ශ්‍රී ලංකාව චීනය සමඟ ආගමන පාලන ගිවිසුමකට සැරසෙයි:
ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආගමන පරිපාලනය අතර ආගමන පාලන සහයෝගිතාව සම්බන්ධයෙන් වූ ද්වීපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ තිබේ.
LSN Sri Lanka ·

ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආගමන පරිපාලනය අතර ආගමන පාලන සහයෝගිතාව සම්බන්ධයෙන් වූ ද්වීපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ ඇති අතර, ඊට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දෙරට අතර ආයතන ප්‍රධානීන් හා නිල නියෝජිතයින් මට්ටමින් සිදු කරනු ලබන සාකච්ඡා සහ සංචාර සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, වැදගත් නිල තොරතුරු මෙන්ම බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණකි. එමෙන්ම, සක්‍රීය හා සාධනීය ප්‍රවේශයක් ඔස්සේ දෙරටේ ව්‍යාපාරික, ආයෝජන, සංචාරක, තාක්ෂණික හා විද්‍යාත්මක ක්ෂේත්‍රවල නියැලෙන පුරවැසියන් උදෙසා බලපානු ලබන වීසා, ආගමන හා විගමන කටයුතු පිළිබඳ පහසුකම් සැලසීම ද මෙයින් අපේක්ෂා කෙරේ.

මීට අමතරව සංවිධානාත්මක අපරාධ ලෙස සැලකෙන තැනැත්තන් වෙළඳාම සහ ජාවාරම් කිරීම සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීම සහ නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ධාරිතා සංවර්ධනය උදෙසා වැඩමුළු සංවිධානය කිරීම ද මෙම යෝජිත අවබෝධතා ගිවිසුම මඟින් අපේක්ෂා කෙරේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මෙන්ම නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති මෙම ගිවිසුමට අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.