නාමල් රාජපක්ෂ රිමාන්ඩ්!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
LSN Sri Lanka ·

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළඹෙන සැප්තැම්බර් මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද අධිකරණය නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පැය කිහිපයක කාලයක් පුරා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, අද (04) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී.

2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය වෙනුවෙන් එයාර්බස් A330 වර්ගයේ ගුවන් යානා හයක් සහ A350 වර්ගයේ ගුවන් යානා අටක් මිලදී ගැනීමට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලස් මුදලක් ලබා ගත් බවට ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයට එරෙහිව මීට පෙර චෝදනා එල්ල වී තිබුණි.

දූෂණ විරෝධී පනත යටතේ කොමිෂන් සභාව විසින් ආරම්භ කරන ලද විමර්ශනයකට අදාළව, කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබුණි.

එලෙස ඇප මත සිටියදී, පසුගිය මැයි මස 08 වනදා කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයා ගන්නා ලද අතර, එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැක පළ කරයි.

මේ අතර, එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ දෙවන සැකකාරිය වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තෙවන සැකකරු ලෙස නම් කර සිටින ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

ඊට අමතරව, මෙම විමර්ශන කටයුතු සඳහා සහාය වීම පිණිස ප්‍රංශයේ පිහිටි එයාර්බස් සමාගමේ මාතෘ සමාගමේ නියෝජිත පිරිසක් අගෝස්තු මාසයේ පළමු සතියේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ප්‍රකාශ ලබා දීමට ද කටයුතු කළහ.