LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

ඓතිහාසික ආර්ජන්ටිනා පා පන්දු වීර කාව්‍යය යුගාන්තරනය කළ වීරයාගේ අවසාන පරිච්ඡේදය!

ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් නිල වශයෙන් සමුගෙන තිබේ. ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ අගෝස්තු 31 වැනිදා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා පළ කරන ලද, අත් අකුරින් ලියන ලද සංවේදී ලිපියක් මාර්ගයෙනි.

LSN Sri Lanka · 1 September 2026

ඓතිහාසික ආර්ජන්ටිනා  පා පන්දු වීර කාව්‍යය යුගාන්තරනය කළ වීරයාගේ  අවසාන පරිච්ඡේදය!

ලෝක පාපන්දු පිටියේ අනුපමේය සලකුණක් තැබූ ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් නිල වශයෙන් සමුගෙන තිබේ. ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ අගෝස්තු 31 වැනිදා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා පළ කරන ලද, අත් අකුරින් ලියන ලද සංවේදී ලිපියක් මාර්ගයෙනි.

ජූලි 19 වැනිදා ඇමෙරිකාවේ නිව් ජර්සිහි පැවති 2026 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය හමුවේ අමතර කාලයේදී 1-0ක් ලෙස පරාජය වීමෙන් අනතුරුව, මෙසී ජාතික කණ්ඩායම නියෝජනය කළ අවසන් තරගය සලකුණු විය. එය ඔහුගේ හයවන ලෝක කුසලාන තරගාවලිය මෙන්ම තෙවන ලෝක කුසලාන අවසන් මහා තරගයද වූයේය.

වයස අවුරුදු 39දී ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා විට මෙසී ආර්ජන්ටිනාව වෙනුවෙන් අන්තර්ජාතික තරග 207කට ක්‍රීඩා කරමින් ගෝල 125ක් රැස් කරගෙන සිටියේය. ඒ අනුව ආර්ජන්ටිනාව වෙනුවෙන් වැඩිම තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කළ මෙන්ම වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා ලෙස තැබූ සදාකාලික වාර්තා ද්විත්වයම තමන් සතු කර ගැනීමට ඔහු සමත් විය.

ඔහුගේ සමුගැනීමේ ලිපිය ලියා ඇත්තේ ජූලි 21 වැනිදාය. එනම් අවසන් මහා තරගයෙන් දින දෙකකට පසුවය. එය ප්‍රසිද්ධ කිරීම ප්‍රමාද වූයේ ඔහුගේ පියාගේ හදිසි සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි. මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී අගෝස්තු 8 වැනිදා රොසාරියෝහිදී වයස අවුරුදු 68දී අභාවප්‍රාප්ත විය. “ තාත්තාගේ සමු ගැනීමෙන් පසුව මීට පෙරට වඩාත් විශ්වාසයෙන් යුතුව මම මේ තීරණය ගනිමි,” යි මෙසී සිය ලිපියේ සඳහන් කර තිබිණි.

ජාත්‍යන්තර මාධ්‍ය මෙම සිදුවීම හුදෙක් ක්‍රීඩකයෙකුගේ විශ්‍රාම යාමක් ලෙස පමණක් අර්ථ දැක්වූයේ නැත. 'ඉන්දියා ටුඩේ' පුවත්පත මෙය හැඳින්වූයේ “ජාත්‍යන්තර පාපන්දුව සදහටම වෙනස් කළ ආදර කතාවක්” ලෙසය. ගාඩියන්, බීබීසී, රොයිටර්ස් සහ ද ඇත්ලටික් යන ප්‍රමුඛ මාධ්‍ය ආයතන සියල්ලම පෙන්වා දුන්නේ මෙය ඩියේගෝ මැරඩෝනාගෙන් පසුව ආර්ජන්ටිනාවට ලැබුණු දෙවන ජාතික වීර කාව්‍යයේ අවසාන පරිච්ඡේදය බවය.

අභියෝගවලින් පිරි ආරම්භය

රොසාරියෝ නගරයේදී කුඩා ළමයෙකු ලෙස පාපන්දු ගමන ඇරඹූ මෙසී කුඩා කලදීම ස්පාඤ්ඤයට ගියේය. බාර්සලෝනා සමාජය ඔහුව ලෝකයට හඳුන්වා දුන්නේය. ස්පාඤ්ඤය ඔහුව තමන්ගේ ක්‍රීඩකයෙකු කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළද මෙසී පැවසූයේ, “මම කවදාවත් ආර්ජන්ටිනා ජාතිකයෙක් වීම අත්හරින්න හිතුවේ නැහැ. කැමතිත් නැහැ. මම ආජන්ටිනා වැසියෙක් වීම මට විශාල ආඩම්බරයක්” යන්නය.

2005 වසරේ ඕලන්දයේ පැවති FIFA යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ගෝල 6ක් රැස් කරමින් “ගෝල්ඩන් බූට්“ සහ “ ගෝඩන් බෝල්“ සම්මාන දිනා ගැනීමට ඔහු සමත් විය. නමුත් එම වසරේම අගෝස්තු මාසයේදී හංගේරියාවට එරෙහිව ජ්‍යෙෂ්ඨ ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු තරගයේදීම, පිටියට පිවිස තත්පර 47කින් ඔහුට රතු කාඩ්පතක් හිමි විය. එය ශ්‍රේෂ්ඨ කතාවක ආරම්භය සැමවිටම සුමට නොවන බව පසක් කළ අවස්ථාවක් විය.

පසුව 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ මෙසීට, ඩියේගෝ මැරඩෝනා විසින්ම සිය ඓතිහාසික අංක 10 ජර්සිය භාර දෙන්නේය. අංක 10 යනු ආර්ජන්ටිනා පාපන්දු වීර කාව්‍යයේ ජිවමාන විශිෂ්ඨයා සංකේතවත් කළේය. එතැන් සිට ඔහු ආර්ජන්ටිනා පාපන්දුවේ නිල නොවන හදවත බවට පත් විය.

වේදනාව සහ පසුබෑම් පිරි වසර කිහිපය

2007, 2015 සහ 2016 කෝපා ඇමෙරිකා අවසන් මහා තරගවලදී මෙන්ම 2014 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ජර්මනිය හමුවේ පරාජය වීම මෙසීගේ ක්‍රීඩා දිවියේ දැඩි වේදනාකාරී සංවේදනයන් විය. 2014දී තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස “ගෝල්ඩන් බෝල් “සම්මානය දිනා ගත්තද, කුසලානය අහිමි වීමේ වේදනාව ඔහුගේ මුහුණෙන් මුළු ලෝකයටම පෙනෙන්නට තිබුණි.

2016 කෝපා ඇමෙරිකා අවසන් තරග පරාජයෙන් පසු දැඩි ලෙස අධෛර්යයට පත් මෙසී, “මට ජාතික කණ්ඩායමට තව කළ හැකි දෙයක් නෑ. මම කළ හැකි සියල්ල කළා. ශූරයෙකු නොවීම වේදනාවක්,” යැයි පවසමින් ජාත්‍යන්තර පිටියෙන් තාවකාලිකව සමුගත්තේය. නමුත් සැබෑ ආදරයෙන් සදහටම ඈත් වී සිටීමට නොහැකි වූ බැවින් ඔහු මාසයකට පසුව නැවතත් ජාතික කණ්ඩායමට එක් විය. සියලු සිහින සැබෑවන යුගය ආරම්භ වන්නේ එතැන් සිටිය.

සියලු සිහින සැබෑ වූ ස්වර්ණමය යුගය

ලයනල් ස්කලෝනිගේ මෙහෙයවීම යටතේ ආර්ජන්ටිනා කණ්ඩායම මෙසී වටා නැවත ගොඩනැගුණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේදී කෝපා ඇමෙරිකා කුසලානයත්, 2022 වසරේදී ෆයිනලිසිමා කුසලානයත් දිනා ගැනීමට ඔවුන් සමත් විය.

ඉන්පසු එළඹියේ කටාර් ලෝක කුසලාන තරගාවලියයි. පළමු තරගයෙන්ම සවුදි අරාබිය හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබුවද, එතැන් සිට ඉදිරියට ගිය ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

ප්‍රංශයට එරෙහිව පැවති අතිශය උද්වේගකර අවසන් තරගයේදී මෙසී ගෝල දෙකක් රැස් කළ අතර, 3-3ක් ලෙස සම වී පැවති තරගය පෙනල්ටි ප්‍රහාරවලින් ජය ගනිමින් අවසානයේදී තමන් කාලයක් තිස්සේ පැතූ ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට මෙසීට හැකි විය.

පසුව 2024 වසරේදී නැවතත් කෝපා ඇමෙරිකා කුසලානය දිනා ගනිමින් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය උච්චස්ථානයට ළඟා විය.

අවසාන පරිච්ඡේදය සහ සංවේදී සමුගැනීම

2026 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්ද එක් වූ මෙසී, ඇල්ජීරියාවට එරෙහිව හැට්ට්‍රික් ගෝල දිනාගත් අතර එංගලන්තයට එරෙහි අර්ධ අවසන් මහා තරගයේදී ගෝල ලබා ගැනීම සදහා උපකාර දෙකක් ලබා දුන්නේය. තරගාවලිය පුරා ගෝල 8ක් සහ ගෝල ලබා ගැනීමට උපකාර අවස්ථා 4ක් ලබා දෙමින් ආර්ජන්ටිනාවේ ගෝලවලින් වැඩි ප්‍රමාණයකට දායක විය.

කෙසේ වෙතත්, ස්පාඤ්ඤයට එරෙහි අවසන් මහා තරගයේදී ආර්ජන්ටිනාවට සාර්ථක විමට අවස්ථාවක් ලබා ගැනීමට නොහැකි විය. තරගයේ 106වන විනාඩියේදී ෆෙරාන් ටොරස් රැස් කළ ගෝලයෙන් සහ ආර්ජන්ටිනා කණ්ඩායමේ එන්සෝ ෆර්නාන්ඩෙස් රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වීමෙන් පසු ආර්ජන්ටිනාවේ ජයග්‍රාහී සිහිනය බිඳ වැටුණි. තරගය නිමා වීමත් සමඟ මෙසීගේ කඳුළු පිටිය මත වැටෙනු දක්නට ලැබිණි.

තමන්ගේම වචනවලින් සිය සමුගැනීමේ ලිපියේ මෙසී මෙසේ සටහන් කර තිබුණි:

“මේ තීරණය වේදනාවක්. තවමත් හදවතේ ගැඹුරින් එය මා රිදවනවා. නමුත් මේක නිවැරදි මොහොත කියලා මට තේරෙනවා. මම දිවුරනවා... අපි සියල්ල දිනපු අවසාන වසරවල පමණක් නෙවෙයි, ඊට කලිනුත් මම සෑම දෙයක්ම මගේ රටට දුන්නා. මේ ජර්සිය වෙනුවෙන් සටන් කළා. ඔයාලට සතුට ගෙන දෙන්න, ආරජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩකයෙක් වීම ගැන ආඩම්බර වෙනවා.

කාලය ඉතිරිව තියෙන්නේ ටිකයි... ලියැවෙන පරිච්ඡේද වැසෙනවා. මේක මට ගොඩක් වේදනාත්මක තීරණයක්. ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි කරගැනීමට ආදරය කළා. සැමදාම ආදරෙයි වෙනවා. මා මගේ ජාතික කණ්ඩායමට ක්‍රිඩා කරපු වකවානුව තුළ මම මට තිබුණු සියල්ල දුන්නා. තවත් දෙයක් දෙන්න නැහැ. ඒ වගේම තැනක් ලැබිය යුතු හොඳ තරුණ ක්‍රීඩකයෝ එනවා. ඔවුන් වෙනුවෙන් අවස්ථාව විවර කළ යුතුයි.

වසර 20ක ආදරයට ස්තුතියි. පිටිය ඇතුළෙන් ඔයාලගේ හඬ අහන්න මට බැරි වෙයි. දැන් මම ඔයාලගෙන් කෙනෙක් වෙනවා. පිටියෙන් පිටින් සිට හොඳ අවස්ථාවලදීත්, විශේෂයෙන්ම අමාරු අවස්ථාවලදීත් සහයෝගය දෙනවා.

දෙවියනි... මාව ආර්ජන්ටිනා වැසියෙක් කළාට ස්තුතියි. වාමොස් ආර්ජන්ටිනා!”

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගත්තද මෙසී ඉන්ටර් මියාමි සමාජය සමඟ 2028 දක්වා පවතින ගිවිසුම යටතේ සිය සමාජ පාපන්දු වෘත්තිය දිගටම කරගෙන යනු ඇත. කෙසේ වෙතත්, 'අල්බිසෙලෙස්ටේ' හෙවත් ආර්ජන්ටිනා ජාතික කණ්ඩායමේ ජර්සිය තුළ ඔහුගේ භූමිකාව දැන් ඉතිහාසයට එක් වී හමාරය.

ඩියේගෝ මැරඩෝනා ආර්ජන්ටිනාවට දෙවියෙකු බඳු විය. මෙසී ප්‍රථමයෙන් සාමාන්‍ය මිනිසෙකු වී, පසුව ඒ මිනිසා හරහාම දෙවියෙකුගේ තත්ත්වයට උසස් විය. ඔහු දිනාගත් කුසලානවලට වඩා වැදගත් වූයේ පරාජයන් හමුවේ වුවද නැවත නැවතත් නැගී සිටීමට ඔහු දක්වූ අසමසම හැකියාවය.

2016දී ඉවත් වී නැවත පැමිණි ඔහු, 2022දී ලෝකයම ජය ගත්තේය. 2026දී තවත් වරක් උත්සාහ කළේය.

එය සැබවින්ම අසිරිමත් ආදර කතාවකි. එය සැමවිටම සුන්දර අවසානයක් නොතිබුණද සදාකාලික එකකි. ජාත්‍යන්තර පාපන්දු පිටියේ මින් ඉදිරියට ලයනල් මෙසී නැතත්, ආර්ජන්ටිනා අංක 10 ජර්සිය තුළත්, පාපන්දු ලෝලීන්ගේ කඳුළු සහ මතකයන් අතරත් මෙසී සදාකාලිකවම ජීවත් වනු ඇත.