උපදෙස් නොසලකා කළ වැඩේ වරදී: යටිනුවර විවිධ සේවා සමුපකාරයේ මහ සභාව වහාම අත්හිටුවීමට කොමසාරිස්ගෙන් නියෝග!
කොමසාරිස්වරියගේ උපදෙස් නොසලකා හරිමින් සහ අතුරු ව්‍යවස්ථාවට පිටින් යමින්, සී/ස යටිනුවර මැද පළාත විවිධ සේවා සමුපකාර සමිතියේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ප්‍රාදේශික මහා සභා රැස්වීම් වහාම අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් හා රෙජිස්ට්‍රාර් එම්.පී. ඩබ්ලියු. ශිරෝමණී මහත්මිය එම සමිතියේ සභාපති සහ ලේකම්වරයා වෙත ලිඛිතව නියෝග කර තිබේ.
LSN Sri Lanka ·

කොමසාරිස්වරියගේ උපදෙස් නොසලකා හරිමින් සහ අතුරු ව්‍යවස්ථාවට පිටින් යමින්, සී/ස යටිනුවර මැද පළාත විවිධ සේවා සමුපකාර සමිතියේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ප්‍රාදේශික මහා සභා රැස්වීම් වහාම අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් හා රෙජිස්ට්‍රාර් එම්.පී. ඩබ්ලියු. ශිරෝමණී එම සමිතියේ සභාපති සහ ලේකම්වරයා වෙත ලිඛිතව නියෝග කර තිබේ.

අදාළ සමිතිය විසින් 2026.08.29 සහ 2026.09.04 යන දිනවල පැවැත්වීමට සංවිධානය කර තිබූ ප්‍රාදේශික මහා සභා රැස්වීම්, පිළිගත් අතුරු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව සැලසුම් කර නොමැති බවට ලැබුණු පැමිණිලි පරික්ෂා කිරීමේදී අනාවරණය වී ඇත. එමෙන්ම මෙම මහා සභාවාරය පැවැත්වීමට එරෙහිව විශාල මහජන විරෝධතාවයක් ද ඇති වී තිබිණි. යටි නුවර සමූපාකාර සුරැකීමේ සංවිධානය විසින් පිළිමතලාව යටිනුවර මැද පලාත විවිධ සේවා සමූපකාර සමිතිය ඉදිරිපිට අද මෙම මහා සභඊාවට එරෙහි විරෝධතාවයක් ද සංවිධානය කළේය.

ප්‍රාදේශික සංස්ථාපන කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් 2026.08.05 සහ 2026.08.21 යන දිනැති ලිපි මගින් සමිතියේ ලේකම්වරයා දැනුවත් කර තිබියදීත්, එම උපදෙස් සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් අතුරු ව්‍යවස්ථා විරෝධී ලෙස මෙම රැස්වීම් පැවැත්වීමට කටයුතු කර ඇති බව කොමසාරිස්වරිය පෙන්වා දෙයි.

ඒ අනුව, 2026.08.29 සහ 2026.09.04 දිනවල අදාළ රැස්වීම් නොපවත්වන ලෙසත්, අතුරු ව්‍යවස්ථාවේ සඳහන් නියමයන්ට හා කාලසීමාවන්ට අනුකූලව නැවත ඒවා සංවිධානය කරන ලෙසත් දැනුම් දී ඇති අතර, මේ පිළිබඳව සියලු ප්‍රාදේශික කාරක සභා ලේකම්වරුන් වහාම දැනුවත් කරන ලෙස ද උපදෙස් දී ඇත.

තවද, බලධාරීන්ගේ දැනුම්දීම් සහ අතුරු ව්‍යවස්ථා ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් නීත්‍යානුකූල නොවන අන්දමින් මෙම රැස්වීම් පැවැත්වීමට කටයුතු කළහොත්, ඒ සඳහා දැරීමට සිදුවන සියලු වියදම් ඊට වගකිව යුතු පාර්ශවයන්ගෙන් පුද්ගලිකව අයකර ගැනීමට කටයුතු කරන බවට ද සමුපකාර සංවර්ධන කොමසාරිස්වරිය වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.