සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තාවක් කැඳවීමට කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්!
සැකකරු මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ රෝහල්ගතව සිටීම හේතුවෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට හෝ විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි වී ඇති බවත්, එය ඉදිරි විමර්ශනවලට බාධාවක් වී ඇති බවත් රජයේ අධිනිතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
LSN Sri Lanka ·

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන නොමග යැවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහ ඔහු තවදුරටත් ජාතික රෝහලේ නේවාසිකව රැඳී සිටිමින් ප්‍රතිකාර ලැබිය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (02) නියෝග කළේය.

මෙම නියෝගය කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කර ඇත.

අදාළ නඩුව අද දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනිවේදී ඔස්වල්ඩ් පෙරේරා විමර්ශන ප්‍රගතිය දක්වන වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ රෝහල්ගතව සිටින තුන්වැනි සැකකාර සුරේෂ් සලේ තවදුරටත් නේවාසිකව සිටිය යුතුද යන්න පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසයි.

සැකකරු මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ රෝහල්ගතව සිටීම හේතුවෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට හෝ විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි වී ඇති බවත්, එය ඉදිරි විමර්ශනවලට බාධාවක් වී ඇති බවත් රජයේ අධිනිතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ, සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීම සම්බන්ධයෙන් තම පාර්ශවයේ කිසිදු විරෝධයක් නොමැති බවයි. එමෙන්ම සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවද ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමේ හැකියාව පවතින බව වෛද්‍යවරුන් පවසා තිබියදීත්, විමර්ශන නිලධාරීන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කර නොමැති බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහ ඔහු තවදුරටත් ජාතික රෝහලේ නේවාසිකව රඳවා තබා ගනිමින් ප්‍රතිකාර ලබා දිය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

එමෙන්ම පසුගිය නඩුවාරයේදී මෙම නඩුවට අතෘප්තිමත් පාර්ශවයක් ලෙස මැදිහත් වීමට ගුවන් හමුදා බලපන්ති ලුතිනන්වරයෙකු විසින් කරන ලද ඉල්ලීමක්ද මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

පසුගිය පෙබරවාරි 25 වැනිදා අත්අඩංගුවට ගන්නා ලද සුරේෂ් සලේ, දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට ලක්කෙරුණු අතර, හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් ජූනි 07 වැනිදා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි. ඔහු රෝහල්ගතව සිටීම නිසා ප්‍රකාශ සටහන් කර ගැනීමට සහ විමර්ශන නිසියාකාරව සිදු කර ගැනීමට නොහැකි වූ බව පවසමින් පසුගිය අගෝස්තු 25 වැනිදා ඔහු වෙනුවෙන් තවත් දින 90ක රැඳවුම් නියෝගයක්ද නිකුත් කර තිබුණි.

මෙම නඩුව ලබන සැප්තැම්බර් 15 වැනිදා යළි කැඳවීමට නියමිතය.