LSN News › Sri Lanka

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ආරම්භ කරන්න – ජනාධිපතිගෙන් උපදෙස්!

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ නැවත සමාලෝචනයක් සිදු කරමින්, නව යෝජනා ද ඊට ඇතුළත් කරගෙන අදාළ ව්‍යාපෘතියේ කටයුතු මෙම වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

LSN Sri Lanka · 30 August 2026

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ආරම්භ කරන්න – ජනාධිපතිගෙන් උපදෙස්!

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ නැවත සමාලෝචනයක් සිදු කරමින්, නව යෝජනා ද ඊට ඇතුළත් කරගෙන අදාළ ව්‍යාපෘතියේ කටයුතු මෙම වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ව්‍යාපෘතිය අනවශ්‍ය ලෙස ඇදී යාමට ඉඩ නොදී, ඊට අදාළ සැලැස්ම ලබන මස 8 වනදා අනුරාධපුර පූජා භූමි සංවර්ධන කමිටුවට ඉදිරිපත් කිරීමටත්, ලබන මස 15 වනදා වන විට ව්‍යාපෘතියේ සම්පූර්ණ සවිස්තරාත්මක සැලැස්ම සකස් කර අවසන් කිරීමටත් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දෙන ලද්දේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.

හරිත ප්‍රවාහන පද්ධතියක් සහ පරිසර සංවේදී කලාපයක්

මෙම සාකච්ඡාවේදී බැතිමතුන් සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම පූජා නගරය තුළ හරිත ප්‍රවාහන පහසුකම් ස්ථාපිත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි. පූජා නගරය තුළ පවතින වාහන තදබදය අවම කරමින්, එය පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ අත්‍යවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව, පූජා නගර සීමාව තුළ පරිසරයට හානි සිදුවන දුම් පිටවන ඩීසල් වාහන භාවිතය සීමා කිරීමට පියවර ගැනේ. ඒ වෙනුවට විද්‍යුත් බස් රථ (Electric Buses) යොදා ගනිමින් ක්‍රමවත් වටරවුම් ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමටත්, එකී බස් රථ පාලනය නගර සභාව යටතට ගෙන ක්‍රමානුකූල දෛනික සේවාවක් ලෙස පවත්වාගෙන යාමටත් තීරණය කර තිබේ. අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන සියලුම වන්දනාකරුවන්ට පහසු, විධිමත් ප්‍රවාහන පහසුකම් පද්ධතියක් පූජා නගරය තුළ ස්ථාපිත කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

පදිකයින්ට සහ පාපැදි භාවිතයට විශේෂ මංතීරු

බැතිමතුන් පාගමනින් ගමන් කිරීම දිරිගැන්වීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව පදිකයින් සඳහා මෙන්ම පාපැදි භාවිත කරන්නන් වෙනුවෙන් වෙනම මංතීරු සකස් කිරීමට ද, දුම්රියෙන් සහ බස් රථවලින් පැමිණෙන බැතිමතුන් උදෙසා සිසිල් පරිසරයකින් සමන්විත විවේක ස්ථාන ඉදිකිරීමට ද යෝජනා වී තිබේ.

සජීවී ඓතිහාසික ස්ථාන ලෙස සුරැකීම

අනුරාධපුර පූජා භූමියේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන හුදෙක් මිනිසුන් විසින් අතහැර දමන ලද "නටබුන්" ලෙස පමණක් නොසලකා, ඒවා අදටත් ජනතාව මහත් භක්තියෙන් වන්දනාමාන කරන "සජීවී ඓතිහාසික ස්ථාන" ලෙස සලකා බැතිමතුන් උදෙසා අවශ්‍ය සියලු පහසුකම් සැලසීමේ වැදගත්කම ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.

රුපියල් බිලියන 6.5ක ඉන්දීය ආධාර ව්‍යාපෘතිය

ඉන්දීය රජයේ මුල්‍ය හා තාක්ෂණික දායකත්වය යටතේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය රුපියල් බිලියන 6.5ක් දක්වා වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇත. ඊට අදාළ ඉදිරි වැඩපිළිවෙළ සහ සැලසුම් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සමස්ත ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදී, යුනෙස්කෝ (UNESCO) සංවිධානය මගින් සිදු කෙරෙන කොටස සහ ඉන්දීය රජයේ සහාය ඇතිව සිදු කෙරෙන කොටස පැහැදිලිව වෙන් කර පෙන්වීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමගින් මහා සංඝරත්නය ඇතුළු සමස්ත මහජනතාවට ව්‍යාපෘතිය පිළිබඳ විනිවිදභාවයකින් යුතු පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බව ද පෙන්වා දෙන ලදී.

පූජා භූමි සීමාව වර්ග කිලෝමීටර 38 දක්වා පුළුල් කෙරේ

මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පූජා භූමියේ දැනට පවතින වර්ග කිලෝමීටර 28ක සීමාව, වර්ග කිලෝමීටර 38ක් දක්වා පුළුල් කිරීමට නියමිතය. පුරාවිද්‍යාත්මක කැණීම් කටයුතු හේතුවෙන් සංවර්ධන කටයුතු ප්‍රමාද වීම වැළැක්වීම සඳහා කාර්යයන් ප්‍රමුඛතාව අනුව වර්ගීකරණය කර, ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම, ව්‍යාපෘති සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී අදාළ රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කර, ව්‍යාපෘති සඳහා එකින් එක මූලික එකඟතාවයන් ලබා ගනිමින් කටයුතු ආරම්භ කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙන ලදී.

ඇතුල් නුවර පවුල් නැවත පදිංචි කිරීම සහ වන්දි ලබා දීම

අනුරාධපුර ඇතුල් නුවර දැනට පදිංචිව සිටින පවුල් 331ක් ලෝලුගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම සහ ඔවුන් සඳහා සාධාරණ වන්දි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.

අදාළ පදිංචිකරුවන් සඳහා විකල්ප ඉඩම් ලබා දීම, නිවාස ඉදිකර දීම හෝ වන්දි මුදල් ලබා දීම වැනි විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව ඔවුන් සමග සෘජුවම සාකච්ඡා කර තීරණ ගන්නා ලෙසත්, ඒ සඳහා සෘජුවම මැදිහත්වන ලෙසත් ජනාධිපතිවරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරයාට සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති වෙත උපදෙස් දෙන ලදී.

මෙම සාකච්ඡා අවස්ථාව සඳහා අටමස්ථානය නියෝජනය කරන මහා සංඝරත්නය ද, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.