LSN News › Sri Lanka

අද රෑ සිට පෙට්‍රල් මිල පහළට - ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස් නෑ!

අද (අගෝස්තු 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) පියවර ගෙන තිබේ.

LSN Sri Lanka · 30 August 2026

අද රෑ සිට පෙට්‍රල් මිල පහළට - ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස් නෑ!

අද (අගෝස්තු 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) පියවර ගෙන තිබේ.

මේ අනුව ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 යන පෙට්‍රල් වර්ග දෙකෙහි පමණක් මිල ගණන් මෙසේ පහළ දමා ඇති අතර, ඔටෝ ඩීසල්, සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නොමැත.

මිල සංශෝධනයට අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 399කි. මීට පෙර එහි ලීටරයක මිල සටහන් වූයේ රුපියල් 414ක් ලෙසය.

එසේම ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් (Euro 4) ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, රුපියල් 495ක්ව පැවති එහි නව මිල රුපියල් 475ක් දක්වා සංශෝධනය වී ඇත.

කෙසේ වෙතත්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 382ක මට්ටමේත්,

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් (Euro 4) ලීටරයක් රුපියල් 478ක මට්ටමේත්,

ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 285ක මට්ටමේත් වෙනස් නොවී පවතිනු ඇත.

පසුගිය ජූලි 31 වැනිදා CPC සභාපති ඩී. ජේ. රාජකරුණා කළ ප්‍රකාශයට අනුව අගෝස්තු මාසය පුරා ඉන්ධන මිල ගණන් වෙනස් නොවී පැවති අතර, මෙම නව සංශෝධනය සිදු වන්නේ ඊට පසුවය.

මීට පෙර පෙට්‍රල් 92 සහ ඔටෝ ඩීසල් මිල ගණන් අවසන් වරට සංශෝධනය වූයේ 2026 ජූනි 29 වැනිදාය. පෙට්‍රල් 95, සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් 2026 මැයි 30 වැනිදා සිට මෙතෙක් වෙනස් නොවී පැවතිණි.