LSN News › Sri Lanka

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “මිදිගම චූටි”ගේ රුපියල් කෝටි එකහමාරක නිවස තහනම් කෙරේ!

මිදිගම, පාතගම ප්‍රදේශයේ පිහිටි මෙම දේපළ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයා ගත් මුදල් යොදවා අත්පත් කරගන්නා ලද්දක් බවට කරුණු අනාවරණය වී ඇතැයි බලධාරීහු පවසති.

LSN Sri Lanka · 4 September 2026

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “මිදිගම චූටි”ගේ රුපියල් කෝටි එකහමාරක නිවස තහනම් කෙරේ!

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන ලද විශේෂ විමර්ශනයකට අදාළව, ප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු වන රාජපක්‍ෂ පතිරණගේ ප්‍රභාත් මධුශංක නොහොත් “මිදිගම චූටි” නමැත්තාට අයත් රුපියල් මිලියන 15ක් (කෝටි එකහමාරක්) පමණ වටිනා නිවසක් භාවිත කිරීම තාවකාලිකව තහනම් කර තිබේ.

මිදිගම, පාතගම ප්‍රදේශයේ පිහිටි මෙම දේපළ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයා ගත් මුදල් යොදවා අත්පත් කරගන්නා ලද්දක් බවට කරුණු අනාවරණය වී ඇතැයි බලධාරීහු පවසති.

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින “මිදිගම චූටි” නමැත්තා මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.

මීට අමතරව ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වන නඩු විභාග රැසක්ද අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.