දින 9ක් උමඟක සිරවී නොමැරී සිටි නේපාල කම්කරුවන් දෙදෙනා: ට්‍රිෂුලි උමඟේ අදහාගත නොහැකි බේරාගැනීමේ කතාව කියවන්න!
ත්‍රිශූලී-3A උමඟේ මුඛය සොයා ගැනීමටම දින හයක් පමණ ගත විය. නේපාල හමුදාව, සන්නද්ධ පොලිසිය සහ ඉන්දියාව, චීනය, දකුණු කොරියාවෙන් පැමිණි විශේෂඥයින් එක්ව බෝල්ඩර් ඉවත් කිරීම, පාලිත පුපුරුවා ගැනීම් සහ ඔක්සිජන් පොම්ප කිරීම සිදු කළහ.
LSN Sri Lanka ·

මරණය සහ ජීවිතය අතර වෙනස තීරණය වීමට සමහර විට තප්පර කිහිපයක් ප්‍රමාණවත්ය. 2026 අගෝස්තු 26 වැනිදා චීන–නේපාල දේශසීමාව අසල හිමතලයක් කඩා වැටීමෙන් ඇති වූ අති විශාල ගල්, අයිස් සහ මඩ ප්‍රවාහය ත්‍රිශූලී (Trishuli) සහ භෝටේකෝෂී නිම්න හරහා “අභ්‍යන්තර සුනාමියක්” මෙන් ගසාගෙන ගියේය. නේපාලයේ රසුවා සහ නුවාකොට් දිස්ත්‍රික්කවල ජලවිදුලි ව්‍යාපෘති දුසිම් ගණනක් විනාශ වූ අතර, උමං මාර්ග තුළ සේවය කළ සිය ගණනක් කම්කරුවෝ සිරවී ගියහ.

සැප්තැම්බර් 4 වැනිදා උදෑසන, එම විනාශයෙන් දින නවයකට පසු, ඉහළ ත්‍රිශූලී-3A (Upper Trishuli-3A) ජලවිදුලි ව්‍යාපෘතියේ උමඟකින් ජීවතුන් අතර සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගන්නේ මේ ව්‍යසනයෙන් දිවි බේරාගත් සියලුම පුද්ගලයින් සම්බන්ධව බලාපොරොත්තු අත්හැර තිබූ මොහොතකය. මේ සොයා ගැනීම මුලු ලෝකයේම අවධානය එක පැහැර නතු කරගත්තේය.

පුරා දින 09ක් අඳුරු උමගක් තුළ ජීවිතය අත් නොහැරක කළ සටනකින් අනතුරුව මෙසේ සොයා ගනු ලබන්නේ නේපාල විදුලි අධිකාරියේ (NEA) යාන්ත්‍රික ෆෝමන්වරයෙක් වූ 30 හැවිරිදි සංජය් ෂා (Sanjay Sah / Shah), සහ සප්තරි දිස්ත්‍රික්කයේ කොයිලාඩි-8 පදිංචිකරුවෙකු සහ යාන්ත්‍රික අධීක්ෂකවරයෙක් වූ 45 හැවිරිදි කබීර් මහර්ජන් (Kabir Maharjan), ය. කබීම් කත්මණ්ඩු බල්කුමාරී-3 පදිංචිකරුවෙකි.

රසුවා දිස්ත්‍රික්කයේ (නුවාකොට් දේශසීමාව අසල) ත්‍රිශූලී ගඟ දිගේ පිහිටි මෙගාවොට් 60ක ධාරිතාවක් ඇති ජල විදුලි මධ්‍යස්ථානයක ඔවුහු සේවය කරමින් සිටියහ. මෙම ජල විදුලි ව්‍යාපෘතිය 2019 සිට ක්‍රියාත්මක වන run-of-the-river ජලවිදුලි මධ්‍යස්ථානයකි. නේපාල හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජනරාල් රාජා රාම් බස්නෙට් පැවසුවේ දෙදෙනා උමඟ තුළ මීටර් 170ක් පමණ ගැඹුරින් සොයා ගත් බවය.

මගේ වගකීම අන් අයව බේරා ගැනීමයි”

ගංවතුර ගලන විට සංජය් ෂාහ් රැඳී සිට ඇත්තේ පාලන කාමරයේ ය. බේරා ගැනිමෙන් පසු ඔහු ප්‍රකාශ කර තිබුණේ සාමාන්‍යයෙන් එහි සිටින්නේ 4–6 දෙනෙකු පමණක් වුවද, එදා 40–45ක් පමණ සිටි බවය.

“මම කන්ට්‍රෝල් රූම් එකේ සිටි නිසා සියලු දෙනාගේ ජීවිත බේරා ගැනීම මගේ වගකීම වුනා. තනිව දුවන්න බෑ... මම කිව්වා වේල්ලේ විශාල අනතුරක් වුණා කියලා, හැමෝටම දුවන්න කිව්වා. ඒක කරද්දී මගේ කාලය ඉවර වුණා. අන්තිමේදී මම පිටතට යන්න බැරි වුණා.”

ඔහු අඳුරේදී හරේ ක්‍රිෂ්ණ මහාමන්ත්‍රය ජප කරමින් සිටි බවත්, අසල සිටි තවත් 3–4 දෙනෙකු සමඟ හඬින් හෝ කතාවෙන් සම්බන්ධ වූ බවත් පැවසීය. “උමඟ ඉතා දිගයි. හැමෝටම පැන යන්න බැරි වෙන්න ඇති. පවර්හවුස් පැත්තේත් අය සිටින්නට පුළුවන්.”

බේරාගත් වහාම ඔහු අසල සිටි අයගෙන් ඇසුවේ අද “අද කීවෙනිදාද?” යන්නය — දින කීයක් ගත වූවාදැයි ඔහු නොදැන සිටියේය.

කබීර් මහර්ජන් නඩත්තු/ස්වයංක්‍රීයකරණ කටයුතු සඳහා ව්‍යාපෘතියට පැමිණ සිටියේය. ඔහුව මඩෙන් වැසී, ස්ට්‍රෙචරයකින් ගෙන ආ අතර, මුල් වෛද්‍ය වාර්තාවලට අනුව අත් පා චලනය කිරීමට අපහසු විය.

ෂා ගේ තුවාල බරපතල නොවන බව බලශක්ති අමාත්‍ය කාර්යාලයේ උපදේශකයෙකු Reuters වෙත පැවසීය. දෙදෙනාම හෙලිකොප්ටරයෙන් කත්මණ්ඩුවේ චෞනිහි බිරේන්ද්‍ර හමුදා රෝහලට ගෙන ගොස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවේය; ඔවුන්ගේ තත්ත්වය ස්ථාවර බව වාර්තා විය.

මහර්ජන්ගේ බිරිඳ හීරා ශෝභා පැවසුවේ “ඔහුට දෙවැනි ජීවිතයක් ලැබුණා” කියාය. සහෝදරයා වන අමීර් මහර්ජන් පැවසුවේ පවුල සතුටින් පිරී ඇති බවය.

WhatsApp මෙහෙයුම මෙහෙයවීම

ජාත්‍යන්තර මාධ්‍යවල බහුලව සඳහන් වූ “WhatsApp මෙහෙයුම” යනු සිරවූ දෙදෙනා උමඟ ඇතුළතින් පණිවිඩ යැවීමක් නොවේ. Reuters වාර්තාවට අනුව, ගංවතුරට පෙර ඉංජිනේරුවන් විසින් ආරම්භ කළ WhatsApp සමූහයක් පසුව සාමාජිකයින් 500කට වඩා වැඩි විය. එහිදී චිලිමේ, රසුවාගඩි, ත්‍රිශූලී-3A වැනි ව්‍යාපෘතිවල පිරිසැලසුම් චිත්‍ර, ප්‍රවේශ උමං, බලාගාර ස්ථාන සහ කැණීම් උපදෙස් බෙදා ගන්නා ලදී.

හමුදා ප්‍රකාශක බස්නෙට් පැවසුවේ ගංවතුරෙන් භූමි ආකෘතියම වෙනස් වී, උමං තුළ මඩ සහ ගල් ගොඩගැසී ඇති බැවින් මේ පැවතුනේ “සාමාන්‍ය උමං අවහිරයක් නොවන” බවය. වැරදි ස්ථානයකින් කැණීම් කළහොත් තවත් කඩාවැටීම් ඇතිවීමේ අවදානම තිබූ නිසා තාක්ෂණික චිත්‍ර අත්‍යවශ්‍ය විය.

මිනිස් ශ්‍රමය, පුපුරණ ද්‍රව්‍ය සහ “හඬක්”

ත්‍රිශූලී-3A උමඟේ මුඛය සොයා ගැනීමටම දින හයක් පමණ ගත විය. නේපාල හමුදාව, සන්නද්ධ පොලිසිය සහ ඉන්දියාව, චීනය, දකුණු කොරියාවෙන් පැමිණි විශේෂඥයින් එක්ව බෝල්ඩර් ඉවත් කිරීම, පාලිත පුපුරුවා ගැනීම් සහ ඔක්සිජන් පොම්ප කිරීම සිදු කළහ. ඕස්ට්‍රේලියානු උමං විශේෂඥ ආනෝල්ඩ් ඩික්ස් පැවසුවේ කණ්ඩායම් උමඟට “බය වෙන්න එපා, අපි ඔබව බේරා ගන්නවා” යැයි කෑ ගැසූ විට ඇතුළතින් “හුන්ච්ච” (හරි/ඔව්) වැනි දුර්වල ප්‍රතිචාරයක් ඇසුණු බවය. ඉන් ටික වේලාවකට පසු දෙදෙනා බේරා ගන්නා ලදී.

බලශක්ති අමාත්‍ය බිරාජ් භක්ත ශ්‍රේෂ්ඨ පැවසුවේ, “හුස්ම තිබෙන තුරු බලාපොරොත්තුව තිබෙනවා. සියලු උමංවල මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යනවා” කියාය.

නීතිඥ/ඉංජිනේරු ශ්‍රී රාම් නෙවුපානේ පැවසුවේ තවත් හඬක් ඇසුණු බවත්, සෙවීම දිගටම කරගෙන යන බවත්ය. සමහර නිලධාරීන් එම උමඟේම තවත් 30–40ක් පමණ සිටිය හැකි බවට තොරතුරු ලබා දී ඇත; නිශ්චිත සංඛ්‍යාව තහවුරු වී නැත.

විශාල ව්‍යසනය තුළ කුඩා ආශ්චර්යයක්

මෙය තනි “ආශ්චර්ය කතාවක්” පමණක් නොවේ. නිල ඇස්තමේන්තු අනුව ජලවිදුලි ව්‍යාපෘති 6–12ක් පමණ ආශ්‍රිතව කම්කරුවන් 900ක් පමණ අතුරුදන් විය; ඊට පෙර උමංවලින් 279ක් පමණ බේරා ගෙන තිබුණි. සමස්ත ව්‍යසනයෙන් නේපාලයේ මියගිය සංඛ්‍යාව 1,250–1,300 අතර වන අතර අතුරුදන් 4,000–5,000කට වඩා වේ. ටිබෙට් පැත්තේ මියගිය 21ක් සහ අතුරුදන් 541ක් වාර්තා විය. නේපාලයේ විදුලි උත්පාදන ධාරිතාවෙන් 10%ක් පමණ මෙම ගංවතුරින් බිඳ වැටුණි.

දින නවයක් ආහාර, පිරිසිදු ජලය සහ ආලෝකය නොමැතිව, මඩ සහ අඳුර තුළ ජීවත් වීම වෛද්‍යවරුන්ට පවා පුදුමයක් විය. නමුත් ඔක්සිජන් තවමත් ඉතිරිව තිබීම, එකිනෙකාට හඬින් සම්බන්ධ වීම සහ ෂා විසින් අන් අයව පිටතට යැවීමට ගත් උත්සාහය ජීවිත බේරා ගැනීමට හේතු විය.

අඳුර සහ මරණය හමුවේ බලාපොරොත්තුව නොනැසී පවතී. තවත් මිනිස් හඬක් ඇසෙමින් ඇතැයි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. ඒ හඬ ඔස්සේ ඔවුන් බලාපොරොත්තු සහගත ගමනකය. මෙහෙයුම අවසන් නැත. තවත් ආශ්චර්යයක් පතමින් ලෝකයේම මිනිස්සු ඉහළ ත්‍රිෂූලි 3 ඒ බලාගාර උමග දෙස බලාගෙන සිටිති.