LSN News › Sri Lanka

බිම්සවියෙන් ඉඩම් මැන අවසන් වන්නට තවත් වසර 87ක්: වැඩේ ඉවර වෙන්නේ 2112 දීලු!

මෙම වැඩසටහන 2007 වසරේදී ආරම්භ කෙරුණු අතර, සැලසුම් කර තිබුණේ 2021 වසර වන විට මෙහි සියලු කටයුතු අවසන් කිරීමටය. කෙසේ වෙතත්, 2025 වසර අවසන් වන විට මෙම වැඩසටහනට වසර 19ක් ගතවී තිබුණද, එම කාලය තුළ මැනුම් කටයුතු අවසන් කිරීමට හැකිව ඇත්තේ ඉඩම් කැබලි මිලියන 02ක ප්‍රමාණයක් පමණි.

LSN Sri Lanka · 5 September 2026

බිම්සවියෙන් ඉඩම් මැන අවසන් වන්නට තවත් වසර 87ක්: වැඩේ ඉවර වෙන්නේ 2112 දීලු!

රට තුළ පැවති ඉඩම් ගැටලුවලට විසඳුම් ලබාදෙමින් යහපත් ඉඩම් කළමනාකරණයක් ඇති කිරීමේ අරමුණින් ආරම්භ කළ 'බිම්සවිය' වැඩසටහන යටතේ ඇති ඉඩම් කැබලි මිලියන 12හි මැනුම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට තවත් වසර 87ක දීර්ඝ කාලයක් ගතවන බව අනාවරණය වේ.

ජාතික විගණන කාර්යාලය මගින් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අදාළව නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව, පවතින මන්දගාමී කාර්යසාධනය හමුවේ මෙම වැඩසටහන සම්පූර්ණයෙන් නිමා කිරීමට හැකිවන්නේ ක්‍රිස්තු වර්ෂ 2112දී ය.

මෙම වැඩසටහන 2007 වසරේදී ආරම්භ කෙරුණු අතර, සැලසුම් කර තිබුණේ 2021 වසර වන විට මෙහි සියලු කටයුතු අවසන් කිරීමටය. කෙසේ වෙතත්, 2025 වසර අවසන් වන විට මෙම වැඩසටහනට වසර 19ක් ගතවී තිබුණද, එම කාලය තුළ මැනුම් කටයුතු අවසන් කිරීමට හැකිව ඇත්තේ ඉඩම් කැබලි මිලියන 02ක ප්‍රමාණයක් පමණි.

බිම්සවිය වැඩසටහන වෙනුවෙන් 2007 සිට 2025 දක්වා කාලය තුළ රුපියල් මිලියන 5,532ක ප්‍රතිපාදන වෙන් කර තිබූ අතර, ඉන් රුපියල් මිලියන 4,450ක මුදලක් මේ වන විටත් වැයකොට ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

'බිම්සවිය' යනු කුමක්ද?

සම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවේ ඉඩමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මිනින්දෝරුවන් විසින් සකස් කරනු ලබන මිනින්දෝරු පිඹුර (Survey Plan) සහ නීතිවේදීන් විසින් සකස් කරනු ලබන ඔප්පුව (Deed) භාවිත කරනු ලබයි. ඉඩමකට අදාළ මෙම ඔප්පු, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලවල ලියාපදිංචි කිරීමෙන් පසුව එම ලේඛනාගාරයන්හි තැන්පත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

කෙසේ වෙතත්, මෙම සම්ප්‍රදායික ක්‍රියාවලිය තුළ ප්‍රායෝගික අඩුපාඩු, නීතිමය ගැටලු සහ ඉඩම් හිමිකම් පිළිබඳ නිරවුල් නොවන තත්ත්වයන් රැසක් නිර්මාණය විය. එම අඩුපාඩු සියල්ල මගහරවා ගනිමින් රටටම එකගෙයි විධිමත් හා නවීන ඉඩම් දත්ත පද්ධතියක් සකස් කිරීම 'බිම්සවිය' ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන රජයේ ආයතන දෙකක් එකාබද්ධව කටයුතු කරනු ලබයි:

මිනින්දෝරු දෙපාර්තමේන්තුව:

බිම්සවිය ව්‍යාපෘතියට අදාළ ඉඩම් ක්ෂේත්‍ර මැනීම් සිදුකිරීම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරයයි. මෙහිදී මනින ලද සියලුම දත්ත අංකිත (Digital) දත්ත ලෙස සකස් කර, විධිමත් ඉඩම් තොරතුරු පද්ධතියකට (Land Information System - LIS) යොමු කිරීම සිදු කරනු ලබයි.

හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව:

මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මැන නිමකරන ලද ඉඩම් කැබලිවල අයිතිය සහ හිමිකම නිරවුල් කිරීම මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි. එහිදී අදාළ ඉඩම් හිමිකම් පන්ති කිහිපයකට වෙන්කර විශ්ලේෂණය කරනු ලබන අතර, හිමිකම් නිරවුල් කිරීමෙන් පසුව රජය මගින් පූර්ණ වගකීම දරනු ලබන නිල "හිමිකම් සහතිකය" ඉඩම් හිමියා වෙත නිකුත් කරනු ලබයි.

එලෙස රටටම අතිශය වැදගත් සහ සුරක්ෂිත ඉඩම් අයිතියක් තහවුරු කරන 'බිම්සවිය' ව්‍යාපෘතිය, පවතින කාර්යසාධන මන්දගාමීත්වය හේතුවෙන් තවත් වසර 87ක් ඉදිරියට ඇදී යාම ජාතික මට්ටමේ අවධානය යොමු විය යුතු කරුණක් බව විගණන වාර්තා පෙන්වා දෙයි.