Sport · Sri Lanka Bureau
සොනාල්ගේ 85 තරම්ම වටින ලහිරුගේ ලකුණු 08
කමිඳු දැවී යාමෙන් පසු පිටියට පිවිසි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන නායක ධනංජය ද සිල්වා (08) සහ නිරෝෂන් ඩික්වැල්ල (00) වගකීම් විරහිත ලෙස දැවි ගියහ. ක්‍රිකට්වලට නාකි වූ හම්පඩයින්ට මෙවැනි අවස්ථාවක දී අවස්ථාවට මුහුණ දිය නොහැකි නම් ඒ අත්දැකීම් හොඳ පංචා කෙළියටය.
LSN Sri Lanka ·

ශ්‍රි ලංකා - ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වී තිබේ. එස්එස්සී ක්‍රීඩාංගනයේ අපේ කණ්ඩායම පණ අදිමිනි. ඉන්දියාවේ ලකුණු 503ක ඉලක්කය හඹා යන ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 265ට කඩුළු 08ක් දැවී ගොස්ය.

තීරණාත්මක මොහොතක වගකීම දැරීමට හැකි ජ්‍යේෂ්ඨයින් නැත. අපට ඉන්නේ ක්‍රිකට්වලටම නාකි වූ පිස්සු කෙලින වයසක හිඟන්නන්ය. අප දැන් අපේ ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ අපේ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ ක්‍රිකට් අනතුරකය. තරගාවලි පරාජය කුජීත එකක් නොවී ජය පරාජයකින් තොරව බේරා ගැනීමේ තීන්දුව අපේ කණ්ඩායම වැස්සට බාර දී ඇති අයුරු දකිමු.

තෙවැනි දිනයේදී වර්ෂාවෙන් විටින් විට සිදුවන බාධා අතර පන්දු ඕවර 83.4ක් යවා තිබේ. අපි කඩුලු 8කට ලකුණු 265 කි. ශ්‍රී ලංකාව තවමත් ඉන්දියාවට වඩා ලකුණු 238ක් පිටුපසින් පසුවේ. නැවත පන්දුවට පහරදීමේ විලි ලජ්ජාවෙන් ගැලවී ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ලකුණු 39ක් අවශ්‍යව තිබේ.

ඉන්දීය ඉනිම

කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දෙමින් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ඕවර 138කදී කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඉන්දීය ඉනිම ශක්තිමත් කළ දෙව්දුත් පඩික්කල් (117) සහ ධ්‍රුව් ජුරෙල් (නොදැවී 115) ශතක රැස් කිරීමට සමත් වූහ. ඊට අමතරව රිෂබ් පාන්ට් ලකුණු 63ක්, ශුභ්මන් ගිල් ලකුණු 50ක්, යෂස්වි ජයිස්වාල් ලකුණු 45ක් සහ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 43ක් රැස් කරමින් ඉන්දීය ඉනිම ඉහළට ඔසවා තැබූහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී හොඳ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු ලකුණු 106කට කඩුලු 4ක් දවාගත්තේය.

පිළිතුරු පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනය නිමාවන විට කඩුලු 2ක් දැවී ලකුණු 8ක් ලබා දැඩි පසුබෑමකට ලක්ව සිටියේය.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ල ලෙස ලහිරු උදාර ලකුණු 01කට දැවී ගියේය. රාත්‍රී මුරකරු ලෙස පැමිණි ප්‍රභාත් ජයසූරිය ලකුණු 02කට දැවී ගියේය.

අද දිනයේ දී මේ තරගය උදෙසා ටෙස්ට් වරම් ලද කමිල් මිෂාර (19) දැවී ගියේය. ඒ වනවිට ශ්‍රි ලංකා කණ්ඩායම මුළු ලකුණු සංඛ්‍යාව 35ට කඩුලු 3කි. ඉන්පසුව පිටියට එක්වූ කමිඳු මෙන්ඩිස් (32) සහ පසිඳු සූරියබණ්ඩාර එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 87ක සබඳතාවක් ගොඩනැගූහ.

කෙසේ වෙතත්, කමිඳු දැවී යාමෙන් පසු පිටියට පිවිසි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන නායක ධනංජය ද සිල්වා (08) සහ නිරෝෂන් ඩික්වැල්ල (00) වගකීම් විරහිත ලෙස දැවි ගියහ. ක්‍රිකට්වලට නාකි වූ හම්පඩයින්ට මෙවැනි අවස්ථාවක දී අවස්ථාවට මුහුණ දිය නොහැකි නම් ඒ අත්දැකීම් හොඳ පංචා කෙළියටය.

කෙසේ වෙතත් සිය දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන පසිඳු සූරියබණ්ඩාර පන්දු 133කදී ලකුණු 80ක් රැස් කළ අතර, විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින සොනාල් දිනුෂ පන්දු 137කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 85ක් ලබා සිටියි. ඔහු සිය ඉනිම තුනේදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් රැස් කරගෙන ඇත්තේය.

කෙෂර නුවන්ත ලකුණු 18කට දැවී ගියේය. තෙවැනි දිනය නිමාවන විට සොනාල් දිනුෂ සහ ලහිරු කුමාර (නොදැවී 08) එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 35ක සබඳතාවක් ගොඩනගා ගනිමිනි. සොන්ල්ගේ ලකුණු 85ට සමාන අගයක් මේ වනවිට ලහිරුගේ ලකුණු 08ට ලැබී තිබේ. ඔහු ඒ ලකුණු 08 රැස් කරන්නේ පන්දු 50කට මුහුණ දෙමින් වීම නිසාය.

ඉන්දීය පන්දු යැවීමේදී පසිද් ක්‍රිෂ්ණ ලකුණු 55කට කඩුලු 3ක් සහ මානව් සුතාර් කඩුලු 3ක් දවාගත් අතර, රවීන්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් සිරාජ් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. පසිද් ක්‍රිෂ්ණගේ වේගවත් පන්දු හමුවේ සහ සුතාර්ගේ පන්දු හැරීම් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවෝ දැඩි ලෙස අපහසුතාවට පත්වූහ.

තෙවැනි දිනයේ ක්‍රීඩාව වර්ෂාව හේතුවෙන් වේලසින් නතර කිරීමට සිදු විය. , සිව්වැනි දිනයේ ක්‍රීඩාව අගෝස්තු 26 වැනිදා උදෑසන 9.45ට ආරම්භ වීමට නියමිතය. අප අවාසන හුස්ම පොද වැටෙන තෙක් ආශ්චර්යයක් ප්‍රාර්ථනා කරගෙනය.