LSN News › Sri Lanka

විශ්වයේ තොටුපලට යන විශ්වාසයේ යාත්‍රාව කඳුලින් සේදී ගිය හැටි...!

කෛලාශ වන්දනාවම අභියෝගයකි. එහි වන්දනා මාර්ගය විශ්වාසයේත්, එමෙන්ම ස්වභාවධර්මයේ අසීමිත රෞද්‍රතාවයේත් මතක සටහනක් ලෙස ඉතිහාසයට එකතු වී හමාරය. එම ඉතිහාසය මත පතිත වූ කිසිදා නොමියෙන කඳුල අගෝස්තු මස 26 වැනිදා තැන්පත් වූ බව සටහන් කරමු.

LSN Sri Lanka · 30 August 2026

විශ්වයේ තොටුපලට යන  විශ්වාසයේ යාත්‍රාව  කඳුලින් සේදී ගිය හැටි...!

ටිබෙටයේ බටහිර අහස් කුස සිඹිමින්, මුහුදු මට්ටමේ සිට මීටර් 6,638ක් උසට නැගෙන කෛලාසය යනු හුදෙක් හිමෙන් වැසුණු පර්වතයක් පමණක් නොවේ. එය විශ්වයේ මධ්‍ය ලක්ෂ්‍යය ලෙස සලකනු ලබන, අතිශය විචිත්‍රවත් මෙන්ම ගෞරව සම්ප්‍රයුක්ත පූජනීය සංකේතයකි.

මෙහි සිවුකොනාකාර හිම කූඨය දෙස බලන ඕනෑම අයෙකුගේ සිතෙහි නිහඬ භක්තියක් උපදී. කිසිදු මිනිසෙකුගේ පාද ස්පර්ශයෙන් කෙලෙසී නැති, නැගීමට අවසර නොමැති මෙම අතිපූජනීය කඳු මුදුන තරණය කිරීම වෙනුවට, බැතිමතුන් කරන්නේ කිලෝමීටර් 52ක දුෂ්කර 'කෝරා' හෙවත් පරික්‍රමාවයි. පරික්‍රමාව යනු "පූජනීය ස්ථානයක් වටා ප්‍රදක්ෂිණා කිරීමින් වන්දනා කිරීමය. එම ප්‍රදක්ෂිනාවේ යෙදෙන සෑම පියවරකින්ම ආත්මයේ සංසාරික පාපයන් සෝදා පවිත්‍ර වන බවට පවතින විශ්වාසය සහශ්‍ර ගණනක සිට පැවත එන සංස්කෘතික චින්තාවකි.

කෛලාසය පාමුල ඇති මානස විල

කෛලාස පාමුල පිහිටි නිසංසල මානසරෝවර් විල සහ රෞද්‍ර රාක්ෂස් තාල් විල පරිසරයට ගෙනෙන්නේ මහා චමත්කාරයකි. හින්දු සාහිත්‍යය ප්‍රකාරව මානසවි උපදින්නේ බ්‍රහ්මයාගේ අතිපවිත්‍ර මනසින් උපනි. එය වහරට පිවිසෙන්නේ "මානසරෝවර්" ලෙසයය. මානස විලෙහි පවිත්‍ර ජලයෙන් ස්නානය කිරීම යනු ආත්මීය විශෝධනයකි.

මානසවිල සම්බන්ධව උපදින බෞද්ධ සාහිත්‍යය හින්දු සාහිත්‍යයික් චමත්කාරයේ අතිශය මනරම් වර්ධනීය දිගුවකි. බෞද්ධ සාහිත්‍යයේ මානස විල හඳුන්වන්නේ 'අනවතප්ත' (අනෝතත්ත) නමිනි. එහි අර්ථය "කිසිදිනක ඉර එළියෙන් තැවුණේ නැති" යන්නයි. හිමාලයේ ගන්ධමාදන, චිත්‍රකූට ඇතුළු හිමෙන් වැසුණු පර්වත ප්‍රපාත පහකින් වට වී තිබීම නිසා සූර්යාලෝකය සෘජුවම විලෙහි ජලයට නොවැටේ. එබැවින් එහි පැන් සැමවිටම හිම මෙන් ශීතලය, පටිකයක් මෙන් පිරිසිදුය.

පංචපද්මයෙන් සැදී පැන් තලය

අටුවාචාරීන් වහන්සේලා විස්තර කරන පරිදි අනවතප්ත විලෙහි පෘෂ්ඨය පංචවිධ පද්මයෙන් පිරී පවතී. නීල, පද්ම, රත්ත, සේත සහ සෞගන්ධික යන පස්පියුමෙන් විල නිරන්තරයෙන් බැබළෙයි. විල වටා රන්, රිදී, සපති (ස්ඵටික) සහ මාණික්‍යයෙන් සැදුණු සොඳුරු තොටුපළවල් පවතී. එකී පියුම් අතරින් නැගෙන සුගන්ධවත් මකරන්දය මුළු හිමාල අහස් කුස පුරාම පැතිර යන්නේය.

අනවතප්ත විලෙහි සිව්කොණින් ගල් කුලුනු විවර වී ඇති අතර, ඒවා සතුන් හතරදෙනෙකුගේ මුඛයන්ගේ ස්වරූපයෙන් පැන් පහළට මුදාහරියි:

සිංහ මුඛය - උතුරින් ගලන නදිය

හස්ති මුඛය - නැගෙනහිරින් ගලන නදිය

වෘෂභ මුඛය - දකුණින් ගලන නදිය

අශ්ව මුඛය - බටහිරින් ගලන නදිය

මෙම මුවවලින් විලෙන් පිටතට ගලන පිරිසිදු දිය දහරා ආසියාවේ මහා ගංගාවලට මූලාශ්‍ර වන බව පැවසේ.

පසේබුදුවරුන්ගේ හා රාජහංසයන්ගේ අභය භූමිය

මානස විල යනු සාමාන්‍ය පෘථග්ජනයන්ගේ පහසට ලක්වන ස්ථානයක් නොවේ. බුදුරජාණන් වහන්සේලා, පසේබුදුවරුන් සහ රහතන් වහන්සේලා ඍද්ධියෙන් වැඩිමනත් වශයෙන් වැඩවසන, සිසිල් පැන් පහස ලබන අතිපූජනීය භූමියකි. එමෙන්ම, ස්වර්ණමය පියපත් ඇති රාජහංසයන් (ධතරට්ඨ හංසයන්) මකරන්දය පානය කරමින් විල මත පීනමින් සිටින ආකාරය සාහිත්‍යයේ දක්වා ඇත්තේ සිත තුළ අතිශය නිවීගිය සංකල්පනාවක් මවන ලෙසිණි.

මහාමායා දේවිය සිද්ධාර්ථ කුමරුන් පිළිසිඳ ගැනීමට පෙර දුටු සුප්‍රසිද්ධ සිහිනයේදීද සතරවරම් දෙවිවරුන් ඇයව කැඳවාගෙන ගොස් නෑවූයේ මෙම ශුද්ධ වූ අනවතප්ත විලෙහි පිරිසිදු පැණිනි.

මෙකී සාහිත්‍යමය වර්ණනාවන්හි ඇත්තේ මහා පූජනීය සංස්කෘතික ප්‍රකාශනයක හරයකි. එහි හින්දු සාහිත්‍යෙයන් පොෂණයවන බෞද්ධ සාහිත්‍යයේ පොහොසත්කම පිළිබඳ ප්‍රකාශනයක් වැන්න. එහි සාහිත්‍යයික උත්කර්ෂය පසෙකින් තැබූවිට පවා එම උත්කර්ෂවත් වර්ණනාවට පාදකවන පරිසර කලාපය විශ්මය ජනක ලෙස විචිත්‍රය. එවැනි සාහිත්‍යයක් ඇතිවීමට පදනම් උපදවනසුලුය.

මානසවිල ගැන මැවෙන මේ උත්කර්ෂය කසේ වුව ද ඉන්දුස්, සත්ලෙජ්, කර්නාලි සහ බ්‍රහ්මපුත්‍ර යන ආසියාවේ මහා ගංගා හතරේ මුදුන් මූලාශ්‍රයන් කිලෝමීටර් 50ක සීමාව තුළ පිහිටා තිබීම නිසා, මේ භූමිය ආසියා ජීව නාලිය බඳුය.

කෛලාස කූඨය

ශ්‍රී පාද පද්මය මෙන් විවිධ ආගමිකයන් එකම පූජනීය භූමියක නැමදීමට පැමිණෙන මෙම විශ්වීය තොටුපළ, උසින් වැඩි වීම, ඔක්සිජන් අඩුවීම සහ සංකීර්ණ දේශපාලන දේශසීමා නිසා අතිශය මාරාන්තික ගමනාන්තයක් බවටද පත්වේ.

හින්දු ආගමික විශ්වාසයන්ට අනුව කෛලාසය යනු ශිව දෙවියන්ගේත්, පාර්වතී දේවියගේත් සදාතනික වාසස්ථානයයි. ශිව දෙවිඳුන් මෙහි පද්මාසනයෙන් අසංඛෙය්‍ය සමාධියට සමවැදී සිටින බවත්, කුබේර දෙවියන්ගේ ස්වර්ණමය අලකා පුරයද මෙහිම සැඟව ඇති බවත් සලකනු ලැබේ.

මහාභාරතයේ වනපර්වය තුළ "අසීමිත මහිමයෙන් යුත්" කන්ද ලෙස වර්ණනා වන මෙම කඳු වැටිය හරහා පාණ්ඩවයන් තම ස්වර්ගාරෝහණ ගමන සිදු කළ බව සඳහන්ය. පුරාණ ග්‍රන්ථවල විශ්වයේ මධ්‍ය අක්ෂය (Axis Mundi) ලෙස සැලකෙන මෙම ස්කන්ද හා විෂ්ණු පුරාණයන්හි වර්ණනා වන්නේ ස්ඵටික, රුබි සහ ස්වර්ණමය මාලිගයක් ලෙසිනි. බ්‍රහ්මයාගේ අතිපවිත්‍ර මනසින් උපන් "මානසරෝවර්" හි පවිත්‍ර ජලයෙන් ස්නානය කිරීම යනු ආත්මීය ක්ෂාලනයකි.

බෞද්ධ සාහිත්‍යයේ එන කෛාලස පබ්බත වර්ණනාව

ත්‍රිපිටක සාහිත්‍යයේ, අටුවාවල (විශේෂයෙන්ම ජාතක අට්ඨකතාවන්හි) සහ පශ්චාත් බෞද්ධ මහායාන හා වජ්‍රයාන ග්‍රන්ථයන්හි කෛලාස කූඨය (කෛලාස පර්වතය) වර්ණනා කර ඇත්තේ අතිශය උත්තරීතර, නිරාමිස ප්‍රීතිය උපදවන සහ ආධ්‍යාත්මික ශාන්තියෙන් පිරුණු විමනක් ලෙසයි. බෞද්ධ ශ්‍රාවකයෙකුගේ සිතෙහි මහා ගැඹුරු චිත්ත රූප මවමින් ආනන්ද ජනක හැඟීමක් ඇති කරවන සාහිත්‍යයික වර්ණනයේ සංක්ෂිප්තයක් ඉදිරිපත් කිරීම වටී.

1.පාලි අටුවා සාහිත්‍යයේ එන "කෛලාස පබ්බත" වර්ණනාව

ත්‍රිපිටක අටුවාවන්හි හිමාලයේ පිහිටි මහා පර්වත රාජයන් අතර කෛලාස කූඨයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

අටුවාචාරීන් කෛලාසය විස්තර කරන්නේ සම්පූර්ණයෙන්ම සඵටික (Crystal) මෙන් දිලිසෙන, ස්වේත වර්ණ හිම තලාවලින් වැසුණු, රජත (රිදී) පර්වතයක් ලෙසයි. උදෑසන සහ හිරු බැසයන මොහොතේ සූර්ය කිරණ මෙහි පතිත වන විට, සමස්ත කඳු මුදුනම රත්තරන් සහ මාණික්‍ය ප්‍රභාවෙන් බැබළෙමින් දිව්‍යමය විමානයක් මෙන් දර්ශනය වන බව දැක්වේ.

බෞද්ධ සාහිත්‍යයේ එන පසේබුදුවරුන් වැඩවසන අතිපූජනීය "ගන්ධමාදන පර්වතය" පිහිටා ඇත්තේ කෛලාස කූඨය ආශ්‍රිත හිමාල වන පෙදෙසෙහි බව විශ්වාස කෙරේ. එහි සුගන්ධවත් ඖෂධ, මල් සහ වෘක්ෂයන්ගෙන් වහනය වන සුවඳින් මුළු කෛලාස පරිසරයම නිරන්තරයෙන් නිරාමිස සුවඳින් පිරී පවතී.

ටිබෙට් බෞද්ධ සාහිත්‍යයේ කෛලාසය හඳුන්වන්නේ "කං රින්පෝචේ" (Kang Rinpoche - අනර්ඝ හිම පර්වතය) යන නමිනි.

බෞද්ධ විශ්ව විද්‍යාවට (Buddhist Cosmology) අනුව, විශ්වයේ මධ්‍ය ලක්ෂ්‍යය වන "සුමේරු" හෙවත් මේරු පර්වතයේ පොළොව මත දක්වන කොටස කෛලාස කූඨයයි. කෛලාස කූඨය පියා ලෙසත්, ඒ අසල පිහිටි අනවතප්ත විල මව ලෙසත් බෞද්ධයෝ සලකති.

වජ්‍රයාන බෞද්ධ ග්‍රන්ථවලට අනුව, අතීතයේ භෛරව නමැති යක්ෂ රූපයෙන් පැවති මෙම භූමියට වජ්‍රධර බුදුන් වහන්සේ "හේරුක" (චක්‍රසංවර) ස්වරූපයෙන් වැඩම කර, එය දමනය කොට උත්තරීතර බුද්ධ මණ්ඩලයක් ලෙස ආශීර්වාද කළහ. එබැවින් කෛලාසය යනු මහත් ඍද්ධි බල ඇති මහා බෝධිසත්වයන් හා දෙවියන්ගේ වාසස්ථානයකි.

8 වන සියවසේදී ටිබෙටයට බුදුදහම ගෙන ගිය පද්මසම්භව (ගුරු රින්පෝචේ) මුනිවරයාණන් මෙම කඳු මුදුනේ භාවනානුයෝගීව වැඩසිටි අතර, 11 වන සියවසේ විසූ අසමසම කවි-යෝගී මිලරේපාණන් (Milarepa) තම ඍද්ධි බලයෙන් කෛලාස කූඨ මුදුනටම නැගී එහි පැවති මිථ්‍යාදෘෂ්ටික බලවේග ජයගෙන බෞද්ධ කොඩිය එසවූ බව ප්‍රකට ටිබෙට් ජනප්‍රවාදයේ සඳහන් වේ.

ජාතක අට්ඨකතාවල දැක්වෙන පරිදි, බුදුරජාණන් වහන්සේලා සහ පසේබුදුරජාණන් වහන්සේලා අහසින් ඍද්ධියෙන් වඩින විට විවේක සුවයෙන් වැඩසිටින, මනෝරම්‍ය වූ පර්වත කූඨයක් ලෙස කෛලාසය විස්තර වේ.

කෛලාසය යනු හුදෙක් ගලින් හා හිමෙන් සැදුණු කන්දක් නොව, සංසාරික තැවීම් සියල්ල නිවා දමන, චිත්ත ඒකාග්‍රතාවය හා ධ්‍යාන වඩවන, ලොව පවතින උතුම්ම ආධ්‍යාත්මික බලකේන්ද්‍රයක් ලෙස බෞද්ධ සාහිත්‍යය පුරාම උත්කර්ෂයට නංවා ඇත.

ජෛන ආගමිකයන්ට අනුව ඔවුන්ගේ පළමු තීර්ථංකර ඍෂභදේවයන් අෂ්ටපදය (කෛලාසය) තුළදී අතිශ්‍රේෂ්ඨ ඥානය ලබා ගත්හ. බෞද්ධයන් දක්ෂිණාවර්තවද, බොන් ආගමිකයන් වාමාවර්තවද කන්ද වටා පැදකුණු කරන්නේ මෙම බහු-ආගමික සංකල්පිය හරයන් ප්‍රකාශ කරමින්.

මේ සමස්ථය අපට ප්‍රකාශ කරන්නේ ජාති ආගම් බෙදීමෙන් ඉතා ගැඹුරින් ඇති ආසියාතික අධ්‍යාත්මයේ චින්තන මූලය මනොරම්‍ය පරිසර කලාපයක් පදනමේ අතිශය විචිත්‍ර සාහිත්‍ය ධාරාවක් ලෙස වර්ධනය වී ආසියාතික මිනිසාගේ ආත්මය සුවපත් කළ ආකාරය ය.

වන්දනාකරුවන්ගේ මාර්ගය සහ අකල් අභියෝගය

කෛලාස කූඨ වන්දනාව මේ මොහොතෙත් ජීවමානය. බැතිමතුන් බහුතරයක් ඉන්දියාවේ සිට මේ භූමියට ප්‍රවේශවන අතිශය දුෂ්කර මාර්ග පසෙකලා බොහෝ දෙනෙකු තෝරා ගන්නේ නේපාලයේ කත්මණ්ඩුවෙන් ආරම්භ වන රසුවාගඩි-ගිරොං මාර්ගය ය. කත්මණ්ඩුවෙන් පිටත්ව, මිත්‍රතා පාලම හරහා ටිබෙටයට ඇතුළු වී මානසවිල සහ දර්චෙන් වෙත ළඟාවන බැතිමතුන්, එතැන් සිට යමද්වාරය, දිරාපුක්, මීටර් 5,630ක් උසැති ඩොල්මා ලා කඩුල්ල සහ ගෞරී කුණ්ඩ පසු කරමින් දින තුනකින් කිලෝමීටර් 52ක පා ගමන නිමා කරති.

ඔක්සිජන් මට්ටම අඩක් දක්වා පහත වැටෙන, අධික ශීතල සහ හුස්ම ගැනීමේ අපහසුතා මැද වුවද ශ්‍රද්ධාව සිරුරේ තෙහෙට්ටුව පරයා නැගී සිටියි.

භත්කියේ වන්දනා ගමන මරණයේ ව්‍යසනයෙන් කෙළවර වීම

අගෝස්තු මාසය යනු කෛලාස වන්දනාවේ උච්චතම (Peak Season) කාලයයි. ලොව පුරා සිටින දහස් සංඛ්‍යාත හින්දු, බෞද්ධ හා ජෛන බැතිමතුන් මෙම කාලයේදී ටිබෙටය දෙසට ඇදී එති. 2026 අගෝස්තු 26 වැනිදා උදෑසන ද ඒ ගමන සක්‍රීයව තිබිණි.

නමුත් එදින උදේ 8.30ත් 9.15ත් අතර කාලයේ, ටිබෙට්-නේපාල මායිමට ආසන්න උසැති හිමාලයානු ග්ලැසියරයක් හදිසියේම කඩා වැටුණි.

ග්ලැසියරය කඩා වැටීමත් සමඟ භෝටේ කෝසි (Bhote Koshi) ගඟ දෙසට ගලා ආවේ අයිස්, මඩ සහ විශාල පාෂාණ මිශ්‍ර වූ මහා මාරාන්තික රැල්ලකි. බෝම්බයක් පුපුරා ගියාක් මෙන් ඇසුණු මහා ශබ්දයෙන් පසු, මිනිත්තු කිහිපයක් ඇතුළත ගංවතුර මුළු මිටියාවතම ගිල ගත්තේය.

නේපාලයේ සිට ටිබෙටයට ඇතුළු වන ප්‍රධාන දේශසීමා ආගමන කාර්යාල පිහිටි රසුවාගඩි සහ ගිරොං (Kerung) ප්‍රදේශවල සිටි වන්දනාකරුවෝ මෙයට සෘජුවම හසු වූහ. ඉන්දියාවේ ඉෂා පදනමේ (සධ්ගුරු) වන්දනා කණ්ඩායමක 77 දෙනෙකු මේ ව්‍යසනයෙන් වැනසී ගියහ. ඉෂා පදනම යනු ජග්ගී වාසුදේව් හෙවත් ලෝක ප්‍රකට "සධ්ගුරු" විසින් 1992 වසරේදී ආරම්භ කරන ලද ) යනු ලාභ නොලබන, ජාත්‍යන්තර ආධ්‍යාත්මික සහ ස්වේච්ඡා සංවිධානයකි. දකුණු ඉන්දියාවේ කොයිඹතූර්හි මූලස්ථානය පිහිටි මෙම ආයතනය, මිනිසාගේ කායික හා මානසික සුවතාව උදෙසා 'Inner Engineering' වැනි විශේෂිත යෝග සහ භාවනා වැඩසටහන් ලොව පුරා පවත්වනු ලබයි. අකල් ගංවතුරෙන් ලොවේ කම්පනය තීව්‍ර කළ ඛේදවාචකයට මුහුණ දුන්නේ මෙම පදනම මගින් සංවිධානය කළ පූජනීය කයිලාශ මානසසරෝවර් වන්දනා ගමනට (Kora) එක්ව සිටි වන්දනාකරුවන්ය. ඒ අතර . ඉන්දියානු, ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, මැලේසියානු, ඕස්ට්‍රේලියානු සහ කැනේඩියානු ජාතික බැතිමත්තු වූහ. ඔවුන් විනාශය සිදුවන විට ගිරොං ආගමන ගොඩනැගිල්ලේ සහ ඒ අවට නවාතැන්පළවල සිටියහ.

අගෝස්තු 29–30 වන විට ලැබුණු තොරතුරුවලට අනුව, නේපාල සහ ටිබෙට් දෙපසම මරණ සංඛ්‍යාව සිය ගණනින් ඉහළ ගිය අතර, අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 2,400කට ආසන්න විය. වීසා ප්‍රමාදයන් නිසා කත්මණ්ඩුවේ රැඳී සිටි ඇතැම් කණ්ඩායම් ආශ්චර්යමත් ලෙස බේරුණද, දේශසීමා ආසන්නයේ සිටි සිය ගණනක් වන්දනාකරුවන්ගේ ඉරණම මඩ යට වැළලී ගියේය.

මෙම ගංවතුරෙන් සමස්ත වන්දනා ගමනේ ගමනාගමන පද්ධතියම සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. නේපාලය සහ චීනය (ටිබෙටය) යා කරන අතිශය වැදගත් "මිත්‍රතා පාලම" (Friendship Bridge) මහා ගංවතුරට හසුව සම්පූර්ණයෙන්ම ගසාගෙන ගියේය. ගඟ දෙපස තිබූ දේශසීමා පරීක්ෂණ කාර්යාල, වන්දනාකරුවන් විවේක ගන්නා කුඩා හෝටල්, ගම්මාන සහ ජල විදුලි ව්‍යාපෘති මිනිත්තු කිහිපයකදී සුන්බුන් බවට පත් විය.

මාර්ග සහ පාලම් විනාශ වීම නිසා කිලෝමීටර් ගණනාවක් දුරට මඩ සහ නායයෑම් පිරී පැවති අතර, බේරාගැනීමේ කණ්ඩායම්වලට හෝ හෙලිකොප්ටර් යානාවලට පවා ළඟා වීමට නොහැකි වන සේ සමස්ත වන්දනා මාර්ගයම බාහිර ලෝකයෙන් වෙන් විය. ශ්‍රද්ධාවේ මාර්ගය මහා කඳුළු කතාවක් බවට පත් විය.

කෛලාශ වන්දනාවම අභියෝගයකි. එහි වන්දනා මාර්ගය විශ්වාසයේත්, එමෙන්ම ස්වභාවධර්මයේ අසීමිත රෞද්‍රතාවයේත් මතක සටහනක් ලෙස ඉතිහාසයට එකතු වී හමාරය. එම ඉතිහාසය මත පතිත වූ කිසිදා නොමියෙන කඳුල අගෝස්තු මස 26 වැනිදා තැන්පත් වූ බව සටහන් කරමු.