මගේ දේශපාලන ගමන තීරණය කරන්නේ මාලිමාව නෙමෙයි... මේ රටේ ජනතාව... අල්ලස් කොමිසමට පැමිණි නාමල් කියයි!
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී සිදුකරන ප්‍රකාශ දෙස බැලීමේදී, පොලිසියට හෝ අදාළ විමර්ශන ආයතනවලට වඩා පරීක්ෂණ කටයුතු පවතින්නේ ඔවුන් සතුව බව පෙනී යන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.
LSN Sri Lanka ·

තමන් කිසිදු වරදක් කර නොමැති බැවින් ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවත්, බියෙන් සිටින්නේ නම් මෙලෙස පැමිණෙන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

අද (04) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී සිදුකරන ප්‍රකාශ දෙස බැලීමේදී, පොලිසියට හෝ අදාළ විමර්ශන ආයතනවලට වඩා පරීක්ෂණ කටයුතු පවතින්නේ ඔවුන් සතුව බව පෙනී යන බවයි. ඔවුන් නඩු තීන්දු පවා දී අවසන් කර ඇති බවත්, අද වන විට මෙරට පොලිසියේ සහ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳව ජනතාව ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇති බවත් හෙතෙම කියා සිටියේය.

තමන් කිසිදු වරදක් කර නොමැති බවත්, වරදක් කිරීමේ අවශ්‍යතාවයක් ද නැති බවත් අවධාරණය කළ මන්ත්‍රීවරයා, කැඳවීම් කරන සෑම අවස්ථාවකදීම පැමිණෙන බවත් මගහැරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් පැවසීය.

එමෙන්ම සිය දේශපාලන ගමන තීන්දු කරන්නේ ජාතික ජන බලවේගය (මාලිමාව) නොව මෙරට ජනතාව බවත්, තමන්ගේ දේශපාලනය ජනතාව සමඟ ඉදිරියටම සිදුකරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.