LSN News › Sri Lanka

අනුමත පටිපාටියෙන් පිට පත්වීම් දීම: හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍ය රවී කරුණානායක අද (31) දින අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සිදුවන ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවය.

LSN Sri Lanka · 31 August 2026

අනුමත පටිපාටියෙන් පිට පත්වීම් දීම: හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍ය රවී කරුණානායක අද (31) දින අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සිදුවන ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවය.

විමර්ශකයන් විසින් නිකුත් කරන ලද කැඳවීමකට අනුව හිටපු අමාත්‍යවරයා පෙදින පෙ.ව. 8.15 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇත. පැය කිහිපයක් පුරා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් සහ ප්‍රශ්න කිරීමෙන් පසුව විමර්ශන නිලධාරීන් විසින් ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අනුමත කළ බඳවා ගැනීමේ පටිපාටියෙන් සම්පූර්ණයෙන්ම බාහිරව පුද්ගලයින් පස්දෙනෙකු කොන්ත්‍රාත් පදනම මත ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවා ගෙන, පසුව ඔවුන්ව හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කරන්නේ මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා මීට පෙර අවස්ථා හතරකදී රවී කරුණානායක වෙත කැඳවීම් නිකුත් කර තිබූ නමුත්, එම කිසිදු අවස්ථාවක ඔහු කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට කටයුතු නොකළ බවයි.

එමෙන්ම මෙම පරීක්ෂණයට අදාළව මීට දින දෙකකට පෙර විමර්ශකයින් බත්තරමුල්ල, රාජමල්වත්ත පාරේ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ නිවසටද ගොස් තිබිණි. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී ඔහු නිවසේ රැඳී සිට නොමැති බවද නිලධාරීන් පවසා සිටියේය.

එහෙත් රවි කරුණායකගේ මාධ්‍ය මෙහෙයවන පිරිස් විසින් වට්ස්ඇප් පණිවිඩ මගින් මාධ්‍යයට දැනුම් දුන්නේ රවී කරුණානයක අල්ලස් කොමිසම මගහැරීමට උත්සාහ නොකළ බවත් කැඳවීම කළ දිනයේ සිය නීතිඥයින් මාර්ගයෙන් නොපැමිණිය හැකි බව දන්වා වෙනත් දිනයක් ලබා ගත් බවත්ය. එසේ තිබිය දී අල්ලස් කොමිසමේ පැමිණීම ගැටලු සහගත බව ද ඔවුහු කීහ.

කෙසේ වෙතත් රවී කරුණානයක අද කැඳවූ සිදුවීමට අදාළ විමර්ශන යටතේ මේ වන විටත් වෙනත් පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිවද නීතිමය පියවර ගෙන තිබේ. මීට පෙර ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනී ශ්‍යාමිලා පෙරේරා ද මෙම විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඇය ජූනි 30 වනදා ඇප මත මුදා හැරිණි.