LSN News › Sri Lanka

කෙහෙල්බද්දර පද්මේගේ ෆෝන්වලින් දේශපාලනඥයන් 9කගේ සහ නිළියන් සහ නිරූපිකාවන් 7ක ගේ සංවේදී තොරතුරු හෙළි වෙයි....

කෙහෙල්බද්දර පද්මේගෙන් අත්අඩංගුවට ගත් ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී ප්‍රකට දේශපාලනඥයන් නවදෙනෙකු සහ ජනප්‍රිය රංගන ශිල්පිනියන් හා මෝස්තර නිරූපිකාවන් හත්දෙනෙකු පිළිබඳ අතිශය සංවේදී තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර සිටියි.

LSN Sri Lanka · 25 August 2026

කෙහෙල්බද්දර පද්මේගේ ෆෝන්වලින්  දේශපාලනඥයන් 9කගේ සහ  නිළියන් සහ නිරූපිකාවන් 7ක ගේ සංවේදී තොරතුරු හෙළි වෙයි....

කෙහෙල්බද්දර පද්මේගෙන් අත්අඩංගුවට ගත් ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී ප්‍රකට දේශපාලනඥයන් නවදෙනෙකු සහ ජනප්‍රිය රංගන ශිල්පිනියන් හා මෝස්තර නිරූපිකාවන් හත්දෙනෙකු පිළිබඳ අතිශය සංවේදී තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේ සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන දැඩි පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම දේශපාලනඥයන් නවදෙනාට අදාළ ඡායාරූප මෙන්ම ඔවුන් සමඟ සිදුකරන ලද දුරකථන සංවාදවල වාර්තා ද හමු වූ බවයි. ඊට අමතරව රටම හඳුනන රංගන ශිල්පිනියන් සහ මෝස්තර නිරූපිකාවන් හත්දෙනෙකුට අදාළ තොරතුරු ද එම දුරකථන දත්ත අතර තිබී හඳුනාගෙන තිබේ.

කෙසේ වෙතත්, මෙම තොරතුරු හෙළිදරව් වීම පමණක් එම පුද්ගලයන් යම් අපරාධයකට හෝ නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී ඇති බවට සෘජු නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් නොවන බවත්, මේ පිළිබඳව වැඩිදුර සහ දීර්ඝ විමර්ශන ක්‍රියාත්මක වන බවත් විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ වැඩිදුරටත් අවධාරණය කළහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ජංගම දුරකථන 8ක් සොයාගෙන ඇත. එම දුරකථනවල අඩංගු දත්ත බොහොමයක් මකා දමා තිබුණ ද, තාක්ෂණික විශ්ලේෂණ හරහා එම මකා දැමූ දත්ත නැවත ලබා ගැනීමට විමර්ශකයින් සමත්ව තිබේ.

එලෙස යථා තත්ත්වයට පත්කර ගන්නා ලද දත්ත අතර පහත සඳහන් තොරතුරු අඩංගු වේ:

දුරකථන ඇමතුම් වාර්තා: 8,841ක්

ඡායාරූප: 326,000කට අධික ප්‍රමාණයක්

හඬ පටිගත කිරීම් (Audio Recordings): 1,101ක්

වීඩියෝ දර්ශන: 5,039ක්

මෙම පරීක්ෂණවලදී මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකුට අදාළ තොරතුරු ද අනාවරණය වී ඇති අතර, ඒ පිළිබඳ ඉදිරි විමර්ශන සඳහා අදාළ තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

තවද, බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකථන අංක ද මෙම ජංගම දුරකථන තුළ තිබී හමුවී ඇති අතර, ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇත. විවිධ අපරාධවලට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන්ගේ ගමන් බලපත්‍ර (Passports) 19ක ඡායාරූප සහ සැකකටයුතු බැංකු ගිණුම් 17ක් පිළිබඳව ද පරීක්ෂණ ක්‍රියාත්මක වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය.

විමර්ශනවලදී හෙළි වී ඇති පරිදි, කෙහෙල්බද්දර පද්මේ නමැත්තා 2021 වසරේ මැයි මාසයේදී නීත්‍යානුකූල ලෙස ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පසු, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දුනීසියාව, රුසියාව, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව සහ ලාඕසය ඇතුළු රටවල් 13ක 15 වතාවකට ආසන්න සංඛ්‍යාවක් සංචාරය කර තිබේ.

ජාත්‍යන්තර මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එන ලද කෙහෙල්බද්දර පද්මේ, මෙතෙක් රැඳවුම් නියෝග මත තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු ලබන සැප්තැම්බර් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.