LSN News › Sri Lanka

ආපදාවෙන් බැටකෑ නේපාලයට ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගය කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූ හැටි!

දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදී මෙන්ම කොවිඩ් වසංගත සමයේදීත් ශ්‍රී ලංකාවට මුලින්ම උපකාර කළ රාජ්‍යයක් වන්නේ නේපාලය බවත් ආර්ථිකව බංකොලොත් වූ අවස්ථාවේ දී ත් නේපාල රාජ්‍ය කළ උපකාර අමත කළ යුතු නැති බවත් රජය පවසයි.

LSN Sri Lanka · 1 September 2026

ආපදාවෙන් බැටකෑ නේපාලයට  ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගය කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූ හැටි!

උතුරු නේපාලයේ රඝුවා දිස්ත්‍රික්කයේ සිදු වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ දැවැන්ත ව්‍යසනයේදී ශ්‍රී ලංකා රජය විසින් නේපාල රජය වෙත මානුෂීය ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක් ලබා දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වී ඇති අතර, මහා පරිමාණයේ දේපළ හානි ද සිදුව තිබේ. මෙම ව්‍යසනයේ බරපතල ස්වභාවය නිසා නේපාල රජය සහ ජනතාව මත සැලකිය යුතු මානුෂීය බරක් පැටවී ඇති අතර, අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කිරීම, තවදුරටත් ගංවතුර ඇති වීමේ අවදානම පැවතීම සහ යටිතල පහසුකම්වලට දැවැන්ත ලෙස හානි සිදු වී තිබීම යන හේතූන් මත සහන හා ප්‍රතිසාධන සහාය කඩිනමින් ලබා දිය යුතුව පවතී.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින ගැඹුරු සංස්කෘතික, ආගමික සහ අන්‍යෝන්‍ය ජන සබඳතා මත පදනම් වූ දිගුකාලීන මිත්‍ර සබඳතා මෙන්ම, බරපතල ස්වභාවික ආපදාවකින් සිදුවන විනාශකාරී මානුෂීය හා ආර්ථික ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති අත්දැකීම් ද සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා රජය විසින් නේපාල රජය වෙත මෙම ඇමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගය සිදු කිරීමට තීරණය කර ඇත.

මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කිරීමක් සිදු කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදී මෙන්ම කොවිඩ් වසංගත සමයේදීත් ශ්‍රී ලංකාවට මුලින්ම උපකාර කළ රාජ්‍යයක් වන්නේ නේපාල රජය බවයි. කොවිඩ් වසංගතය පැවැති අවස්ථාවේදී නේපාල රජය මෙන්ම එහි වැඩවාසය කළ ස්වාමීන්වහන්සේලා සිදුකළ පරිත්‍යාග සිහිපත් කළ අමාත්‍යවරයා, අවශ්‍යතාවයක් වුවහොත් නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ පවා සූදානම් කර තිබූ බව පැවසීය.

"අපේ ආරක්ෂක අංශ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සූදානම් කරලා තිබුණා. විදේශ කටයුතු අමාත්‍යවරයා නේපාල රජය සමඟ සාකච්ඡා කළා. පළමු මොහොතේදී ඔවුන් කියා සිටියේ අවස්ථාව අනුව දැනුම් දෙන්නම් කියලා. වෛද්‍ය උපකරණ සහ මෙහෙයුම් සම්බන්ධයෙන් අවශ්‍ය වන කණ්ඩායමක් අප සතුව ඉන්නවා. මෙම හදිසි ආපදා කටයුතුවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා තමයි අපි නේපාල රජයට ඩොලර් මිලියනයක් ලබා දෙන්න තීරණය කළේ," යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.