LSN News › Sri Lanka

සේවක ප්‍රශ්නයට විසඳුම් දී කඩිනමින් සෙවනගල සීනි කර්මාන්තශාලාවේ නිෂ්පාදන අරඹනවා... රජය කියයි!

සේවක වර්ජනයක් හේතුවෙන් ඇනහිට ඇති සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ නිශ්පාදනය කඩිනමින් ආරම්භ කිරිම රජයේ අපේක්ෂාව බවත් මතු වී ඇති සේවක ගැටලු නිරාකරණය කරමින් ඉක්මනින් කාර්මාන්ත ශාලාව විවෘත කරන බවත් රජය පවසයි.

LSN Sri Lanka · 1 September 2026

සේවක ප්‍රශ්නයට විසඳුම් දී කඩිනමින්  සෙවනගල සීනි කර්මාන්තශාලාවේ නිෂ්පාදන අරඹනවා... රජය කියයි!

සේවකයින් සේවයෙන් බැහැර වීම හේතුවෙන් ඇණහිට ඇති සෙවනගල සීනි කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කර එය කඩිනමින් විවෘත කිරීම රජයේ අපේක්ෂාව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පසුගිය 25 වැනිදා පස්වරු 2.00 සිට එහි නිෂ්පාදන අංශයේ සේවය කරන ඇතැම් නිලධාරීන් සහ සේවකයින් සේවයෙන් බැහැර වීමට පියවර ගෙන තිබූ බව පැවසූ ඇමතිවරයා, ඒ හේතුවෙන් 26 සහ 27 යන දෙදින තුළ නිෂ්පාදන කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වූ බව සඳහන් කළේය. පසුගිය සිකුරාදා දින ද නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට උත්සාහ කළද අදාළ සේවකයින් සේවයට වාර්තා කර නොතිබූ බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඇමතිවරයා පෙන්වා දුන්නේ සෙවනගල සීනි කර්මාන්තයේ ගැටලුව වසර ගණනාවක සිට පැවතෙමින් ඇති එකක් බවය.

මෙම අර්බුදයට ඉක්මන් විසඳුමක් ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු බඳවා ගැනීම් හා වැටුප් පිළිබඳ කටයුතු කරන ආයතන සමග අදාළ අමාත්‍යාංශය සහ අධ්‍යක්ෂ මණ්ඩලය මේ වනවිටත් සාකච්ඡා පවත්වමින් සිටින බව පැවසූ ඇමතිවරයා, එම ගැටලු කඩිනමින් නිරාකරණය කරගෙන සෙවනගල සීනි කර්මාන්තශාලාව යළි විවෘත කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.