LSN News › Sri Lanka

සේවක වර්ජන නිසා සෙවනගල සිනි කර්මාන්ත ශාලාව දින නියමක් නැතිව වසා දමයි!

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය අද (29) තීරණය කළේය. සමාගමේ නිවේදනය කළේ , අගෝස්තු 25 වනදා පස්වරු 2.00 සිට සේවක පිරිසක් රාජකාරිවලින් බැහැරව නිෂ්පාදන කටයුතු වර්ජනය කර තිබුණු බවය.

LSN Sri Lanka · 29 August 2026

සේවක වර්ජන නිසා  සෙවනගල සිනි කර්මාන්ත ශාලාව දින නියමක් නැතිව වසා දමයි!

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය අද (29) තීරණය කළේය.

සමාගමේ නිවේදනය කළේ , අගෝස්තු 25 වනදා පස්වරු 2.00 සිට සේවක පිරිසක් රාජකාරිවලින් බැහැරව නිෂ්පාදන කටයුතු වර්ජනය කර තිබුණු බවය.

මේ තත්ත්වය තුළ මූල්‍ය අලාභය අවම කිරීමට 26 සහ 27 දින අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සේවකයින්ට නිවාඩු ලබා දී ඇත්තේ , 28 වනදා නැවත නිශ්පාදන කටයුතු ආරම්භ කිරීමේ සැලසුම සමගය.

එසේ තිබියදිත් 28 වැනි දා ද කර්මාන්ත ශාලාවේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු සේවකයින් විසින් සුපුරුදු පරිදි සේවක වැඩ වර්ජනය තවදුරටත් පවත්වා ගෙන යාම හේතුවෙන් ආයතනයට සිදු වන මූල්‍යමය අලාභය අවම කර ගැනීම සඳහා නැවත දැනුම් දෙන තුරු දින නියමයකින් තොරව කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කල කළ බව පාලන අධිකාරිය දැනුම් දී තිබේ.

මේ අතර සෙවනගල සීනි කර්මාන්තශාලාවේ වත්මන් තත්ත්වය සහ සේවක වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා සෙවනගල සීනි සමාගමේ සභාපතිවරයා විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

සෙවනගල කර්මාන්තශාලාවේ සේවක නොසන්සුන්තාව හේතුවෙන් පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදීම නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වූ බව සභාපතිවරයා සඳහන් කරයි. අගෝස්තු 25 වැනිදා සිට සේවකයන් සේවයට වාර්තා කළද නිෂ්පාදන කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු අඩාල වූ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ තත්ත්වය තුළ අගෝස්තු 26 සහ 27 යන රජයේ නිවාඩු දිනවලදීද නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් ලැබී නැත. අගෝස්තු 28 වැනිදා උදෑසන 10.00 වන විටත් නිෂ්පාදන කටයුතු ආරම්භ නොවීම හේතුවෙන්, නිෂ්පාදනයක් සිදු නොවී වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් සිදුවන පාඩුව වළක්වා ගැනීමට පාලනාධිකාරියට තීරණය කිරීමට සිදු වූ බවත් ඒ අනුව නැවත දැනුම් දෙනතුරු කර්මාන්තශාලාව වසා තැබීමට පාලනාධිකාරිය පියවර ගත් බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම කර්මාන්තශාලාව වසා තිබියදී පවා අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යාමට විවිධ බාධා එල්ල වී ඇතැයි සභාපතිවරයා පවසයි. සීනි අලෙවිය සඳහා පැමිණි ලොරි රථවලටද බාධා කිරීම හේතුවෙන් ආයතනයේ ආදායම් මාර්ගවලට දැඩි බලපෑම් එල්ල වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

ආයතනයේ පිරිස් බලය සහ වැටුප් ව්‍යුහය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා පැවති ගැටලු විසඳීම සඳහා වත්මන් පාලනාධිකාරිය විසින් විධිමත් පිරිස් බල තක්සේරුවක් සහ නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බවත්, කිසිදු සේවකයෙකුගේ වැටුප අඩු නොකර මෙම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා වැටුප් කොමිෂන් සභාව සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඔහු අවධාරණය කරයි.

වත්මන් වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින්ද අදාළ සියලු පාර්ශ්ව වෙත පවතින නීතිමය තත්ත්වය පිළිබඳව දැනුම්දී ඇති බව සභාපතිවරයා පවසයි.

සෙවනගල සීනි කර්මාන්තශාලාව මොනරාගල දිස්ත්‍රික්කයේ උක් ගොවීන්ගේ ජීවනෝපාය සහ විශාල සේවක පිරිසකගේ රැකියා සමඟ සෘජුව බැඳී පවතින බැවින්, කර්මාන්තශාලාවේ අඛණ්ඩ පැවැත්ම සුරක්ෂිත කිරීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව සභාපතිවරයා පෙන්වා දෙයි.

එබැවින්, කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලින් වැළකී, වහාම සේවයට වාර්තා කරන ලෙසත්, පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් නීත්‍යානුකූලව විසඳා ගැනීමට සහය වන ලෙසත් සභාපතිවරයා සියලු සේවකයන්ගෙන් ඉල්ලා සිටී.