LSN News › Sri Lanka

ඇටකමා කාන්තාරය සුදු හිමෙන් වැසී ගිය හැටි...

2026 අගෝස්තුවේදී එම කාන්තාරයම සුදු හිමෙන් වැසී ගියේය. ඇන්ඩීස් කඳු පන්තියේ සිට පැසිෆික් වෙරළ ආසන්නය දක්වා විහිදුණු එම දර්ශනය නාසා චන්ද්‍රිකා ඡායාරූප හරහා ලොව පුරා පැතිර යමින් තිබේ.

LSN Sri Lanka · 2 September 2026

ඇටකමා කාන්තාරය සුදු හිමෙන් වැසී ගිය හැටි...

චිලියේ උතුරු කොටසේ පිහිටි අටකාමා කාන්තාරය පෘථිවියේ වියළිම ස්ථානවලින් එකකි. සමහර ප්‍රදේශවලට වසර සිය ගණනාවක් වැසි බිඳුවක්වත් වැටෙන්නේ නැත. ඇතැම් ප්‍රදේශවල වාර්ෂි වර්ෂාපතනය මිලි මීටර 1කටත් අඩුය. සාමාන්‍ය උෂ්ණත්වය අඩු වුව ද, ශිත කාලයේ දී උෂ්ණත්වය -10 දක්වා අඩු වුව ද මේ වර්ෂාව රහිත අධි ශුෂ්ක බව මේ භූමිය කාන්තාරයක් ලෙස හැඳින්වූයේය.

මේ ශුෂ්ක වැසි රහිත ස්වරූපය නිසා නාසා ආයතනය මේ භූමිය අඟහරු මතුපිටට සමාන බිම්පෙ දෙසක් ලෙස සලකා අභ්‍යාවකාශ යානා පරීක්ෂා කිරීමටත් භාවිතා කරන්නේය. මේ බිම ඒ තරමටම ජලයෙන් තොරය.

එහෙත් 2026 අගෝස්තුවේදී එම කාන්තාරයම සුදු හිමෙන් වැසී ගියේය. ඇන්ඩීස් කඳු පන්තියේ සිට පැසිෆික් වෙරළ ආසන්නය දක්වා විහිදුණු එම දර්ශනය නාසා චන්ද්‍රිකා ඡායාරූප හරහා ලොව පුරා පැතිර යමින් තිබේ.

හිමෙන් වැසුණු කාන්තාරය

අගෝස්තු මස ආරම්භයේ සිට එකක් පසුව එකක් ලෙස ශීත කුණාටු දෙකක් උතුරු චිලිය හරහා ගමන් කළේය. පළමු කුණාටුව චාජ්නන්ටෝර් උස්බිම් තැනිතලාව සුදු පැහැයෙන් වෙනස් කළේය. නාසා-යූඑස්ජීඑස් ලෑන්ඩ්සැට් 8 සහ ලෑන්ඩ්සැට් 9 චන්ද්‍රිකා අගෝස්තු 6 සහ 14 දිනවල එම පෙදෙසේ පෙර-පසු ඡායාරූප ගත්තේය. සාමාන්‍යයෙන් දුඹුරු, ගිනිකඳු පාෂාණමය භූමියක් වූ තැනිතලාව දින කිහිපයකින් සුදු වැස්මකින් වැසී ගොස් තිබිණි.

දෙවන කුණාටුව ඊටත් වඩා පුළුල් විය. අගෝස්තු 19 වනදා නාසා ටෙරා චන්ද්‍රිකාවේ මොඩිස් උපකරණයෙන් ගත් රූපයකින් පෙනී ගියේ හිම ඇන්ඩීස්වලින් බටහිරට ගලා ගොස් කාන්තාරයේ අධි-ශුෂ්ක හදවත හරහා ගොස් ඇන්ටොෆගස්ටා වරාය නගරයට දකුණින් පැසිෆික් වෙරළට ආසන්නයටම ළඟා වී ඇති බවය.

මෙතරම් දුරට හිම පැතිරීම අටකාමාවේ ඉතිහාසයේ දුර්ලභ සිදුවීමකි. 2011 සහ 2025 දීද හිම වැටුණු නමුත් ඒවා මෙතරම් පුළුල් ප්‍රදේශයක් ආවරණය කළේ නැත.

තරු බලන ඇස් වසා ගත් හිම

චාජ්නන්ටෝර් තැනිතලාව මීටර් 5,000කට ආසන්න උසක පිහිටා ඇත. එහි ලොව බලවත්ම ගුවන්විදුලි දුරේක්ෂ පද්ධතිවලින් එකක් වන ALMA (Atacama Large Millimeter/submillimeter Array) පිහිටා තිබේ. එහි ඇන්ටනා 66ක් ඇත. හිම සහ පැයට කිලෝමීටර් 90ක් පමණ වේගයෙන් හමා ගිය සුළඟ නිසා එම පද්ධතිය හරහා සිද්ධවන නිරීක්ෂණ නතර විය. ඇන්ටනා ආරක්ෂිත තත්ත්වයට ගෙන යන ලදී. කාන්තාර භූමියේ එක් අවස්ථාවක උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 08කට ආසන්න විය. වෙරළබඩ ප්‍රදේශයේ ඇති වෙනත් නිරීක්ෂණාගාරද තාවකාලිකව වැසී ගියේය. ඉදිවෙමින් පවතින අති විශාල දුරේක්ෂය (ELT) අඩවියද හිමෙන් වැසී ගිය බව යුරෝපීය දකුණු නිරීක්ෂණාගාරය පෙන්වා දුන්නේය.

කාන්තාරය හිමෙන් වැසුනේ ඇයි?

චිලි විශ්වවිද්‍යාලයේ වායුගෝල විද්‍යාඥ රෙනේ ගරේඕඩ් පැහැදිලි කළේ මෙය සාමාන්‍ය ශීත කුණාටුවක් නොවන බවය. 2026 අගෝස්තු අග භාගයේ කුණාටුව දකුණු ඇමරිකාවේ කෙළවරේ සිට උපනිවර්තන කලාපය දක්වා විහිදුණු අසාමාන්‍ය ලෙස විශාල වායුගෝලීය ගැඹුරකින් බිඳී ගියේය. වෙරළ ආසන්නයේ තිබූ තෙතමනය සමඟ එකතු වූ විට වැසි හා හිම සාමාන්‍යයෙන් ජලය නොලැබෙන ප්‍රදේශ දක්වාම පැතිර ගියේය. ගරේඕඩ් කියා සිටියේ මෙවැනි ප්‍රමාණයේ වර්ෂාපතනයක් මෙතරම් වියළි කලාපයක දශකයකට වාර කිහිපයක්වත් නොපෙනෙන බවයි.

වෙරළේ වැස්ස, කඳුකරයේ හිම

මේ සමස්ථ කුණාටුවම හිම නොවීය. අඩු උස ප්‍රදේශවල එය වැසි ලෙස වැටුණි. උතුරු වෙරළේ ටල්ටාල් නගරයට දින තුනක් තුළ මිලිමීටර් 40කට ආසන්න වැසි ලැබුණි. එය එම නගරයේ වාර්ෂික සාමාන්‍යයට වඩා දස ගුණයකට ආසන්නය. චිලි කාලගුණ දෙපාර්තමේන්තුවේ වාර්තා අනුවද ටල්ටාල් සහ ටොකොපිල්ලා ප්‍රදේශවල අගෝස්තු වර්ෂාපතනය ඓතිහාසික මට්ටම්වලට ළඟා විය. ඇන්ටොෆගස්ටා නගරයේද අගෝස්තු වැසි ප්‍රමාණය ඉතිහාසයේ දෙවන ඉහළම අගයට පැමිණියේය.

ජලය නොමැති බිමක් ජලයට පුරුදු නැත. එම භූමියකට හදිසියේ ජලය පැමිණි විට ප්‍රතිඵලය මඩ ගලායාම් සහ හදිසි ගංවතුරය. චිලි ජාතික ආපදා වැළැක්වීමේ සේවය (SENAPRED) වාර්තා කළේ දහස් ගණනක් ජනතාවට බලපෑම් එල්ල වූ බවත් සිය ගණනක් නිවාසවලට බරපතළ හානි සිදුවූ බවත්ය.

එල් නීනෝ පසුබිම

මෙම අසාමාන්‍ය ශීත සෘතුවේ පසුබිම තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින එල් නීනෝ සංසිද්ධියයි. එල් නිනෝ කාලයේදී අටකාමාව වියළිව තබා ගන්නා උපනිවර්තන පැසිෆික් ඉහළ පීඩන පද්ධතිය දුර්වල වේ. කුණාටු මාර්ග සමකය දෙසට තල්ලු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍යයෙන් ආරක්ෂා වන උතුරු චිලියට ශීත පද්ධති ඇතුළු වීමට පහසු වේ. ජූලි මාසයේදීත් නෝර්ටේ චිකෝ ප්‍රදේශයට බරපතළ බලපෑම් එල්ල විය. අගෝස්තු කුණාටු ඒ දිගු වැසි සමයේ කොටසක් පමණි.

දුර්ලභ නමුත් අමුතු නොවේ

කාන්තාරයක හිම දුර්ලභය. නමුත් මුළුමනින්ම අසාමාන්‍ය නොවේ. 2025 දෙසැම්බරයේ සෞදි අරාබියේ ටබූක් සහ හයිල් ප්‍රදේශවලද හිම වැටුණු අතර ට්‍රොජේනා උස්බිම්වල උෂ්ණත්වය අංශක −4 දක්වා පහත වැටුණි.

එසේම අටකාමාවේම 2025 ජූනි සහ 2011 දීද හිම වාර්තා විය. වෙනස වන්නේ 2026 සිදුවීමේ පරිමාණයයි. හිම කඳුකරයේ පමණක් නොනැවතී කාන්තාරයේ හදවත හරහා වෙරළට ආසන්නය දක්වා ගියේය.

එම හිම දිගු කලක් නොරැඳේ. උස් බිම්, දැඩි වියළි වාතය සහ තියුණු හිරු එළිය නිසා හිම ඉක්මනින් වාෂ්ප වී යයි. නාසා චන්ද්‍රිකා ඡායාරූප අල්ලා ගත්තේ එම කෙටි, දුර්ලභ මොහොතේය.

ලෝකයේ වියළිම භූමියක් සුදු වීම ලස්සන දර්ශනයකි. එහෙත් එය අහම්බයක් පමණක් නොවේ. වායුගෝලයේ දුරස්ථ සම්බන්ධතා, සාගර උෂ්ණත්වයේ වෙනස්වීම් සහ කලාතුරකින් එකතු වන තෙතමනය එකට පැමිණි විට පෘථිවියේ වඩාත්ම විශ්වාසදායක ලෙස වියළි යැයි සිතූ බිම් පෙත් පවා හිමෙන් වැසෙන්නේය. ඒ සොබා දහමේ අපූර්ව ස්වරූපය ය.