ශ්‍රීලංකන් ගුවන් යානා ගනුදෙනුව: නාමල් රාජපක්ෂ අනිද්දා අල්ලස් කොමිසමට!
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව WhatsApp පණිවිඩයක් ඔස්සේ ලිපියක් යොමු කරමින් අනිද්දා දිනම උදෑසන කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බවට තදින්ම දැනුම් දී තිබේ.
LSN Sri Lanka ·
ශ්‍රීලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත (Wide-body) ගුවන් යානා බලඇණියක් ලබා ගැනීමේදී සිදු වූවා යැයි කියන අල්ලස් ගැනීමේ සිද්ධියකට අදාළ විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අනිද්දා (04) පෙ.ව. 9.00 ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

මේ පිළිබඳව තොරතුරු තහවුරු කරමින් මන්ත්‍රීවරයාගේ නීතිඥ මුදිත ආර්. ලොකුමුදලි සඳහන් කළේ අල්ලස් කොමිසම මගින් ලිඛිතව කරන ලද දැනුම් දීමට අනුව සිය සේවාදායකයා එදිනට කොමිසම හමුවේ පෙනී සිටීමට එකඟතාව පළ කළ බවය.

මෙම විමර්ශනයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සඳුදා ප්‍රථමයෙන් දැනුම් දී තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා දැනුම් දී තිබුණේ පසුගිය අඟහරුවාදා දින තමන්ට ඒ සඳහා පැමිණිය හැකි බවය.

කෙසේ වෙතත්, නැවතත් සිය නීතිඥ මුදිත ආර්. ලොකුමුදලි මාර්ගයෙන් ලිපියක් යොමු කරමින් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ එළඹෙන 25 වැනිදා හෝ ඊට පසුව ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව WhatsApp පණිවිඩයක් ඔස්සේ ලිපියක් යොමු කරමින් අනිද්දා දිනම උදෑසන කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බවට තදින්ම දැනුම් දී තිබේ.

ඒ අනුව අනිද්දා උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තීරණය කර ඇති බව නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.