LSN News › Sri Lanka

අල්ලස් කොමිසමේ නිලධාරීන් රවී ගේ නිවසට – මන්ත්‍රී පාර්ශ්වයෙන් පැහැදිලි කිරීමක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) නිලධාරී කණ්ඩායමක් අද (අගෝස්තු 29) උදෑසන ගොස් තිබේ.

LSN Sri Lanka · 29 August 2026

අල්ලස් කොමිසමේ නිලධාරීන් රවී ගේ නිවසට – මන්ත්‍රී පාර්ශ්වයෙන් පැහැදිලි කිරීමක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) නිලධාරී කණ්ඩායමක් අද (අගෝස්තු 29) උදෑසන ගොස් තිබේ.

ජනමාධ්‍ය වාර්තා කළේ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඒ අනුව පැමිණ නොසිටීම හේතුවෙන් නිලධාරීන් නිවස වෙත ගිය බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයාගේ සමීපතමයෙක් කියා සිටියේ රවී කරුණානායක කිසිසේත්ම අල්ලස් කොමිසම මගහැරීමක් සිදු කර නොමැති බවය.

විමර්ශනයකට අදාළව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් ලැබී තිබුණද, අදාළ දිනයේ පැමිණීමට නොහැකි බැවින් නීතිඥයන් හරහා වෙනත් දිනයක් ඉල්ලා ඇති බවත්, එලෙස නව දිනයක් ලබාදීමට කොමිසම එකඟ වී ඇති බවත් එම පාර්ශ්වය පැවසීය. නිලධාරීන් නිවසට පැමිණ ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේ බවද ඔවුහු සඳහන් කළහ.

මන්ත්‍රීවරයා ඉදිරි දිනකදී කොමිසම හමුවේ පෙනී සිටින බවට ඔහුගේ නීතිඥවරුන් පවසන බවද එම පැහැදිලි කිරීමේදී සඳහන් විය.