වතුර බිංදුවක් සොයා දවස ගෙවන මිනිස්සු: නියඟයෙන් වේලෙන රටක දරුණු පානීය ජල හිඟයේ ඇතුළාන්තය!
වැලිකන්ද, කොළකනවාඩිය ගම්මානයේ පදිංචි නිල්මිණීටත් ඇගේ අසල්වැසි ගැමියන්ටත් මේ වනවිට දිය පොදක් යනු මහා දුෂ්කර ක්‍රියාවකින් උපයා ගත යුතු වස්තුවකි.
LSN Sri Lanka ·

ඔබට දිය පොදක් අරුමයක් නැත. එය ඇත්තේ නිවසේ කරාමය ලඟට යන දුරිනි. ඔබ මොනතරම් වාසනාවන්තදැයි තේරුම් ගන්නට පොඩ්ඩක් ගෙයි දොරින් එපිට සමාජය ගැන දැනගත යුතුය. අපේ රටේ මිනිස්සුන්ගෙන් අඩුම තරමින් සියයට 20ක් මේ වනවිට ජල පොදක් වෙනුවෙන් අරගල කරති.

වැලිකන්ද, කොළකනවාඩිය ගම්මානයේ පදිංචි නිල්මිණීටත් ඇගේ අසල්වැසි ගැමියන්ටත් මේ වනවිට දිය පොදක් යනු මහා දුෂ්කර ක්‍රියාවකින් උපයා ගත යුතු වස්තුවකි.

ගමේ ජීවිත චර්යාව සැකසි ඇත්තේ වතුර භාජනයක් සමග කරන සටනක් මතය. උදේ හිරු එළිය වැටෙන්නට පෙර බූලි බැරල් පා පැදියේ එල්ලාගෙන කිලෝ මිටර ගණන් දුර නලේට යන නිල්මිණිලා නැව ගොම්මනට පෙර ජල නලය ලඟ පෝලිම් වෙති. ගැමියන්ගේ රැකියා, දරුවන්ගේ අධ්‍යාපනය, ගෙදර දොරේ වැඩ කටයුතු සියල්ල තීරණය කරමින් සැලසුම් කරන සාධකය වතුර භාජනයක් වී තිබීම ඔබට සිතාගත හැකිදැයි නොදනිමි.

කොලකනවාඩියේ කිසිම ළිඳක මේ වනවිට වතුර නැත. නියඟයත් සමග අලුතින් හෑරු ළිංවල ද ජලය නැත. උයාපිහාගෙන අවම සෞඛ්‍ය ආරක්ෂාව හෝ පවත්වා ගැනීම අභියෝගයක් වන පරිසරයක ජීවිතය කොයිවගේ දැයි සිතන්නට උත්සාහ නොකළ යුතුය. දිවයිනේ ප්‍රදේශ රැසක තත්ත්වය මෙයය. පවතින දීර්ඝ වියළි කාලගුණයත් සමඟ පානීය ජල මූලාශ්‍ර සිඳී ගොස් තිබේ.

"අපි කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ? වැසිකිළියට යන්නවත් වතුර බිංදුවක් නැහැ," කොලකනවාඩියේ එක් ගැමියෙක් සිය දැඩි අසරණකම ප්‍රකාශ කළේය.

“වතුර එකතු කරගන්න කිලෝමීටර දෙකක් තුනක් යන්න ඕනේ. උයන පිහින මුට්ටි හෝදගන්න වතුර හිඟකම නිසා අපි හැමදේම එකතු කරලා එක පාරටම හෝදනවා," තවත් කාන්තාවක කීවාය.

දහස් ගණනක් පිපාසයෙන්,

මේ නිල්මිණී ඇතුළු කොලකනවාඩියේ ගැමියන්ගේ හුදකලා කතාව නොවේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාර්තාවලට අනුව, පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට අයත් පවුල් 26,457ක පුද්ගලයින් 84,545 දෙනෙකු දැඩි පීඩාවට පත්ව සිටිති.

මෙසේ පීඩාවට පත් පිරිස දිනෙන් දින ඉහළ යන අතර, ඒ අනුව දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක පවුල් 24,144කට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකු වෙත මේ වන විටත් බවුසර් මගින් පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇත.

මෙලෙස ජලය ලබාගන්නා වැඩිම පිරිස මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එහි පවුල් 11,074ක පුද්ගලයින් 35,639 දෙනෙකු ඊට ඇතුළත්ය. මීට අමතරව මඩකලපුවේ පුද්ගලයින් 28,253ක්, අම්පාරේ 8,847ක් සහ පොළොන්නරුවේ 2,646 දෙනෙකු ද පානීය ජලය සපයා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.

විනාශවන ගොවිබිම්

පානීය ජල අර්බුදයට අමතරව, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට නියඟයෙන් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ දත්තවලට අනුව දිවයින පුරා වී ගොවිබිම් අක්කර 37,101ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ගොවීන් 32,967 දෙනෙකු අසරණ වී සිටී.

මෙයින් වඩාත්ම හානියට පත්ව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයටය. , එහි අක්කර 19,388ක් විනාශ වී ගොවීන් 22,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති. උඩවලවේ ප්‍රදේශයේ අක්කර 10,000කට වැඩි ප්‍රමාණයක් ද, මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල තවත් වී සහ බෝග අක්කර 8,000ක් පමණ ද විනාශ වී ගොවීන් 7,000ක් පමණ අසරණ වී ඇත.

මෙම වියළි කාලගුණය සත්ත්ව ආහාර හිඟයට මග පාදමින් අනුරාධපුර සහ පොළොන්නරුවේ කිරි ගොවිතැනට ද දැඩි ලෙස බලපා ඇති අතර, එළදෙනකගෙන් ලැබෙන දෛනික කිරි ලීටර් 7-8 ප්‍රමාණය ලීටර් 1-2 දක්වා ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

වන සත්තුද පිපාසයෙනි. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ අලි රංචු ජලය සොයා ජනරංජන වැව වෙත ඇදී එමින් ඇත. දිය පොදක් සොයා ගන්නට පිපාසිත සත්තු වනබිම්වලින් එළියට එන්නේ මස් වැද්දන්ගේ පහසු ගොදුරු වෙමිනි.
එමෙන්ම සිඳී යන ජලාශවල මාළුන් මියයෑම වාර්තා වේ. සමස්ථ වනජීවී ගහනය ද මේ වන විට දැඩි පැවැත්මේ තර්ජනයකට මුහුණ පා සිටිති.

වාරි ජල මට්ටම්

ශ්‍රී ලංකාව දැනට දිනකට කියුබික් මීටර් මිලියන 2.8 ක පමණ ජල ප්‍රමාණයක් නිපදවනු ලබයි. එයින් සියයට 24 ක් පමණ ප්‍රධාන ජලාශවලින් ද, ඉතිරිය ගංගා සහ වෙනත් ජල මූලාශ්‍රවලින් ද ලබා ගනී.

කෙසේ වෙතත්, දීර්ඝ වියළි කාලගුණයේ බලපෑම හේතුවෙන් රටේ ජල ධාරිතා මට්ටම් ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාරට අනුව රටේ ප්‍රධාන ජලාශ 74ක ඵලදායී ජල ධාරිතාව අගෝස්තු 23-24 වන විට සියයට 36ක් පමණට පහත වැටී තිබේ.

තෙත් කලාපයේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම සාපේක්ෂව ස්ථාවරව පවතින නමුත් හම්බන්තොට, මඩකලපුව, මොණරාගල, මන්නාරම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සමහර ජලාශවල ධාරිතාව සියයට 30ටත් වඩා අඩුය. උදාහරණ ලෙස අනුරාධපුරයේ මානන්කට්ටිය ජලාශයේ ඵලදායී ගබඩාව සියයට 1.5ක්, හම්බන්තොට මුරුතවෙල සියයට 1.6ක්, මොණරාගල ඇතිමලේ සියයට 5.4ක් සහ අම්පාර රොට්ටිකුලම සියයට 8.1ක් ලෙස වාර්තා වේ.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ ජාතික ජල සම්පාදන පද්ධතියට දරුණුතම බලපෑම දැනට එල්ල වී ඇත්තේ මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවලට බවයි. මොනරාගල ජල සම්පාදන මණ්ඩලයේ ජල සැපයුමෙන් ආවරණය වනනේ නැත. ඊට ක්ෂණික විසඳුමක් ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ භූගත ජල මූලාශ්‍ර නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මණ්ඩලය විසින් ආරම්භ කර තිබේ. "අපි මොණරාගල දිස්ත්‍රික්කයේ භූගත ජල මූලාශ්‍ර හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව නළ ළිං 65 ක් පමණ පිරිසිදු කර නැවත සාමාන්‍ය ධාවන තත්ත්වයට ගැනීමට කටයුතු කරමින් සිටිනවා," යැයි බණ්ඩාර පැවසීය.

කරන්නේ කුමක් ද?
පවතින ජල හිඟය ඉදිරි මාස පිළිබඳව විශේෂයෙන්ම එළඹෙන වගා කන්නය පිළිබඳව දැඩි ලෙස සිතීමට බලධාරීන්ට බල කර ඇත. අද පැවැති කන්නයට පෙර රැස්වීමකදී, කන්තලේ වාරි යෝජනා ක්‍රමය යටතේ ඔක්තෝබර් 10 වැනිදා සිට මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට තීරණය විය. මෙම ව්‍යාපෘතිය යටතේ අක්කර 24,000 කට ආසන්න කුඹුරු ප්‍රමාණයක් වගාව සඳහා සූදානම් කර ඇත.

කන්තලේ නේවාසික ව්‍යාපෘති කළමනාකාර පී.ජී. රත්නසිරි පැවසුවේ මෙම කන්නයේ සාර්ථකත්වයට ජල කළමනාකරණය තීරණාත්මක වනු ඇති බවයි. "නොවැම්බර් 5 වෙනිදා වෙනකොට වගා කටයුතු අවසන් කරන්න අපි තීරණය කළා. මහවැලි පද්ධතියේ අවසාන ජලාශය කන්තලේ වන අතර ජලය ළඟා වීමට කිලෝමීටර 50 කට වඩා ගමන් කළ යුතුයි. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ පවතින ජලය කාර්යක්ෂමව කළමනාකරණය කර සාර්ථක වගා කන්නයක් තහවුරු කිරීමයි," ඔහු පැවසීය.

ඔක්තොම්බර වනවිට මේ මිනිස්සුන්ට ජල පොදක් ලැබෙනු ඇතැයි කාලගුණ විශේඥවරු පුරෝකථනය කරති. එමෙන්ම
ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ ජල කළමනාකරුවන්ට සංඛ්‍යාලේඛන විසින් කියැවෙන කතාවක් තිබේ . ඒ කතාව මහ පොළොවේ රූපණය වන්නේ දිය පොදක් සඳහා සිය ජීවන චර්යාවත් වෙනස් කරගෙන දූවිලි පිරුනු වියලි මං පෙත් ඔස්සේ ගින කූටකය යට දිය පොදක් සොයාගෙන බයිසිකල් පදින නිල්මිණීලාගේ ජීවිතවලිනි.

බයිසිකල් ගමන්, හිස් බාල්දි සහ දූවිලි පිරුණු පාරවල්වල දිග පළලි අතර ලියැවෙමින් ඇති ඒ කතාවේ ඛේදවාචකය සොබා දහම විසින් ඉදිරියේ දී තීරණය කරනු ඇත.