LSN News › Sri Lanka

World · Sri Lanka Bureau

රුසියානු ‘ද්විත්ව ඩ්‍රෝන් ප්‍රහාරයකින්’ යුක්රේන සාප්පු සංකීර්ණයක් විනාශයි: හයක් මියගොස් 90කට තුවාල!

යුක්රේනයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ක්‍රිවි රිහ් (Kryvyi Rih) නගරයේ විශාලතම සාප්පු සංකීර්ණයකට රුසියාව එල්ල කළ දරුණු ඩ්‍රෝන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් 90 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කර සිටියි.

LSN Sri Lanka · 21 August 2026

රුසියානු ‘ද්විත්ව ඩ්‍රෝන් ප්‍රහාරයකින්’ යුක්රේන සාප්පු සංකීර්ණයක් විනාශයි: හයක් මියගොස් 90කට තුවාල!

යුක්රේනයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ක්‍රිවි රිහ් (Kryvyi Rih) නගරයේ විශාලතම සාප්පු සංකීර්ණයකට රුසියාව එල්ල කළ දරුණු ඩ්‍රෝන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් 90 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කර සිටියි.

ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ උපන් නගරය වන ක්‍රිවි රිහ්හි පිහිටි ‘සොන්යාච්නා ගැලරියා’ (Sonyachna Galereya) නමැති මෙම සාප්පු සංකීර්ණයට ප්‍රහාරය එල්ල වී ඇත්තේ මහ දහවල් කාලයේදීය. පළමු ප්‍රහාරයෙන් පසුව හටගත් ගින්න නිවීමට සහ තුවාලකරුවන්ට සහන සැලසීමට ගිලන් රථ හා ගිනි නිවන භටයින් පැමිණෙමින් සිටියදී, පැය භාගයකට පමණ පසුව දෙවන ප්‍රහාරය එල්ල කර තිබේ. හදිසි සහන සේවකයින් ඉලක්ක කරගනිමින් එල්ල කරන මෙවැනි ප්‍රහාර ‘ද්විත්ව පියවර ප්‍රහාරය’ (double-tap) ලෙස හඳුන්වනු ලබයි. මේ ආකාරයේ ප්‍රහාර අතිශය අමානුෂික ප්‍රහාර බවත්, මෙම ප්‍රවේශයන් යුද අපරාධ ලෙස හැදින්විය හැකි බවත් බටහිර මාධ්‍යය වාර්තා කර ඇත.

සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමේදී, මුල් ප්‍රහාරයෙන් දුම් නැගෙමින් පවතිද්දී දෙවන ඩ්‍රෝනය ද සාප්පු සංකීර්ණයට කඩා වැදී විශාල ගිනිජාලාවක් ඇති කරන අයුරු තහවුරු වී ඇත. ප්‍රහාරයත් සමඟ මුළු සාප්පු සංකීර්ණයම දුමාරයෙන් පිරී ගොස් ඇති අතර, එහි සිටි ජනතාව භීතියට පත්ව ආරක්ෂිත ස්ථාන කරා දිව යන අයුරු දක්නට ලැබුණි.

මෙම ප්‍රහාරය පිළිබඳව ටෙලිග්‍රාම් පණිවුඩයක් නිකුත් කරමින් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කළේ, හදිසි සහන සේවකයින් ඉලක්ක කරගනිමින් එල්ල කළ මෙවැනි ප්‍රහාර නින්දා සහගත මෙන්ම කෙලින්ම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සමාන වන බවය. මෙයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව රුසියාවට සැබෑ පීඩනයක් එල්ල කළ යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

තුවාල ලැබූවන් අතර කුඩා ළමයින් හය දෙනෙකු ද වන අතර, එක් දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 21 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව බලධාරීහු පවසති. මෙම ප්‍රහාරය සඳහා ඉතා අඩු උසකින් පියාසර කළ හැකි ජෙට්-බලගැන්වූ ‘ෂාහෙඩ්’ වර්ගයේ ඩ්‍රෝන් යොදාගෙන ඇති බව ක්‍රිවි රිහ් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී ඔලෙක්සැන්ඩර් විල්කුල් සහ ඩ්නිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපීය ආණ්ඩුකාර ඔලෙක්සැන්ඩර් හැන්ෂා තහවුරු කර ඇත.

මේ වන විටත් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන අතර, තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ. යුක්රේන අභිචෝදක ජනරාල් කාර්යාලය මගින් මෙම සිදුවීම යුද අපරාධයක් ලෙස සලකා විමර්ශන ආරම්භ කර ඇත.

කියෙව් නගරයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් පැය 24ක් යෑමට මත්තෙන් මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි. වසර හතරහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඇදී යන මෙම යුද වාතාවරණය තුළ රුසියාව සිය ගුවන් ප්‍රහාර සීඝ්‍රයෙන් තීව්‍ර කර ඇති අතර, ක්‍රිවි රිහ් නගරය මීට පෙරද අවස්ථා ගණනාවකදී රුසියානු ප්‍රහාරවලට ලක්විය.