LSN News › Sri Lanka

නාමල් රාජපක්ෂ හිරේ ගියේ ඇයි?... නිමල් පෙරේරාගේ දිවුරුම් පෙත්සම හෙළි කරන කතාව...

අල්ලස් මුදල ලබා ගත් බව කියන කපිල චන්ද්‍රසේනගේ බිරියගේ ගිනුමෙන් තම ආයතනයක ගිනුමකට ලැබුණු ඇමරිකානු ඩොලර් 800,000ක් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කර 2014-2015 කාලයේදී නාමල් රාජපක්ෂට භාර දුන් බව නිමල් පෙරේරා අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයකින් කියා තිබේ.

LSN Sri Lanka · 4 September 2026

නාමල් රාජපක්ෂ හිරේ ගියේ ඇයි?... නිමල් පෙරේරාගේ දිවුරුම් පෙත්සම හෙළි කරන කතාව...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2013 වසරේ දී ශ්‍රීලන්කන් ගුවන් සේවයේ එයාර්බස් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.

මේ නියෝගයට පදනම් කරුණු ගොඩනැගෙන්නේ කෙසේ ද?. එක්සත් ජාතික පක්ෂය කියන ආකාරයට මේ අධිකරණ නියෝගය දේශපාලන පලිගැනීමක් ද?. එම පලිගැනීම එක්සත් ජාතික පක්ෂය කරන්නාක් මෙන් පිළිකුළෙන් යුතුව හෙළා දැකිය යුතු ද?. පොහොට්ටුවේ කලබලවීම තේරුම්ගත හැකිය. නමුත් එක්සත් ජාතික පක්ෂය තැතිගැනීමක ද?.

මේ වනවිට අධිකරණයේ හෙළිවන කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව පවත්වන විමර්ශනයේදී ඕස්ට්‍රේලියාවේ පදිංචි ව්‍යාපාරික නිමල් පෙරේරා විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය නාමල් රාජපක්ෂට එරෙහිව චෝදනා ගොනු කරන ප්‍රධාන සාධකයක් බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දන්වා සිටියේය.

විමර්ශනය ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදයේ අධිකාරීන්ගේ සහයෝගයෙන් අවසාන අදියරට පැමිණ ඇති බවත්, එයාර්බස් සමාගම මෙම නඩුව සම්බන්ධයෙන් සහයෝගය දැක්වූ බවත් නඩු පැමිණිල්ල පැවසීය. එයාර්බස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුන් වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රකාශ හතරක් ලබා දී තිබිණි.

මුදල් ගනුදෙනුව

නඩු පැමිණිල්ලට අනුව, විවාදාත්මක ගුවන් යානා ගනුදෙනුවට සම්බන්ධව යුරෝ මිලියන 1.45ක් පමණ එයාර්බස් විසින් ගෙවා ඇතැයි කියනු ලැබේ. හිටපු ශ්‍රීලන්කන් ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායකට පමණක් අයත් “Biz Solution” සමාගමේ සිංගප්පූරු Standard Chartered බැංකු ගිණුමෙන් මුදල් නිමල් පෙරේරා සභාපතිත්වය දරන සමාගමක සිංගප්පූරු ගිණුමකට මාරු වී තිබේ.

එම ගිණුමට ලැබුණු ඇමරිකානු ඩොලර් 800,000ක් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කර 2014-2015 කාලයේදී නාමල් රාජපක්ෂට භාර දුන් බව නිමල් පෙරේරා අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයකින් කියා තිබේ.

එකල එම මුදල රුපියල් කෝටි 10ක් පමණ වූ බව නඩු පැමිණිල්ල සඳහන් කළේය. නිමල් පෙරේරා ජීවිත තර්ජන පෙන්වා ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති අතර විමර්ශකයන් ඕස්ට්‍රේලියාවට ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

නාමල්ගේ පාර්ශ්වයේ තර්ක

නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් නාමල්ට ඇප ඉල්ලා සිටියේය. අත්අඩංගුවට ගැනීම ප්‍රධාන වශයෙන් නිමල් පෙරේරාගේ ප්‍රකාශය මත පදනම් වී ඇති බවත්, ප්‍රංශ විමර්ශකයන් හෝ එයාර්බස් නිලධාරීන් නාමල් රාජපක්ෂට මුදල් දුන් බව කියා නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ වෙනත් නඩු වාර්තාවල නිමල් පෙරේරාගේ විශ්වසනීයත්වය ප්‍රශ්න කළ මෙන්ඩිස්, 2019දී CID ඔහුගේ ප්‍රකාශය පිළිනොගත්තේ ඇයිදැයි අසා සිටියේය.

එවකට අදාළ ගිණුම ඉතාලි මිතුරෙකුට අයත් බව පෙරේරා කියා තිබූ බව නාමල් රාජපක්ෂ පාර්ශ්වය සඳහන් කළේය.

එම අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයට පැවසුවේ මෙවැන්නකි.

එයාර් බස් මවු සමාගම මේ ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන්වන ඕනෑම විමර්ශනයකට සහාය දෙන්න සූදානමින් ඉන්නවා. එයාර් බස් සමාගමේ ඉහළ නිලධාරින් අවස්ථා තුනක දී ලංකාවට ඇවිත් ප්‍රකාශ 04ක් ලබා දී තිබෙනවා. ඔවුන් මේ විමර්ශනයට අදාල ලේඛන ගණනාවක් විමර්ශන නිලධාරින්ට ලබා දි තිබෙනවා.

මේ විමර්ශනය තුළින් මේ වනවිට එයාර් බස් සමාගම හා සැකකරු අතර තිබී ඇති සම්බන්ධතාවයන් පිළිබඳව ද අනාවරණය වෙනවා. සැකකරුව දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය ද සහිතවයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ.

ඒ නිසා සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම තීන්දු කළේ නිමල් පෙරේරාගේ විශ්වසනීයත්වය නඩු විභාගයේදී තීරණය කළ යුතු කාරණයක් මිස මේ අවස්ථාවේ ඇප ලබාදීමට ප්‍රමාණවත් විශේෂ හේතුවක් නොවන බවය. ඒ අනුව නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ් කෙරිණි.

පසුබිම

2013දී ශ්‍රීලන්කන් විසින් එයාර්බස් A330 සහ A350 යානා 10ක් මිලදී ගැනීමට ඩොලර් බිලියන 2.3ක ගිවිසුමක් අත්සන් කෙරිණි. පසුව බලයට පත් ආණ්ඩුව එය අවලංගු කළේය.

2020දී එයාර්බස් ගෝලීය අල්ලස් විමර්ශනයකදී විශාල දඩ මුදලක් ගෙවා ගනුදෙනු තහවුරු කළේය. ශ්‍රී ලංකාවේදී ඩොලර් මිලියන 16ක් පමණ අල්ලස් ලෙස ගෙවීමට එකඟ වූ බව ජාත්‍යන්තර විමර්ශනවල සඳහන් අනාවරණය විය. අනතුරුව සිද්ධිය සම්බන්ධ දේශීය විමර්ශනයක් ආරම්භ වුනේය.

මීට පෙර කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රුපියල් කෝටි 6ක් ලබාදුන් බව කියා පසුව එම ප්‍රකාශය බලහත්කාරයෙන් ලබාගත් බවට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුණි. චන්ද්‍රසේන පසුව සිය දිවි නසා ගත්තේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මැයි මාසයේදී අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදී තිබේ.

නාමල් රාජපක්ෂ මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර පවුලේ සාමාජිකයන් දේශපාලන පළිගැනීම්වලට ලක්වන බව බොහෝ විට ප්‍රකාශ කර තිබේ. නඩුව තවමත් විභාගයට පැමිණ නැති අතර චෝදනා ඔප්පු වීමට හෝ චෝදනාවලින් නිදොස් විමේ ඉඩ තවමත් ඉතිරිව ඇත.