සද්ගුරුගේ වැලපීම... කෛලාශ කන්දේ වේදනාත්මක වන්දනාව ගැන කතාවක්...
LSN Sri Lanka ·

සද්ගුරු වැලපෙමිනි. ඔහුගේ වේදනාව සිතාගත හැකිය. විශ්වාසයේ මහා වන්දනාව සඳහා විශ්වයේ තොටුපල ලෙස සැලකෙන කෛලාශ වන්දනාවට, අනෝතප්ත විලේ දියවරින් සැනහී මහා අධ්‍යාත්මික පාරිශුද්ධියක් අත්පත් කරගැනීමට ලොව නන් දෙසින් පැමිණි 178 දෙනෙකු තවමත් අතුරුදහන්ය. ඉන් 77 දෙනෙකුම තම අනුගාමික බැතිමතුන් වීම ඔහුව කම්පනය කර ඇත්තේය.

සද්ගුරු ලෙස ලෝකප්‍රකට ජග්ගී වාසුදේව් (Jaggi Vasudev) යනු ඉන්දියාවේ කෝයම්බුතූර් හි මූලස්ථානය පිහිටි, ලාභ නොලබන සහ ස්වේච්ඡා මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ඊශා පදනමේ (Isha Foundation) නිර්මාතෘවරයාය. ඔහු ප්‍රමාණික උගතෙකි. ශිෂ්‍යයෙක් ලෙස මයිසූර් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ උපාධිධරයෙකි. වයස අවුරුදු 13 සිට යෝගී අභ්‍යාස ප්‍රගුණ කළ පුද්ගලයෙකි. සිය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව සාර්ථක ව්‍යාපාර කීපයක් පවත්වාගෙන ගිය අයෙකි.

ඔහු ඒ අතර සිය යෝගී අභ්‍යාස අඛණ්ඩව සිදුකරගෙන ගියේය. ඔහුගේ ජීවිතය වෙනස් වන්නේ 1982 සැප්තැම්බර් 23 වන දින මයිසූර් හි චාමුණ්ඩි කන්දේදී ලැබූ ගැඹුරු අභ්‍යන්තර ආධ්‍යාත්මික අත්දැකීමක් (Spiritual Experience) බව කියැවේ. ඒ සමග සිය ජීවිතයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කළ ඔහු තමන් ලැබූ අත්දැකීම අන් අයටද ලබා දීමේ අරමුණින් , 1983 දී ප්‍රථම යෝග පන්තිය ආරම්භ කළේය. පසුව 1992 දී ඉන්දියාවේ කෝයම්බුතූර් හි පිහිටි වෙල්ලියංගිරි කඳු පාමුල 'ඊශා පදනම' (Isha Foundation) පිහිටවූයේය.

මෙම පදනම මගින් යෝග, ධ්‍යාන වැඩසටහන්, පාරිසරික සංරක්ෂණය, සමාජසේවා සහ ආධ්‍යාත්මික සුවතාව උදෙසා පුළුල් මෙහෙවරක් ඉටු කරමින් තිබෙන්නේය. එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලයේ (ECOSOC) විශේෂ උපදේශක තත්ත්වයද හිමි ඊශා පදනම, 'Save Soil' (පස සුරකිමු) සහ 'Rally for Rivers' වැනි ජාත්‍යන්තර පාරිසරික ව්‍යාපාර සඳහාද මුලපිරීය. ලොව පුරා මිලියන සංඛ්‍යාත අනුගාමිකයින් පිරිසක් සිටින සද්ගුරු, යනු මිනිසාගේ අභ්‍යන්තර යහපැවැත්ම වෙනුවෙන් විද්‍යාත්මක හා ප්‍රායෝගික යෝග ක්‍රමවේද හඳුන්වා දෙන ප්‍රමුඛ ආධ්‍යාත්මික නායකයෙකි.

ඊශා පදනමේ වාර්ෂික වන්දනාව

ඊශා සෑම වසරකම නියමිත ඍතුවලදී (Annual Pilgrimage) අඛණ්ඩව විශේෂිත කයිලාශ් මානසසරෝවර් වන්දනා යාත්‍රාවක් (Kailash Manasarovar Yatra) සංවිධානය කරන්නේය. වසර ගණනාවක සිට කයිලාශ් මානසසරෝවර් වන්දනා වාරය තුළ කණ්ඩායම් කිහිපයක් (Multiple Batches) ලෙස වන්දනාකරුවන් සිය ගණනක් ටිබෙටය සහ නේපාලය හරහා කයිලාශ් පර්වතය වන්දනා කරවිමට ඔවුන් කටයුතු කරන්නේය.

මෙම වන්දනාකරුවන් නේපාලයේ කත්මණ්ඩු නුවරට රැස්වී, එතැන් සිට මාර්ග සහ අඩි පාරවල් ඔස්සේ නේපාල-ටිබෙට් දේශසීමාව හරහා කයිලාශ් පර්වතය සහ මානසසරෝවර් විල වෙත ළඟා වන්නේය.

හින්දු, බෞද්ධ සහ ජෛන භක්තිකයන් පූජනීය ලෙස සලකන කයිලාශ් පර්වතය වෙත කෙරෙන මෙම ගමනට ලොව පුරා රටවල් ගණනාවකින් අනුගාමිකයින් විශාල පිරිසක් එක්වන්නාහ.

මෙම වසරේද විවිධ රටවල් 19ක වන්දනාකරුවන් රැසක් ඊශා පදනම යටතේ ඊට එක්ව සිටියහ. නේපාලය සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ සිදුවූ දැවැන්ත හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදහන්වන වන්දනාකරුවන් 77 දෙනාගේ නඩය අයත් වන්නේ සද්ගුරු ලෙස ප්‍රකට මේ ජග්ගි වාසූදේවයන්ගේ ඊශා පදනම විසින් සංවිධානය කළ වන්දනා ගමනකටය. මේ පිරිස කෛලාශ වන්දනාවෙන් අනතුරුව වන්දනාව නිමා කර ආපසු නේපාලය දෙසට පැමිණෙමින් සිටියේය. ඔහුන් අනතුර සිදුවන අවස්ථාවේ සිටියේ , දේශසීමා ආගමන විගමන (Immigration) කාර්යාලය තුළය.

ඛේදවාචකයේ ආරම්භයේ දී සද්ගුරු ස්වකීය X (ට්විටර්) ගිණුම ඔස්සේ මේ ඛේදවාචකය ගැන සිය මුල්ම සටහනක් තබමින් මෙසේ සඳහන් කළේය:

“ටිබෙට්–චීනයේ ගියිරොංහි භයානක හා ඛේදජනක ගංවතුරක් සිදුවී ඇත. අපගේ කෛලාශ කණ්ඩායම්වලින් එකක් ඊට හසු විය. ආපසු එන අතරතුර ඔවුන් ආගමන විගමන කාර්යාලයේ සිටියදී ගංවතුර පැමිණි අතර ගොඩනැගිල්ල සහ නගරයේ විශාල කොටසක් ජලයෙන් යටවී ඇති බව පෙනේ.”

ගොඩනැගිල්ල තුළ සිටි කිසිවෙකු පිළිබඳව ක්ෂණික නිල තොරතුරක් ලබාගැනීමට නොහැකි වූ බව පැවසූ සද්ගුරු, ස්වේච්ඡා සේවකයන් සහ සහාය කණ්ඩායම් බලධාරීන් සමඟ එක්ව ඕනෑම අවදානමක් ගනිමින් ගලවාගැනීමේ මෙහෙයුම්වලට සහභාගී වීමට සූදානම් බවද අවධාරණය කළේය. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ ගංවතුර ගොඩනැගිල්ලට කඩා වදින්නට එක් මොහොතකට පෙර අවස්ථාවය.

අතුරුදන් වූ 'S3' කණ්ඩායම සහ ජාතිකත්වයන්

ගංවතුරට හසු වූ මෙම විශේෂිත කණ්ඩායම 'S3' ලෙස හඳුන්වනු ලබන්නේය, එහි සමස්ත සාමාජික සංඛ්‍යාව 80කට ආසන්න විය. ඉන් 77 දෙනෙකු ආගමන විගමන කාර්යාල ගොඩනැගිල්ල තුළ සිට ඇති අතර, තවත් ස්වේච්ඡා සේවකයන් තිදෙනෙකු නේපාල සීමාවේ පිහිටි ටිමුරේ (Timure) ප්‍රදේශයේ රැඳී සිට ඇත.
අතුරුදන් වූ කණ්ඩායමේ කාන්තාවන් 46ක් සහ පිරිමින් 34ක් වෙති. ඇමෙරිකා එක්සත් ජනපදය (22), කැනඩාව (12), ඕස්ට්‍රේලියාව (11), එක්සත් රාජධානිය (9), ජර්මනිය (4), ප්‍රංශය (3), නේපාලය (3), නෙදර්ලන්තය (2), නවසීලන්තය (2), සිංගප්පූරුව (2), ස්පාඤ්ඤය (2) ක් සහ ෆින්ලන්තය, හංගේරියාව, ඊශ්‍රායලය, ලිතුවේනියාව, පිලිපීනය, පෘතුගාලය, රුසියාව සහ දකුණු අප්‍රිකාව යන රටවලින් එක් වන්දනාකරුවා බැගින් මේ නඩයට එක් වී සිටියහ.

අවසාන සන්නිවේදනය සහ ගොඩනැගිල්ල ගසාගෙන යාම

සද්ගුරු සඳහන් කළ පරිදි, මෙම කණ්ඩායම ඔහුට සාගා (Saga) නගරයේදී මෙන්ම කෛලාශය වෙත යන අතරතුරදීද හමුවී තිබුණි. කණ්ඩායම් නායක ඉෂාංග ප්‍රවීන් (Ishanga Praveen) උදෑසන 9.05ට අදාළ ඉමිග්‍රේෂන් කාර්යාලයට ළඟා වූ බවට පණිවිඩයක් එවා තිබූ අතර, ගංවතුර පැමිණ ඇත්තේ උදෑසන 9.14ට පමණය.

ප්‍රවීන්ගේ නේපාල දුරකථන අංකය ක්‍රියා විරහිත වී තිබීම නිසා ඔවුන් දේශසීමාව පසුකර නොගිය බවත්, මුළු කණ්ඩායමම ගොඩනැගිල්ල ඇතුළත සිටින්නට ඇති බවත් සද්ගුරු අනුමාන කළේය. සතියකට පෙර තමන්ද භාවිත කළ එම ආගමන විගමන ගොඩනැගිල්ල ඇතුළු මුළු නගරයේ කොටසක්ම අඩි 40ක් (මීටර් 12ක්) පමණ උසට පැමිණි ජල පහරින් සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස් ඇති බව පසුව වාර්තා විය.

“විනය නිසා කලින් ගියා” – කාලය පිළිබඳ සද්ගුරුගේ පසුතැවිල්ල

අගෝස්තු 30 වැනිදා වැඩිදුර විස්තර දක්වමින් සද්ගුරු ප්‍රකාශ කළේ, ටිබෙට්–නේපාල දේශසීමාවේ පවතින දැඩි තදබදය සහ අවුල් සහගත තත්ත්වය මගහැරීම සඳහා තම කණ්ඩායම් සැමවිටම වේලාවට කලින් ආගමන විගමන කාර්යාලයට යාමේ විනයගරුක පුරුද්දක් පවත්වාගෙන ගිය බවය.

“අපට පළමු කණ්ඩායම වීමට අවශ්‍යයි. ඔහු වාර්තා කළ විට මම කිව්වා ‘හොඳයි’ කියලා. මට හිතෙනවා අපට මෙතරම් විනයක් නැතිවුණා නම් හොඳයි කියලා. අඩ පැයකින් පසුව එතැනට ගියා නම් මෙහෙම වෙන්නේ නැහැ. නමුත් අපි නියමිත වේලාවට ගියා. එතකොටම මේක වුණා,” යනුවෙන් සද්ගුරු දැඩි කනගාටුවෙන් යුතුව පැවසීය.

ආරම්භයේදී ඔවුන් ගොඩනැගිල්ල ඇතුළත සිටින බව දැනගත් විට, ගොඩනැගිල්ල ජලයෙන් යටවී පාස්පෝට්, ඇඳුම් හෝ බෑග් අහිමි වුවද ඔවුන්ගේ ජීවිත ආරක්ෂිත වනු ඇතැයි සිතූ නමුත්, සමස්ත ගොඩනැගිල්ලම විනාශ වී යාමේ බිහිසුණු ඛේදවාචකය දැනගත් බව සද්ගුරු පැවසුවේය.

සහන සේවා සහ වර්තමාන තත්ත්වය

අගෝස්තු 27 වන දින වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් සද්ගුරු කඳුළු සලමින් කියා සිටියේ, මෙම අහිමි වීම හමුවේ තමන් දැඩි වේදනාවෙන් පසුවන බවය. ඔහු ඉන්දියානු, චීන සහ ඇමෙරිකානු තානාපති කාර්යාල හරහා බලපෑමට ලක්වූ ප්‍රදේශයට යාමට අවසර ඉල්ලා සිටි අතර, පවුල්වලට සහනයක් විය හැකි යම් හෝ සලකුණක් සෙවීම තම එකම අරමුණ බව පැවසීය.

දේශසීමාවේ මාර්ග අවහිර වීම සහ සන්නිවේදන පද්ධති බිඳවැටීම නිසා ඔහු පුද්ගලිකව එම ස්ථානයට ළඟා වීමට දැරූ උත්සාහයන් අසාර්ථක විය. නේපාල පාර්ශවයේ වාර්තා අනුව 484 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති අතර, සමස්ත ව්‍යසනයෙන් බලපෑමට ලක්වූ සංඛ්‍යාව 1,500 ඉක්මවිය හැකි බවට අනුමාන කෙරේ.

ඊෂා පදනම මගින් සංවිධානය කළ මෙවර කෛලාශ යාත්‍රාවේ සමස්ත කණ්ඩායම් 21 අතුරින් 495 දෙනෙකු ආරක්ෂිතව ආපසු පැමිණ තිබුණහ. 743 දෙනෙකු ටිබෙට්හිද, 148 දෙනෙකු නේපාලයේද රැඳී සිටිති.

මේ වන විටත් අතුරුදන් වූ 77 දෙනා පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැත. පදනමේ කණ්ඩායම් සම්බන්ධීකාරක මා ගම්භිරි (Maa Gambhiri) සඳහන් කළේ අදාළ පවුල් දැඩි චිත්තවේගීය කැළඹීමක පසුවන බවය.

අතුරුදන් වූවන්ගේ පවුල්වල වේදනාව තමන්ද එකසේ විඳින බවත්, ඔවුන් වෙනුවෙන් කළ හැකි සියලු උත්සාහයන් අඛණ්ඩව සිදු කරන බවත් සද්ගුරු අවසාන වශයෙන් සනාථ කළේය.

මේ වනවිට මරණ 797ක් පමණ සොයාගෙන තිබේ. අතුරුදන් වූවන්ගේ ගණන 3,048ක් පමණය. ඒ අතර සමස්ථ විදේශිකයන් ගණන 592කි. මේ මහා ව්‍යසනයට කම්පා වන්නට සද්ගුරුගේ කඳුළු මදි බව දනිමු.