ශ්‍රීලංකන් එයාර් බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට පැමිණෙයි!
LSN Sri Lanka ·
ශ්‍රීලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත (Wide-body) ගුවන් යානා බලඇණියක් ලබා ගැනීමේදී සිදු වූවා යැයි කියන අල්ලස් ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියේය.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම මගින් කරන ලද ලිඛිත දැනුම් දීමට අනුව මන්ත්‍රීවරයා මෙලෙස කොමිසම හමුවේ පෙනී සිටීමට කටයුතු කර ඇත.

අදාළ විමර්ශනයට සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සඳුදා ප්‍රථමයෙන් දැනුම් දී තිබූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා දැනුම් දී තිබුණේ පසුගිය අඟහරුවාදා දින තමන්ට ඒ සඳහා පැමිණිය හැකි බවය.

කෙසේ වෙතත්, නැවතත් සිය නීතිඥ මුදිත ආර්. ලොකුමුදලි මාර්ගයෙන් ලිපියක් යොමු කරමින් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ එළඹෙන 25 වැනිදා හෝ ඊට පසුව ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව WhatsApp පණිවිඩයක් ඔස්සේ ලිපියක් යොමු කරමින් අද දිනම උදෑසන 9.00 ට කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බවට තදින්ම දැනුම් දී තිබිණි. ඒ අනුව සිය සේවාදායකයා අද දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට තීරණය කළ බව නීතිඥ මුදිත ආර්. ලොකුමුදලි වැඩිදුරටත් තහවුරු කළේය.