Sport · Sri Lanka Bureau
රුමේෂ්ගෙන් යළිත් මීටර් 91 ඉක්ම වූ විශිෂ්ට ප්‍රයාමයක්... ලෝකයේ හොඳම හෙල්ල විසිකරන්නා යළිත් තම ආධිපත්‍යය තහවුරු කරයි!
බුඩාපේස්ට් තරගයට පෙර ලෝක මලල ක්‍රීඩා සම්මේලනය ඔහු හැඳින්වූයේ 2026 වසරේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රබලතම බලවේගය ලෙසය.
LSN Sri Lanka ·

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට තවත් සුවිශේෂී ජයග්‍රහණයක් එක් කරමින් රුමේෂ් තරංග පතිරගේ, බුඩාපේස්ට්හි පැවති පළමු ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

23 හැවිරිදි රුමේෂ් මීටර් 91.09ක විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් මෙම ජයග්‍රහණය වාර්තා කළේ තරග වැදුන ලෝක මට්ටමේ ප්‍රබලතම හෙල්ල විසිකරන්නන් සියලු දෙනා පරාජය කරමිනි. තරගයට පෙර සිටම රුමේෂ් මෙම ඉසව්වේ ප්‍රධානතම ජයග්‍රාහී අපේක්ෂකයා ලෙස සැලකිණි. සති කීපයකට පෙර මීටර 90 සීමාව ඉක්මවූ ජර්මනියේ ජුලියන් වෙබර්, ග්‍රැනඩාහි ඇන්ඩසන් පීටර්ස් සහ ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝහි කර්ශොන් වෝල්කොට් ඇතුළු ලෝක ශූර හා ඔලිම්පික් පදක්කම්ලාභීන්ගෙන් සමන්විත ප්‍රබල ක්‍රීඩක කණ්ඩායමක් මෙම ඉසව්වට එක්ව සිටියේය.

රුමේෂ්ගේ ජයග්‍රහණයේ වැදගත්කම තවත් වැඩි කරන්නේ ඔහු 2026 වසර පුරා දැක්වූ අඛණ්ඩ දක්ෂතාවයයි. ජුනි 4 වැනිදා රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් තරගයේදී ඔහු හෙල්ල මීටර් 92.62ක් විසි කළේය. එය ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම 2026 වසරේ ලොව හොඳම දක්ෂතාව ද වේ. එම දක්ෂතාව ඔහු ලෝක හෙල්ල විසි කිරීමේ ඉතිහාසයේ හොඳම ක්‍රීඩකයන් අතර අටවැනි ස්ථානයට ද ගෙන ගියේය.

එය එක් තරගයකදී අහම්බෙන් වාර්තා වූ දක්ෂතාවක් නොවන බව රුමේෂ් මේ වසර පුරාම පෙන්වා තිබේ. රෝමයේ මීටර් 92.62ට අමතරව සූරිච්හිදී ඔහු මීටර් 92.07ක්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක්, බ්‍රසල්ස්හිදී මීටර් 89.04ක්, දෝහාහිදී මීටර් 88.68ක් සහ ලෝසාන්හිදී මීටර් 88.14ක් වාර්තා කළේය. ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ 2026 දක්ෂතා ලැයිස්තුව අනුව වසරේ හොඳම හෙල්ල විසි කිරීම් අතර ඉහළ ස්ථාන රැසක්ම රුමේෂ් සතුය.

විශේෂයෙන්ම මේ වසරේ ඔහුගේ ජයග්‍රහණ මාලාව කැපී පෙනේ. පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතාව දිනාගත් ඔහු, ඩයමන්ඩ් ලීග් තරග කිහිපයක් ජයගෙන අවසානයේ ඩයමන්ඩ් කුසලානය ද ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. බුඩාපේස්ට් තරගයට පෙර ලෝක මලල ක්‍රීඩා සම්මේලනය ඔහු හැඳින්වූයේ 2026 වසරේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රබලතම බලවේගය ලෙසය.

මෙම ලෝක අල්ටිමේට් ශූරතාවලිය ද විශේෂ එකකි. ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් පළමු වරට හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී දින තුනක් පුරා සංවිධානය කළ එය, ලෝක ශූරයන්, ඔලිම්පික් ශූරයන්, ඩයමන්ඩ් ලීග් ජයග්‍රාහකයන් සහ ලෝකයේ ඉහළම ශ්‍රේණිගත ක්‍රීඩකයන් එකම වේදිකාවකට ගෙන ආ නව ආකාරයේ තරගාවලියකි. සමස්ත ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 10කි.

ඒ අනුව බුඩාපේස්ට්හි මීටර් 91.09ක ජයග්‍රාහී විසිකිරීම තවත් රන් ජයක් පමණක් නොවේ. 2026 වසර පුරා ලෝක හෙල්ල විසි කිරීමේ පිටිය පාලනය කළ ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග, වසර අවසානයේ ලෝකයේ ප්‍රබලතම ක්‍රීඩකයන් මුහුණට මුහුණ හමුවූ තරගයේදීත් තම ආධිපත්‍යය තහවුරු කළ අවස්ථාවකි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ලෝක මට්ටමේ නව තැනකට ගෙන ගිය රුමේෂ්ගේ 2026 වසර, මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් ලෙස සටහන් වනු ඇත.