අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි!
ද දින නව විනිසුරුවරියක ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ නිල වශයෙන් දිවුරුම් දීමත් සමඟ මේ වන විට නැවතත් අභියාචනාධිකරණයේ පුරප්පාඩු සංඛ්‍යාව 4ක් බවට පත්ව තිබේ.
LSN Sri Lanka ·

අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ දිවුරුම් දෙන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙසද ඇය කටයුතු කළාය.

දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිශ්චයකාරධූරයක් වෙනුවෙන් අදාළ පත්වීම සිදුකර තිබේ.

අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු සංඛ්‍යාව 4ක් බව නිල වශයෙන් තහවුරු වී තිබේ. මෙම පුරප්පාඩු පියවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද නිල ලිපි මඟින්ද අවධානය යොමු කර තිබුණි.

කෙසේ වෙතත්, 2026 සැප්තැම්බර් 02 වන දින ජ්‍යෙෂ්ඨ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ විශ්‍රාම යෑමත් සමඟම එම පුරප්පාඩු සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගියේය. අද දින නව විනිසුරුවරියක ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ නිල වශයෙන් දිවුරුම් දීමත් සමඟ මේ වන විට නැවතත් අභියාචනාධිකරණයේ පුරප්පාඩු සංඛ්‍යාව 4ක් බවට පත්ව තිබේ.