එජාපය නාමල් අත් අඩංගුවට ගැනිම පිළිකුලෙන් යුතුව හෙළා දකී!
එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම මස 12 වැනි දින අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ඉතා පැහැදිලි බවය.
LSN Sri Lanka ·

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම මස 12 වැනි දින අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ඉතා පැහැදිලි බවයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට රට වටා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට ද තිබෙන බව පිළිගත යුතු බව එජාපය පෙන්වා දෙයි. එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගැනීම නූතන ශිෂ්ට සම්පන්න සමාජය කිසිසේත්ම අනුමත නොකරන අතර, විශේෂයෙන්ම නූතන Gen - Z පරපුර මෙවැනි ක්‍රියා දෙස බලන්නේ දැඩි හිරිකිතයකින් බව ද එහි දැක්වේ.

මාලිමා ආණ්ඩුවේ මෙවැනි ක්‍රියා මගින් දිනෙන් දින පිරිහෙන ජනතා සභාය හමුවේ රජය වඩාත් අසරණ වීම පෙන්නුම් කරන බවත්, අත්අඩංගුවට ගැනීම් තුළින් ජනතා නායකයින්ට තිබෙන ප්‍රසාදය නැති කළ නොහැකි බවත් එම නිවේදනය මගින් රජයට දැඩිව අවධාරණය කර සිටී.