දෙහි බාලේගේ සොහොයුරා 'කළු මල්ලී' ඩුබායිහිදී අත්අඩංගුවට!
මේ රජය බලයට පත් වීමෙන් පසු රතු නිවේදන නිකුත් කළ සංවිධානාත්මක අපරාධකරුවන් 55 දෙනාගෙන් 35 දෙනෙකුම සිටින ස්ථාන සම්බන්ධව නිශ්චිත තොරතුරු ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද (01) පැවසුවේය.
LSN Sri Lanka ·

දකුණේ කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ෂෙහාන් සත්සර නොහොත් ‘දෙහි බාලේ මල්ලි’ නැමැත්තාගේ සොහොයුරා මෙන්න ඔහුගේ ප්‍රධානම හවුල්කරුවා වූ තුෂාන් නෙත්සර නොහොත් ‘කළු මල්ලී’ නමැති අපරාධකරු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ප්‍රබලතම පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙහි බාලේ මල්ලිගේ ප්‍රධානතම ජාවාරම් සගයා වන්නේද මෙලෙස අත්අඩංගුවට පත්ව සිටින ඔහුගේ සොහොයුරා වන කළු මල්ලීය. මොවුන් විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවනු ලබන බවට හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් කළු මල්ලී නැමැත්තා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි නෛතික හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සැලසුම් කරමින් පවතින බව අපරාධ විමර්ශන අංශ සඳහන් කරයි.

2025 ඔක්තෝබර් අධිකරණ නියෝගය

2025 ඔක්තෝබර් 21 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් ෂේහාන් සත්සර (දෙහි බාලේ මල්ලී) සහ තුෂාන් නෙත්සර (කළු මල්ලී) යන දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය. ඊට අමතරව ඔවුන්ට විදේශගත වීමේ තහනමක්ද පනවන ලදී.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) අධිකරණයට කරුණු වාර්තා කරමින් පවසා සිටියේ, නාවික හමුදාව විසින් දකුණු මුහුදේ පාවෙමින් තිබියදී සොයාගන්නා ලද කිලෝග්‍රෑම් 839කට අධික ‘අයිස්’ (ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින්), හෙරොයින් සහ හෑෂිෂ් තොගය මෙරටට ගෙන ඒම පිටුපස මෙම දෙදෙනා සිටින බවට විමර්ශනවලදී තහවුරු වී ඇති බවයි.

දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් ඩුබායි හෝ වෙනත් විදේශ රටක සිට මෙම ජාවාරම මෙහෙයවන බවට පොලිසිය එදින අධිකරණය හමුවේ චෝදනා කළ අතර, ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමටද පියවර ගැනිණි. එම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධීවරයින් පස්දෙනෙකුද එදිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි.

දෙහි බාලේ මල්ලී සහ කළු මල්ලී යන පාතාල නාමයන් මාධ්‍යය තුළ ප්‍රසිද්ධියට පත්වූයේ මාතර - දෙවුන්දර දෙහිගෙදර පවුල සම්බන්ධයෙනි. මාධ්‍ය වාර්තා ස සඳහන් වන පරිදි, ඔවුන්ගේ පියා වන උපනන්ද (දෙහි බාලේ) 2006 වසරේදී වෙඩි තබා ඝාතනය කර තිබේ. ආරම්භයේදී ධීවර කටයුතු සමඟ බැඳී සිටි මෙම පවුල පසුකාලීනව සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට යොමුවී ඇති බවට වාර්තා වේ.

අපරාධකරුවන් ගෙන්වීමේ ප්‍රගතිය

මේ අතර අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, පසුගිය දෙවසර තුළදී රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවන් 28 දෙනෙකු සහ රතු නිවේදන නොමැති වෙනත් අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 38 දෙනෙකු ඇතුළුව සමස්ත අපරාධකරුවන් 66 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ජාත්‍යන්තර රතු නිවේදන 110ක් ලබාගෙන ඇති අතර, ඉන් 55 දෙනෙකුම සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වේ.

එම පිරිස අතුරින් 35 දෙනෙකු දැනට සිටින ස්ථාන හඳුනාගෙන ඇති අතර, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නෛතික පියවර ගනිමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.