ඩෙල්ටා එයාර්ලයින්ස් ගුවන් යානයයි. බෝයිං 767 (Boeing 767) වර්ගයේ මෙම දැවැන්ත මගී ගුවන් යානයේ ප්‍රධාන කප්පිතවරයා (Captain) ලෙස කටයුතු කිරීමට පැමිණ සිටියේ ඇමෙරිකානු ජාතික ලෝරන්ස් රසල් ජූනියර්ය.

ගුවන් යානය ගුවන්ගත වීමට නියමිතව තිබූ වේලාවට ආසන්නව, පෙ.ව. 10:00 ට පමණ ගුවන් යානා කාර්ය මණ්ඩලය සඳහා වන විශේෂ එක්ස්-රේ (X-ray) ආරක්ෂක පරීක්ෂා කිරීමේ අංශයේදී ආරක්ෂක නිලධාරීන්ගේ සැකය මෙම ගුවන් නියමුවා වෙත යොමු විය. ඔහුගේ අතේ තිබූ ගමන් බෑගය (Hand luggage) පරීක්ෂා කිරීමේදී, ඒ තුළ අඩක් පානය කර තිබූ ජිගර් (Jigger) මධ්‍යසාර බෝතල් දෙකක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

එහිදී එම ස්ථානයට කැඳවන ලද ස්කොට්ලන්ත පොලිස් නිලධාරීන් විසින් ඔහුව ඇල්කොහොල් පරීක්ෂාවකට (Breathalyzer test) ලක් කරන ලද අතර, එහිදී ඔහු නීතිමය සීමාවන් බරපතළ ලෙස ඉක්මවා මධ්‍යසාර පානය කර ඇති බව සනාථ විය. ඒ අනුව, මගීන් සිය ගණනක් රැගෙන අත්ලාන්තික් සාගර හරහා පියාසර කිරීමට මිනිත්තු කිහිපයක් තිබියදී, ගුවන් යානයට ගොඩවීමට ආසන්නව සිටි කප්පිත ලෝරන්ස් රසල් ජූනියර් ස්ථානයේදීම අත්අඩංගුවට ගන්නා ලදී. මෙම හදිසි අත්අඩංගුවට ගැනීමත් සමග අදාළ ගුවන් ගමන වහාම අවලංගු කිරීමට ඩෙල්ටා සමාගමට සිදු විය.

ගුවන් සේවා නීතියට අනුව, එක්සත් රාජධානියේ ගුවන් යානයක් මෙහෙයවීමේදී නියමුවෙකුගේ රුධිරයේ තිබිය හැකි උපරිම මධ්‍යසාර සීමාව වන්නේ රුධිර මිලිලීටර 100 කට මධ්‍යසාර මිලිග්‍රෑම් 20 කි. (මෙය සාමාන්‍ය මෝටර් රථ ධාවකයෙකු සඳහා වන නීතිමය සීමාව වන මිලිග්‍රෑම් 50 ටත් වඩා බෙහෙවින් අඩු, දැඩි සීමාවකි).

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වූයේ, ලෝරන්ස් රසල්ගේ රුධිරයේ මිලිලීටර 100 කට මධ්‍යසාර මිලිග්‍රෑම් 49 ක් අඩංගු වී තිබූ බවයි. එනම් ඔහු ගුවන් යානය පියාසර කරවීමට පැමිණ ඇත්තේ නීතියෙන් අනුමත උපරිම සීමාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි මධ්‍යසාර ප්‍රමාණයක් ශරීරගත කර ගනිමින් වෙරිමරගාතයේ ය.

අධිකරණ තීන්දුව සහ බන්ධනාගාර දඬුවම - මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්කොට්ලන්තයේ පේස්ලි ෂෙරිෆ් අධිකරණය (Paisley Sheriff Court) හමුවේ නඩුව විභාග විය. එහිදී අත්ලාන්තික් සාගරය හරහා පැය 7 කට ආසන්න දීර්ඝ ගුවන් ගමනක නිරත වීමට සිටි මගීන් 200 කට ආසන්න සංඛ්‍යාවකගේ සහ සමස්ත කාර්ය මණ්ඩලයේ ජීවිත දැඩි මාරක අනතුරකට ලක් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය ඔහුගේ හැසිරීම දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළේය.

නඩුව විභාග කළ විනිසුරු ඇලිසන් ස්ටර්ලින්ග් (Sheriff Alison Sterling) සඳහන් කළේ, ගුවන් නියමුවෙකු ලෙස ඔහු වෙත පැවරී තිබූ මහා වගකීම සහ විශ්වාසය ඔහු විසින් සම්පූර්ණයෙන්ම කඩ කර ඇති බවය. ඔහු මධ්‍යසාරයට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු බව නඩු විභාගයේදී අනාවරණය වූ අතර, පසුව ඔහු පුනරුත්ථාපන වැඩසටහනකටද යොමු වී තිබුණි.

2024 මාර්තු මාසයේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය විසින් ලෝරන්ස් රසල් ජූනියර්ට මාස 10 ක සිරදඬුවමක් නියම කරන ලදී. එමෙන්ම, ඩෙල්ටා එයාර්ලයින්ස් සමාගම විසින් ඔහුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා ලදී.

අලුත්ම වාර්තාව - නැගිටින්න බැරි තරම්ට ගංජා ගැසූ නියමුවා

2026 අගෝස්තු මස 04 වන දින එයාර් ඉන්ඩියා (Air India) සමාගමට අයත් මගී ගුවන් යානයක බරපතළ අනතුරක් වාර්තා විය. තායිලන්තයේ ෆුකෙට් (Phuket) සිට ඉන්දියාවේ නව දිල්ලි බලා පියාසර කරමින් තිබූ AI2379 දරන මෙම ගුවන් යානය, අහස් තලයේදී හදිසියේම අඩි 300 කින් (මීටර් 90 කින්) පල්ලමට ඇදවැටීමට ලක්වූ අතර, පසුව කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ යානයේ ප්‍රධාන කපිතාන්වරයා (Pilot-in-Command) බරපතළ ලෙස ගංජා (Marijuana/Cannabis) භාවිත කර සිටි බවයි.

මාරක ඇදවැටීම සහ මගීන් මුහුණ දුන් ඛේදනීය අත්දැකීම - අදාළ ගුවන් ගමන සඳහා Airbus A320neo වර්ගයේ අතිනූතන මගී ගුවන් යානයක් යොදවා තිබූ අතර, එහි මගීන් 137 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු ඇතුළුව ජීවිත 145 ක් ගමන් කරමින් සිටියහ.

ගුවන් යානය අහස් තලයේ පියාසර කරමින් තිබියදී කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව එකවරම අඩි 300 ක් පහළට කඩාවැටීමට ලක් විය. මෙම හදිසි සහ දැඩි කැලඹීම (Severe Turbulence / Sudden Altitude Drop) හේතුවෙන් ගුවන් යානය ඇතුළත දැවැන්ත අවුල් ජාලාවක් නිර්මාණය වූ අතර, ආසන පටි පළඳ නොසිටි මගීන් සහ සේවයේ නිරතව සිටි ගුවන් සේවිකාවන් යානයේ සිවිලිමේ සහ ආසනවල වැදී විසිවී ගියහ.

මෙම මාරක ඇදවැටීම හේතුවෙන්: මගීන් 20 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 24 දෙනෙකු බරපතළ ලෙස තුවාල ලැබූහ.

තුවාල ලැබූවන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ වූ බැවින් යානය ගොඩබැස්සවූ වහාම රෝහල් ගත කිරීමට සිදු විය.

සහාය නියමුවාගේ වීර වික්‍රමය - අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ ප්‍රධාන කප්පිතවරයා (Pilot-in-Command) කොක්පිට් එක (Cockpit) තුළ අසාමාන්‍ය ලෙස හැසිරෙමින්, පාලනය කරගත නොහැකි ලෙස අඩපණ වී සිට ඇති බව පසුව අනාවරණය විය. යානය ගොඩබැස්සවීමෙන් පසුව ගුවන් කාර්ය මණ්ඩලය ලබා දුන් සාක්ෂිවලට අනුව, අදාළ ප්‍රධාන නියමුවාට එම අවස්ථාවේදී කෙලින් ඇවිද ගැනීමට පවා නොහැකි අයුරින් දැඩි ලෙස මත් වී සිටි බව තහවුරු විය.

නමුත්, මහා විනාශයකින් ජීවිත 145 ක් බේරාගැනීමේ ගෞරවය හිමිවූයේ යානයේ සිටි සහාය නියමුවාට (Co-pilot) ය. ප්‍රධාන නියමුවා අඩපණව සිටින බව වහා වටහාගත් සහාය නියමුවා, ක්ෂණිකව ක්‍රියාත්මක වී ගුවන් යානයේ සම්පූර්ණ පාලනය තම භාරයට ගැනීමට සමත් විය. ඔහුගේ විශිෂ්ට වෘත්තීය නිපුණතාව සහ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව නිසා, අඩපණ වූ යානය ආරක්ෂිතව නව දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත නිරුපද්‍රිතව ගොඩබැස්සවීමට හැකි විය.

පරීක්ෂණ වාර්තා: ගංජා භාවිතය සනාථ වෙයි - ගුවන් යානය ගොඩබැස්සවීමෙන් පසු එයාර් ඉන්ඩියා ගුවන් සේවයේ සහ ගුවන් තොටුපොළ වෛද්‍ය බලධාරීන් විසින් සිදු කරන ලද සම්මත පරීක්ෂණවලදී පූජනීය වගකීමක් පැ පැවරී තිබූ ප්‍රධාන නියමුවාගේ සැබෑ තත්ත්වය අනාවරණය විය.

මූලික පරීක්ෂණය: ඔහුගෙන් ලබාගත් මුල් ඛේට සාම්පල පරීක්ෂාවේදී (Saliva test) මත්ද්‍රව්‍ය ශරීරගත වී ඇති බවට සැකසහිත සාධක මතුවිය.

ස්ථිර රසායනාගාර පරීක්ෂණය (Confirmatory Test): ඉන් අනතුරුව සිදු කරන ලද විශේෂිත රසායනාගාර පරීක්ෂණයේදී අදාළ ප්‍රධාන නියමුවා ගුවන් ගමනට පෙර ගංජා (Marijuana / Cannabis) භාවිත කර ඇති බව තහවුරු විය.

වත්මන් පරීක්ෂණ සහ තාක්ෂණික සැකය - මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ගුවන් අනතුරු පරීක්ෂණ කාර්යාංශය (Aircraft Accident Investigation Bureau - AAIB) මගින් මේ වන විට උසස් මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පරීක්ෂණ නිලධාරීන්ගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ පහත කරුණු කෙරෙහිය: නියමුවා ගංජා පානය කර සිටි බව තහවුරු වී තිබුණද, යානය එකවරම අඩි 300 කින් පහළට කඩාවැටීමට හේතුව ඔහු මත්පැන්/මත්ද්‍රව්‍ය මතින් සිදුකළ වැරදි කොක්පිට් පාලනයක්ද?

නැතහොත්, යානයේ හයිඩ්‍රොලික් පීඩනය බිඳවැටීම (Hydraulic failure) වැනි බරපතළ තාක්ෂණික දෝෂයක් සහ නියමුවාගේ සිහිමුසෝපත්වීම යන කරුණු දෙකම එකවර බලපෑවේද?

මේ වන විට චෝදනා ලැබූ ප්‍රධාන නියමුවාගේ ගුවන් නියමු බලපත්‍රය අත්හිටුවා ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට පියවර ගෙන ඇත.

ඉන්දීය ගුවන් සේවා බලධාරීන්ගෙන් දැඩි නව නීති - එයාර් ඉන්ඩියා යානයට මුහුණ දීමට සිදු වූ මෙම බිහිසුණු අත්දැකීමත් සමග, ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය (DGCA) විසින් රටේ සියලුම වාණිජ ගුවන් සමාගම් සඳහා අතිශය දැඩි නව නීති පැනවීමට තීරණය කර ඇත.

ඒ අනුව, ඉන්දියාවේ සේවය කරන සියලුම වාණිජ ගුවන් නියමුවන් වසරකට වරක් අනිවාර්යයෙන්ම 100% අනිවාර්ය මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට (Annual Random Dope Test) ලක් කිරීමේ පද්ධතියක් සම්පාදනය කරමින් පවතියි.

ගුවන් නියමුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව සහ ඊට එරෙහිව නීති පැනවූ ඉතිහාස කතාව අඩුම තරමින් දශක තුනකට වඩා පැරණිය . ගුවන් නියමුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව නෛතික ප්‍රතිපාදන තියුණු ලෙස ගෙනා සිද්ධිය වාර්තා වන්නේ 1990 මාර්තු මාසයේ දී ය. එය නෝර්ත්වෙස්ට් ගුවන් සේවයේ (Northwest Airlines Flight 650) ඓතිහාසික නඩුකරය ය. ඒ සිද්ධිය මෙසේය.

ෆාගෝ සිට මිනියාපොලිස් දක්වා මගීන් 91 දෙනෙකු රැගෙන ගිය යානයක ප්‍රධාන නියමුවා ඇතුළු නියමුවන් තිදෙනෙකු ගුවන් ගමන නිමා වීමෙන් පසු අත්අඩංගුවට පත් විය. අනාවරණය වූ යේ මොවුන් ගුවන් ගමනට පෙර දින රාත්‍රියේ බාර් එකක දැඩි ලෙස මත්පැන් පානය කර තිබූ අතර, පසුදින යානය පදවන අවස්ථාවේදී ද ඔවුන්ගේ රුධිරයේ මත්පැන් ප්‍රතිශතය නීති විරෝධී මට්ටමක පැවතුණු බවය.

නඩු විභාගයේ දී නියමුවන් තර්ක කළේ තමන් යානය ඉතා සුමටව (Smoothly) ගොඩබැස්සවූ බැවින් තමන්ගෙන් වරදක් නොවූ බවය. නමුත් ඇමරිකානු අධිකරණය එය ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර අවලංගු කර ඔවුන්ට සිරදඬුවම් නියම කළේය. මෙය මත්ද්‍රව්‍ය/මත්පැන් භාවිත කර වාණිජ යානා පැදවීමට එරෙහිව ෆෙඩරල් නීතිය තදින්ම ක්‍රියාත්මක වූ පළමු ප්‍රධාන අවස්ථාවකි.

මෙවැනි සිදුවීම් නිසා වර්තමානයේ ලොව පුරා ගුවන් සේවාවන්, නියමුවන් ගුවන් ගත වීමට පෙර මෙන්ම ගුවන් ගමනෙන් පසුව ද අහඹු ලෙස සිදුකරන මත්ද්‍රව්‍ය පරීක්ෂණ (Random Dope Tests) ඉතා දැඩි කර ඇත. ඒ මොන නීති තිබුණ ද මේ වනවිටත් මේ නීතිවලින් රිංගන බේබද්දෝ, කුඩු කාරයෝ, ගංජාකාරයෝ කොක්පිට් එක තුළ වෙති. මේ අවදානම පහකිරීම නීතියට වඩා වගකීම් සහගත ස්වයං විනයකින් සිදුවිය යුතුව ඇත.