LSN News › Sri Lanka

Politics · Sri Lanka Bureau

ඛනිජ කැණීම් බලපත්‍ර ගැනීමේදී ආයෝජකයන්ට මුහුණ පාන්නට සිදුවන ගැටලුවලට කඩිනම් විසඳුම්!

මෙරට ඛනිජ සම්පත ජාතික ආර්ථිකයේ වර්ධනයට සහ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට විධිමත් ලෙස උපයෝගී කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව අද ජනාධිපතිවරයා සමග ක්ෂේත්‍රයේ වගකීම් දරන පිරිස් පුළුල් ලෙස සාකච්ඡාවක නිරත විය.

LSN Sri Lanka · 31 August 2026

ඛනිජ කැණීම් බලපත්‍ර ගැනීමේදී ආයෝජකයන්ට මුහුණ පාන්නට සිදුවන ගැටලුවලට කඩිනම් විසඳුම්!

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තිය හරහා ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය නැංවීමට ජනපතිගෙන් කඩිනම් උපදෙස්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමයේ (SLMSA) සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඛනිජ සම්පත් ගවේෂණය, කැණීම් සහ අගය එකතු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, මෙරට ඛනිජ සම්පත ජාතික ආර්ථිකයේ වර්ධනයට සහ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට විධිමත් ලෙස උපයෝගී කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

දේශීය නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජකයන් සඳහා සහන ලබා දීම මෙන්ම පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු විය.

විදේශීය සහ දේශීය ආයෝජන ආකර්ෂණය කර ගනිමින් ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර, කැණීම් සඳහා බලපත්‍ර ලබා ගැනීම ඇතුළු රාජ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී ආයෝජකයින්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

එසේම, පැවති ප්‍රතිපත්තියේ ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ආයෝජන කැඳවා ගැනීමේදී ඉතා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ අදාළ සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජේ.ජී.එල්. සුලක්ෂණ ජයවර්ධන සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ, අධ්‍යක්ෂ ජනරාල් එන්. බණ්ඩාර ඇතුළු නිලධාරීන්ද, ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමයේ (SLMSA) සභාපති මංගල පී.බී. යාපා, උප සභාපති ඒලියන් වින්ස්ටන් ගුණවර්ධන ඇතුළු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.