LSN News › Sri Lanka

ප්‍රියංකර ගැන ප්‍රිය ජනක මතක...

දේහය අද (සැප්තැම්බර් 02) පස්වරුවේ බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවකට රැගෙන යන අතර එහි තැන්පත් කෙරෙනු ඇත. අවසන් කටයුතු හෙට (සැප්තැම්බර් 03) සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.

LSN Sri Lanka · 2 September 2026

ප්‍රියංකර ගැන ප්‍රිය ජනක මතක...

ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකරගේ අභාවයත් සමඟ ශ්‍රී ලාංකේය සංගීතයේ සහ සිනමාවේ හඬක් නිහඬ විය. කලක් රෝගාතුරව සිටි හෙතෙම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (සැප්තැම්බර් 01) රාත්‍රියේ 64 වන වියේදී අභාවප්‍රාප්ත විය.

ඔහුගේ දේහය අද (සැප්තැම්බර් 02) පස්වරුවේ බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවකට රැගෙන යන අතර එහි තැන්පත් කෙරෙනු ඇත. අවසන් කටයුතු හෙට (සැප්තැම්බර් 03) සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.

ප්‍රියංකර පෙරේරා උපත ලැබුවේ 1962 අප්‍රේල් 7 වැනිදාය. ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පී ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ පුත්‍රයා වූ ඔහු පියාගේ සංගීත උරුමය ඉදිරියට ගෙන යමින් ස්වකීය හඬින්ද රසිකයන් අතර ස්ථානයක් රැක ගත්තේය. මිල්ටන් පෙරේරාගේ සම්භාව්‍ය ගීත නැවත ගායනා කිරීමට අමතරව ඔහු තමන්ගේම ජනප්‍රිය ගීත රැසක්ද ඉදිරිපත් කළේය.

මිල්ටන් පෙරේරා ගැයූ බොහෝ ගීත පසු කාලයක දී ඔහුගේ ගායනයෙන් නූතන රසිකයන් අතර ජනප්‍රිය වූයේය. සුපුන් සඳක්, සඳුන් ගසේ සමන් වැලක්, සිකුරුලියා, අගාධ සාගරේ, සිහින දේව්දුවේ, රන් පොකුණෙන්, සංසුන් රුවන් සහ කතුරු මුවත් වැනි ගීත කැපී පෙනේ. පියාගේ ගීත නැවත ගායනා කරමින් සහ නව ගීත නිර්මාණය කරමින් ඔහු දශක ගණනාවක් තිස්සේ වේදිකාවේ සහ පටිගත කිරීම්වල ක්‍රියාකාරීව සිටියේය.

ප්‍රියංකර පෙරේරා කලක තාරුණ්‍යයේ සංකේතයක් වූවා මතකය. ඔහු එක් වකවානුවක තරුණයා ගේ මොඩලය විය. ප්‍රියංකර පෙරේරා වැනි වීමට උත්සාහ කළ තරුණ පිරිසක් එකල සමාජයේ සිටියා මතකය. රංගන ශිල්පියෙක් ලෙස ඔහු මහත් ආදරයට පත් වූයේය. 1985දී අරලිය මල් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු ගෙදර බුදුන් අම්මා (1988), උමයංගනා (1992), සක්විති රජ (1992), ධවල පුෂ්පය (1994), චන්දනී (1995), චණ්ඩියාගේ පුතා (1995), නින්ජා ශ්‍රී ලංකා (1997), සීතල ගිනි කඳු (2002), පිස්සු ඩබල් (2002) ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් එක්විය.

පසුකාලීනව තෑංක් යු බර්ටි (2010) සහ ක්වේ සේරා (2014) වැනි චිත්‍රපටවලද පෙනී සිටි අතර සුරගනා චිත්‍රපටයේ රංගනයෙන් මෙන්ම නිෂ්පාදනයෙන්ද දායක විය. චිත්‍රපටවලට අමතරව ටෙලිනාට්‍ය රැසකටද රංගනයෙන් එක්වී තිබුණි.

ප්‍රියංකර පෙරේරාගේ බිරිය ප්‍රවීණ සිනමා නිළි දිල්හානි ඒකනායක ය. දිල්හානි ගැනත් යමක් කිව යුතුව තිබේ. ඇත්තටම ප්‍රියංකර යනු වාසනාවන්ත සැමියෙකි. ඇවිදින්නට නොහැකිව ඔත්පල වී සිටින සැමියා රැකගෙන, සිය වෘත්තීය ජීවිතය ද ගෙවමින් ඇය කළ කැප කිරීම සම්බන්ධව වෙනම ලිවිය යුතුව තිබේ. විටෙක ඇය කීවේ මුල් වකවානුවේ මේ බිඳවැටීම තුළ තමන් අසරණ වූ බවත්, පසුව ප්‍රියංකර සිය සැමියා ලෙස නොව, තවත් දරුවෙක් ලෙස රැක බලා ගැනීමට හැකි විශ්වාසයනීය තෘප්තිමත් මනෝ භාවයකට ඇය පැමිණි බවත්ය. පුරා වසර හතක් තිස්සේ ඇය දෙපා වාරු නැති සිය සැමියා වෙනුවෙන් මුලුමනින්ම කැප වූවාය.

ඔවුන්ට දිල්මින් පෙරේරා නමින් පුතෙකු සිටින්නේය. ඔහුද ගායන ක්ෂේත්‍රයට පිවිස තිබේ. පසුගිය වසර කිහිපය තුළ දිගු කාලීන අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු 2020දී වකුගඩු ආශ්‍රිත සැත්කම්වලටද භාජනය වී තිබුණි.

ශ්‍රී ලාංකේය සංගීතයේ පියාගේ උරුමය රැකගෙන, තමන්ගේම හඬින් රසිකයන්ගේ හදවත් ස්පර්ශ කළ ප්‍රියංකර පෙරේරාගේ අභාවය උපදවන්නේ වේදනාවකි . ඔහුට නිවන් සුවය පතන්නේ හදවත ඉතිරෙන ශෝකයත් සමගිනි.