ජපන් සරසවි සිසුන්ගෙන් දිඹුලාගලට අපූරු තෑග්ගක්: උපයාගත් මුදලින් හා ශ්‍රමයෙන් අමුණක් හදන්න බෝගස්වැව ගමට එති!
ජපානයේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් තමන් අමතර රැකියාවල නිරත වී උපයාගත් මුදල් හා ශ්‍රම දායකත්වය යොදවමින්, දිඹුලාගල බෝගස්වැව ගම්මානයේ කුඹුරු ඉඩම් සඳහා ජලය ලබාදෙන අමුණක් ඉදිකිරීමේ කටයුතු අද (30 ) ආරම්භ කළහ.
LSN Sri Lanka ·

ජපානයේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් තමන් අමතර රැකියාවල නිරත වී උපයාගත් මුදල් හා ශ්‍රම දායකත්වය යොදවමින්, දිඹුලාගල බෝගස්වැව ගම්මානයේ කුඹුරු ඉඩම් සඳහා ජලය ලබාදෙන අමුණක් ඉදිකිරීමේ කටයුතු 30 වැනිදා ආරම්භ කළහ.

මෙම ව්‍යාපෘතිය යටතේ ජපන් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් 38 දෙනෙකු බෝගස්වැව ගම්මානයේ නිවාසවල දින හතක් රැඳී සිටිමින් අමුණ ඉදිකිරීමට නියමිතය. සිසුන් විසින්ම උපයාගත් රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් වැය කර දින හතක් ඇතුළත මෙහි වැඩකටයුතු නිම කිරීමට අපේක්ෂිත බව ව්‍යාපෘති කළමනාකාර ඩබ්ලිව්. පී. ජයතිලක පැවසීය.

පොළොන්නරුව අලුත්වැව ශ්‍රී සුධර්මාරාමාධිපති වලස්වැවේ චන්දරතන හිමියන්ගේ සම්බන්ධීකරණයෙන්, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ මැදිහත්වීමෙන් සහ 'සත්ජන පවුර සමාජ සත්කාරක පදනම' මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කැරේ. මේ සඳහා ජපානයේ 'සිහින දකින්නන්ගේ සංගමය' (Good ආයතනය) දායකත්වය ලබා දෙයි.

ගම්මානයේ රැඳී සිටින කාලසීමාව තුළ ජපන් සිසුන්ට අවශ්‍ය ආහාරපාන හා අනෙකුත් පහසුකම් ප්‍රදේශවාසීන් විසින් සපයනු ලබන අතර, එමගින් සිංහල හා ජපන් භාෂා හුවමාරු කරගනිමින් දෙපිරිස අතර දැඩි සුහදතාවක් ගොඩනැගෙන බව ව්‍යාපෘති කළමනාකාර ජයතිලක පෙරේරා සඳහන් කළේය.

අධ්‍යාපනය ලබන අතරතුර අමතර රැකියාවල නිරත වී උපයාගත් මුදලින් මෙලෙස ශ්‍රී ලංකාවේ ගොවීන් වෙනුවෙන් කැපවීම, මෙරට විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම මුළු මහත් සමාජයටම විශාල පූර්වාදර්ශයක් බව දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ මෙහිදී පැවසූහ.

මෙම අමුණ ඉදිකිරීම තුළින් පැරකුම් ගොවි සංවිධානයට අයත් බෝගස්වැව ගම්මානයේ ගොවීන් 26 දෙනෙකුගේ කුඹුරු අක්කර 90 කට ආසන්න ප්‍රමාණයකට හිඟයකින් තොරව ජලය ලබාගැනීමට හැකිවන බව බෝගස්වැව වජිර ගොවි සංවිධානයේ සභාපති ආර්. එම්. සම්පත් උදය බණ්ඩාර සනාථ කළේය.