LSN News › Sri Lanka

ගල් අඟුරු හිඟයක් නෑ... විදුලි කප්පාදුවකුත් නෑ - ඇමති අනුර කරුණාතිලක!

අද දිනයේදී මෙට්‍රික් ටොන් 60,000ක ගල් අඟුරු රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙන බව පෙන්වා දෙන ඇමතිවරයා, මෙම නෞකාව පැමිණෙන්නේ හදිසි මිලදී ගැනීම්වලදී ප්‍රතික්ෂේප වූ නෞකාව වෙනුවට විකල්පයක් ලෙස බවද සඳහන් කළේය...

LSN Sri Lanka · 4 September 2026

ගල් අඟුරු හිඟයක් නෑ... විදුලි කප්පාදුවකුත් නෑ - ඇමති අනුර කරුණාතිලක!

දිවයිනට අවශ්‍ය විදුලිය ප්‍රමාණවත්ව සැපයීම සඳහා අවශ්‍ය තරම් ගල් අඟුරු සංචිත පවතින බැවින් ගල් අඟුරු හිඟයක් හේතුවෙන් කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල හා බලශක්ති ඇමති අනුර කරුණාතිලක පවසයි.

අද දිනයේදී මෙට්‍රික් ටොන් 60,000ක ගල් අඟුරු රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙන බව පෙන්වා දෙන ඇමතිවරයා, මෙම නෞකාව පැමිණෙන්නේ හදිසි මිලදී ගැනීම්වලදී ප්‍රතික්ෂේප වූ නෞකාව වෙනුවට විකල්පයක් ලෙස බවද සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසීය.

"2026 - 27 කාලසීමාව සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් අවසන් කරලා තියෙන්නේ. එහි පළමු නෞකාව සැප්තැම්බර් 12 වන විට නොරොච්චෝලේ බලාගාරයට ළඟා වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එම නෞකාව පුත්තලමට ළඟා වූ පසු අඛණ්ඩව ගල් අඟුරු ලබා ගැනීමේ විධිමත් සැලැස්මක් ක්‍රියාත්මකයි."

නොරොච්චෝලේ බලාගාරය සතුව පවතින ගල් අඟුරු සංචිත පිළිබඳව පැහැදිලි කළ ඇමතිවරයා, පසුගිය කාලයේ ගෙන ආ ගල් අඟුරුවලින් යම් ප්‍රමාණයක් තවමත් ඉතිරිව පවතින බවත්, අද දින පැමිණෙන මෙට්‍රික් ටොන් 60,000ක ප්‍රමාණයත් සමග විදුලි ජනනයට අවශ්‍ය ප්‍රමාණවත් තරම් ගල් අඟුරු තොග ලැබෙන බවත් ප්‍රකාශ කළේය.

ඒ අනුව ගල් අඟුරු හිඟයක් මුල් කරගනිමින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවන බවත්, අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා රජය සහතික වන බවත් ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.