World · Sri Lanka Bureau
හෝමුස් සමුද්‍ර සන්ධිය ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ ලෙස වෙනස් කිරීමේ යෝජනාව සහ බලයේ සැබෑ මුහුණුවර!
හෝමුස් සමුද්‍ර සන්ධිය තවමත් හෝමුස් සමුද්‍ර සන්ධිය ය. ලෝක සිතියම්වල එය එසේම පවතිනු ඇත. ට්‍රම්ප්ගේ යෝජනාව ඔහුගේ පාලනයේ ස්වභාවය පෙන්වයි. ලෝකයේ ප්‍රතිචාරය එම පාලනයේ සීමාව පෙන්වයි
LSN Sri Lanka ·
ඩොනල්ඩ් ට්‍රම්ප් සැප්තැම්බර් 2 වැනිදා (බදාදා) තම Truth Social ගිණුමේ මෙසේ ලිවීය.

“දැන් එය එක්සත් ජනපද පාලනය යටතේ ඇති නිසා, හෝමුස් සමුද්‍ර සන්ධියේ නම ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය ලෙස වෙනස් කළ යුතුද??? ඇමරිකාව මෙන්ම එය කිසිදාකටත් වඩා ‘උණුසුම්’ වනු ඇත!”

සුළු වේලාවකින් පසුව, ධවල මන්දිරයේ නිල X ගිණුම එම සන්ධිය “Trump Strait” ලෙස ලේබල් කළ සිතියමක් පළ කරමින් “ඒකට හොඳ ශබ්දයක් තියෙනවා” යැයි එකතු කළේය. එදිනම සවස ඕවල් කාර්යාලයේ මාධ්‍යවේදියෙකු “ඔබ ඇත්තටම නම වෙනස් කිරීමට අදහස් කරනවාද?” යි ඇසූ විට ට්‍රම්ප් සිනාසෙමින් පැවසුවේ “නැහැ, නැහැ… ඒක නිකම් එහෙම දාලා බැලුවා” යනුවෙනි.

මාර්තු මාසයේ මියාමිහිදී ඔහු “Strait of Trump, I mean Hormuz” කියා වැරදීමක් මෙන් කතා කර, පසුව “මට සාමාන්‍යයෙන් වැරදීම් සිදුවන්නේ නෑ ” යැයි කීවේය. අගෝස්තුවේ ඔහු හෝමුස් සමුද්‍ර සන්ධිය “නව එක්සත් ජනපද භූමියක්” ලෙස ප්‍රකාශ කළේය. දැන් හෝමුස් සමුද්‍ර සන්ධියට තමන්ගේ නම යෝජනා කිරීම එම රටාවේ තුන්වන පියවරය.

ඒ අතර, ගල්ෆ් ඔෆ් මෙක්සිකෝව “ගල්ෆ් ඔෆ් ඇමෙරිකා” ලෙසත්, කැනඩාවේ ඔන්ටාරියෝ විල “ලේක් ඇමෙරිකා” ලෙසත් ධවල මන්දිරයේ නියෝග මගින් ඇමරිකානු රජයේ සිතියම්වල වෙනස් කර තිබේ. කැනඩාව හෝ මෙක්සිකෝව ඒ නම් පිළිගත්තේ නැත. ගූගල් වැනි සමාගම් ඇමරිකානු පරිශීලකයන්ට පමණක් නව නම පෙන්වන්නේය.

හෝමුස් සමුද්‍ර සන්ධිය.

හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානයේ සහ ඕමානයේ භෞමික ජලය අතර පිහිටි ජාත්‍යන්තර මුහුදු මාර්ගයකි. යුද්ධයට පෙර ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එක් කොටසක් පමණ ඒ ඔස්සේ ප්‍රවාහනය විය. තවමත් හෝමුස් හොමුස් මය. නමක් ජාත්‍යන්තර භාවිතයෙන්, සිතියම් ආයතනවලින් සහ ගිවිසුම්වලින් හඳුනාගනු ලැබේ. “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” නීතිමය වශයෙන් පැවතිය නොහැක. එහෙත් ලෝක බලවත් රාජ්‍යයේ රාජ්‍ය නායකයාගේ විහිලුව මානව සදාචාරයන්හි සීමාව පලුදු කර ඇත.

අනෙක් අතින් යුද්ධය 2026 පෙබරවාරි අවසානයේ ආරම්භ වී මාස හයකට වැඩි කාලයක් ගත වී ඇත. නැව් ගමනාගමනය පෙර මට්ටමට ළඟා වී නැත. ට්‍රම්ප් පාලනය “පාලනය අප අතේ” යැයි කියන හෝමුස් සමුද්‍ර සන්ධිය තවමත් මෙහෙයවන්නේ ඉරානයෙනි. ඉරානය තවමත් තර්ජන එල්ල කරයි. බෝම්බ සහ මුහුදු පත්ලේ තැන්පත් කරන බෝම්බ යොදා ගනී. සමුද්‍ර සන්ධිය ඔස්සේ නාවික ගමනාගමනය අඩාලවිමේ ප්‍රායෝගික තත්ත්වය එයය. තෙල් මිල ඉහළ යාම ඇමරිකානු පාරිභෝගිකයන්ටත් දැඩිව බලපාන අයුරු පෙනේ. ශ්‍රී ලංකාව වැනි ආනයනකරුවන්ට ඉන් උපදින පීඩනය වචනයෙන් පැහැදිලි කළ හැක්කක් නොවේ. ඒ අතර ට්‍රම්ප් විහිලු කරමින් හිඳී.

මේ හැසිරීමේ උපහාසයට යටින් ඇති සැබෑ අවිචාරමත් හා අසංස්කෘතික බව මේ වනවිට ලෝකය තුළ ඇතිකර ඇත්තේ හිරිකතක් බව කිව යුතුය. භූගෝලය පොදු මානව උරුමයකි. සියවස් ගණනක් තිස්සේ එය රජවරුන්ගේ, ආගම්වල සහ අධිරාජ්‍යවල නම්වලින් වෙනස් වුණේය. එහෙත් එය විසිඑක්වන සියවසේ අපේක්ෂාව නොවේ. ලෝකයේ යුද බලය අතින් ප්‍රමුඛතම රාජ්‍යයේ නායකයා ලෝකය සමග විහිලු කිරීමට අතිත ම්ලේච්ඡත්වයේ සංකේත භාවිතා කිරීමත් බලය පෙන්වීමේ එක් භාෂාවකි. යම් යම් තැන්වල නම වෙනස් කිරීමෙන් “මේක මගේ” යන පණිවිඩය යවයි. යුද්ධය දිගු වී ජනප්‍රියත්වය අඩු වන විට එවැනි සංකේතාත්මක ඉරියව් වැඩි වේ.

එහෙත් ලෝකය මේ අසංස්කෘතික හැසිරීම “කළමනාකරණය” නොකරන්නේ ඇයි?

පළමුව, බල අසමතුලිතතාව ය. එක්සත් ජනපදයේ හමුදා බලයට සමාන බලයක් එයට එරෙහිව යෙදවිය හැකි රාජ්‍යයක් නැත. නම වෙනස් කිරීම යනු ආක්‍රමණයක් හෝ වෙළඳ සම්බාධකයක් නොවේ. එය මෘදු බලයේ උපහාසයකි. එබැවින් ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් හෝ සම්බාධකයක් ඉදිරිපත් කිරීමට පදනමක් නැත. එක්සත් ජාතීන්ගේ පද්ධතියම ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ දුර්වල වී ඇත.

දෙවනුව, මිත්‍ර රටවල් ඔවුනොවුන්ට අකමැති වුවත් මුහුණට මුහුණ ගැටෙන්නට අකමැතිය. යුරෝපය, ජපානය, දකුණු කොරියාව තෙල් සහ ආරක්ෂාව ගැන බියෙන් සිටී. ගල්ෆ් රාජ්‍යයන් ඉරානය සමඟ යුද්ධයේ පැත්තේ සිටී. ඕමානය සන්ධියේ වෙරළබඩ රටක් වුවත් ඇමරිකානු බලපෑමට යටත් වී ඇත. චීනය සහ රුසියාව විවේචනය කළත් ඔවුන්ටත් තමන්ගේම භූදේශපාලන අරමුණු ඇත.

තෙවනුව, මෙවැනි මරගාත හැසිරිම්වලට ලෝකය ප්‍රතිචාර දක්වන්නේ නොසලකා හැරීමෙනි. ලෝකය පෙර පරිදිම පැරණි නම භාවිතා කරයි.

සිව්වනුව, ඇමරිකානු දේශපාලනය තුළ මෙය ලාභ සංකේතයකි. යුද්ධය දිගු වී ගෑස් මිල ඉහළ යන විට, නමක් වෙනස් කිරීමෙන් “ජයග්‍රහණයක්” පෙන්විය හැකිය. එය ගෘහස්ථ ප්‍රේක්ෂකයන්ට යවන පණිවිඩයකි. ලෝකයට එය උද්දච්චකමකි.

එබැවින් ලෝකය “ඉදිරිපත් නොවන්නේ” නිශ්ක්‍රීයත්වය නිසා නොවේ. එය බල ව්‍යුහයේ සීමාවය. ශිෂ්ටාචාරය මනුෂ්‍යත්වය මත ගොඩනැගිය යුතුය යන අදහස අදත් පවතී. නමුත් එය බලවත්ම රාජ්‍යයේ තනි නායකයෙකුගේ කැමැත්තට එරෙහිව බලාත්මක කිරීමට ආයතන දුර්වලය.

එහි ප්‍රතිඵලය නම්, ලෝකයේ වැදගත්ම තෙල් මාර්ගයක් පුද්ගලික නාමයකින් ලේබල් කිරීමේ යෝජනාවක් හාස්‍යයෙන් හෝ කෝපයෙන් පසුකර යාමය. එය විසිඑක්වන සියවසේ බලයේ සැබෑ මුහුණුවරය: නීතිය ඇත, නමුත් එය ක්‍රියාත්මක කිරීමට සමාන බලයක් නැත.

හෝමුස් සමුද්‍ර සන්ධිය තවමත් හෝමුස් සමුද්‍ර සන්ධිය ය. ලෝක සිතියම්වල එය එසේම පවතිනු ඇත. ට්‍රම්ප්ගේ යෝජනාව ඔහුගේ පාලනයේ ස්වභාවය පෙන්වයි. ලෝකයේ ප්‍රතිචාරය එම පාලනයේ සීමාව පෙන්වයි.