LSN News › Sri Lanka

අමාත්‍ය රවි කරුණානායක ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නියෝග කරයි!

අත්අඩංගුවට ගත් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂාවිතාන අද නියෝග කළේය.

LSN Sri Lanka · 31 August 2026

අමාත්‍ය රවි කරුණානායක ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නියෝග කරයි!

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවා ගත් සේවකයන් තිදෙනෙකු තම දේශපාලන කටයුතු සඳහා යොදවා ගනිමින් රජයට පාඩුවක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂාවිතාන අද නියෝග කළේය.

ඒ අනුව සැකකරු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුට විදේශ ගමන් තහනමක් ද පැනවීය.

අදාළ සිදුවීමට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කළ කරුණු දැක්වීම්වලින් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සැකකරු, විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (31) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා හතරකදී සැකකරුට දන්වා සිටියද ඔහු එසේ කිරීමට අපොහොසත් වූ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් අගෝස්තු 29 වැනිදා ඔහුගේ නිවසට ගොස් පරීක්ෂණයක් පවත්වා තිබේ.

කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබියදීත් සැකකරු දීර්ඝ කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියද, අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී, ඔහුගේ දියණියගේ මංගල්‍යය සඳහා ඔහු නුවරඑළිය ප්‍රදේශයට ගොස් ඇති බව දැනුම් දී ඇති බව කොමිසම වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වීය.

කෙසේවෙතත්, පසුව සිදුකළ විමර්ශනවලදී සැකකරු නුවරඑළිය ප්‍රදේශයේ නොව හම්බන්තොට ප්‍රදේශයේ සිටින බවට තොරතුරු අනාවරණය වූ බව අල්ලස් කොමිසම අධිකරණයට පැවසීය.

විමර්ශන නිලධාරීන්ට අනුව, සැකකරු 2015 ජනවාරි 12 සිට 2017 මැයි 22 දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ජාතික ලොතරැයි මණ්ඩලයේ එවකට සභාපතිනිය වූ ශ්‍යාමලා පෙරේරා සමඟ එක්ව සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු සහ කළමනාකරණ සහකාරවරයෙකු ලෙස පුද්ගලයන් තිදෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන, ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල් භාවිත කරමින් ඔවුන්ට වැටුප් ගෙවා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියකට අනුයුක්ත කර ඇති බව පවසමින් මෙම පුද්ගලයන් තිදෙනා බඳවා ගෙන ඇති නමුත්, ඔවුන් ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් කිසිදු සේවයක් ඉටු කර නොමැති බව නිලධාරීහු චෝදනා කළහ.

එසේ වුවද, ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ඔවුන්ගේ වැටුප් සහ දීමනා ගෙවා ඇති අතර, එමගින් එම ආයතනයට මූල්‍ය පාඩුවක් සිදුවී ඇත.

සැකකරු පළමු සැකකරු සමඟ එක්ව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට කටයුතු කර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

1994 අංක 20 දරන පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දූෂණ වරද සිදුකළ බවට හිටපු මුදල් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක වීරසූරිය සෛෟඛ්‍ය අපහසුතා කිහිපයකින් පෙළෙන බව සඳහන් කරමින් ඔහු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥවරයා අධිකරණය හමුවේ මෙසේ පැවසීය:

"ස්වාමීනි, මගේ සේවාදායකයාට දැනට ස්ටෙන්ට් පහක් යොදා තිබෙනවා. 2026 අගෝස්තු 26 වැනිදා සිංගප්පූරුවේ රෝහලකදී සිදුකළ පරීක්ෂණයකට අදාළ වෛද්‍ය වාර්තාවල දැක්වෙන්නේ අනාගතයේදී තවත් ස්ටෙන්ට් තුනක් යෙදීමේ හැකියාවක් පවතින බවයි. මගේ සේවාදායකයා නිද්‍රා ශ්වසන අපහසුතාවයෙන්ද පෙළෙනවා. ඔහුට සෙලියුලයිටිස් නම් බරපතල බැක්ටීරියා ආසාදනයක් ද වැළඳී ඇති බැවින් අඩු සනීපාරක්ෂාවක් සහිත පරිසරවල සිටීමට නොහැකියි."

විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා තම සේවාදායකයාට දිනපතා ලබාගත යුතු ඖෂධ නියම කර ඇති බවත්, දියවැඩියාව සඳහා ඉන්සියුලින් ද ලබාගනිමින් සිටින බවත් නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

"මෙම නඩුවේ පළමු සැකකරුට දැනටමත් ඇප හිමිවී ඇති බැවින් මගේ සේවාදායකයා ද ඇප මත මුදා හරින ලෙස මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා." නීතිඥවරයා පැවසුවේය.

තම සේවාදායකයා අධිකරණ කටයුතුවලින් මගහැරීමට කිසිදු හේතුවක් නොමැති බවත්, ඔහු සම්බන්ධ තවත් නඩු කිහිපයක් උසස් අධිකරණ හමුවේ විභාග වෙමින් පවතින බවත් නීතිඥවරයා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හිටපු අමාත්‍ය රවි කරුණානායක ඇප මත මුදා හැරීමට නියෝග කළේය.