LSN News › Sri Lanka

Politics · Sri Lanka Bureau

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

LSN Sri Lanka · 4 September 2026

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

රුපියල් ලක්ෂ 79ක රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

2012 වසරේදී සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය සඳහා පුටු ලබාගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් රජයට මෙම පාඩුව සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

ඔහු විසින් රජයට සිදුකර ඇති පාඩුව ලෙස ගණනය කර ඇත්තේ රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන් දහස් එකසිය දාහතරයි ශත පනහක් මුදලකි.

නිල ටෙන්ඩර් පටිපාටිය යටතේ සුදුසුකම් ලැබූ සමාගම ඉවත් කර, තමන්ගේ හිතවතෙකුට අයත් සමාගමකට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම මගින් මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකර ඇති බව පැවසෙයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසන්නේ අදාල මිල දී ගැනීම නිසි ප්‍රමිතියකින් යුතුව අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයට ලබා නොදී ඩිසයින් පොයින්ට් නැමති පුද්ගලික සමාගමට ලබා දී ඇති බවය.

අද එම සමාගමේ හිමිකරුවන පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා ද අත් අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම කටයුතු කළේය.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා සහ ව්‍යාපාරිකයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් නඩු කිහිපයක්ම විභාග වෙමින් පවතී. ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් ඔහුව සහ ඔහුගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රිමාන්ඩ් භාරයට පත්කෙරුණු අතර, පසුව ඇප මත මුදාහැරිණි. එමෙන්ම සතොස සේවකයන් දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනුකළ තවත් නඩුවක් කොළඹ මහාධිකරණයේ විභාග වෙයි.