LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

රුමේෂ් තරංග නැවතත් මීටර් 92 ඉක්මවයි; සූරිච් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට!

වොන්ඩා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ ස්විට්සර්ලන්තයේ සූරිච්හි ලෙට්සිග්‍රන්ඩ් ක්‍රීඩාංගණයේදී ඊයේ (27) රාත්‍රියේ අවසන් වූ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නැවත වරක් මීටර් 92 කට වැඩි දුරක දක්ෂතාවයක් දක්වමින් රුමේෂ් තරංග ලෝකය ඉදිරියේ සිය විශිෂ්ඨ අනන්‍යතාවය සහතික කරමින් පළමු ස්ථානයට පත් වුනේය.

LSN Sri Lanka · 28 August 2026

රුමේෂ් තරංග නැවතත් මීටර් 92 ඉක්මවයි; සූරිච් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට!

වොන්ඩා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ ස්විට්සර්ලන්තයේ සූරිච්හි ලෙට්සිග්‍රන්ඩ් ක්‍රීඩාංගණයේදී ඊයේ (27) රාත්‍රියේ අවසන් වූ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නැවත වරක් මීටර් 92 කට වැඩි දුරක දක්ෂතාවයක් දක්වමින් රුමේෂ් තරංග ලෝකය ඉදිරියේ සිය විශිෂ්ඨ අනන්‍යතාවය සහතික කරමින් පළමු ස්ථානයට පත් වුනේය.

මෙරට වේලාවෙන් අද (28) අලුයම අවසන් වූ එම තරගයේදී ඔහු 92.07ක දක්ෂතාවක් දක්වන්නේ ඔහුට දෙවැනිවන තරගකරුවන් මීටර ගණනාවකින් පසුකරමිනි.

මෙය රුමේෂ්ගේ වෘත්තීය ජීවිතයේ මීටර් 92 සීමාව ඉක්මවා විසිකළ දෙවන අවස්ථාවය.

මෙම වසරේ ජුනි 4 වැනිදා රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ඔහු වාර්තා කළ මීටර් 92.62 ජාතික වාර්තාව සහ ලෝකයේ මෙවර සිදුකළ හොඳම දුර විසිකිරීමය.

සූරිච් ජයග්‍රහණය එම වාර්තාවට සෙන්ටිමීටර් 55කින් පමණක් අඩුය. ලෝක මළල ක්‍රීඩා වාර්තාවට අනුව ඔහු සූරිච් වාර්තාවට සෙන්ටිමීටර් 21කින් පමණක් ආසන්න විය. එම වාර්තාව 1996දී ජර්මනියේ රේමන්ඩ් හෙක්ට් විසින් පිහිටුවන ලද මීටර් 92.28යි.

තරගයේ මුල් වටයේදී ග්‍රෙනාඩාවේ හිටපු ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්ස් මීටර් 86.93කින් පෙරමුණ ගත්තද, රුමේෂ් දෙවන වටයේදී මීටර් 88.23කින් ඉදිරියට පැමිණියේය. තෙවන වටයේදී එය මීටර් 89.90 දක්වා වැඩි කළ ඔහු පස්වන වටයේ අවලංගු විසිකිරීමකින් පසු අවසන් වටයේදී මීටර් 92.07 විසිකර ලෝකයේ ප්‍රථමයා බවට වූ අනන්‍යතාවය ඔහු තහවුරු කළේය. .

රුමේෂ්ගේ විසිකිරීම් මාලාව ( මීටර) 81.50 | 88.23 | 89.90 | 84.91 | අවලංගු | 92.07

23 හැවිරිදි රුමේෂ් මේ වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75කින් රන් පදක්කම දිනාගත් අතර, වත්මන් ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්හි පළමුවෙනියාව සිටී. ඉන්දියාවේ නීරාජ් චොප්රා මෙම තරගයට එක්ව නොසිටියේය. එසේ වුවද රුමේෂ් මේ වසරේ ඩයමන්ඩ් ලීග් අවසන් තරගයට (බ්‍රසල්ස්) සුදුසුකම් ලබා ඇත.

සූරිච් පිරිමි හෙල්ල විසිකිරීමේ සම්පූර්ණ ප්‍රතිඵල

| 1 | රුමේෂ් තරංග පතිරගේ | ශ්‍රී ලංකාව | 92.07 මීටර් |

| 2 | ඇන්ඩර්සන් පීටර්ස් | ග්‍රෙනාඩාව | 86.93 මීටර් | වාර්ෂික හොඳම |

| 3 | ඩේවිඩ් වෙග්නර් | පෝලන්තය | 85.16 මීටර් | වාර්ෂික හොඳම |

| 4 | කෙෂෝන් වෝල්කොට් | ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ | 83.02 මීටර් |

| 5 | ජූලියස් යෙගෝ | කෙන්යාව | 81.66 මීටර් |

| 6 | මාර්ක් ඇන්තනි මිනිචෙලෝ | ඇමෙරිකා එක්සත් ජනපදය | 80.38 මීටර් |

| 7 | කර්ටිස් තොම්සන් | ඇමෙරිකා එක්සත් ජනපදය | 80.31 මීටර් |

| 8 | තෝමස් රෝලර් | ජර්මනිය | 79.86 මීටර් |

| 9 | සයිමන් වීලන්ඩ් | ස්විට්සර්ලන්තය | 75.35 මීටර් |

| 10 | පැට්‍රික්ස් ගයිලුම්ස් | ලැට්වියාව | 74.30 මීටර් |

දෙවන ස්ථානය හිමි කරගත් පීටර්ස්ගේ විසිකිරීමේ මාලාව ( මිටර) මෙසේය:

86.93 | 82.17 | 83.52 | 84.22 | 82.08 | අවලංගු.

තෙවන ස්ථානය දිනූ පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් පස්වන වටයේදී මීටර් 85.16ක පෞද්ගලික වාර්ෂික හොඳම දුරක් වාර්තා කළේය.

2012 ලන්ඩන් ඔලිම්පික් ශූර කෙෂෝන් වෝල්කොට් සිව්වන ස්ථානයටත්, කෙන්යාවේ ජූලියස් යෙගෝ පස්වන ස්ථානයටත් පත්විය.

මෙම වසරේ රුමේෂ්ගේ ඩයමන්ඩ් ලීග් ගමන මෙසේය:

•රබාත්හි දෙවන ස්ථානය (මී. 85.97),

•රෝමයේ පළමු ස්ථානය (මී. 92.62),

•දෝහාහි පළමු ස්ථානය (මී. 88.68),

•ලෝසෑන්හි පළමු ස්ථානය (මී. 88.14)

•දැන් සූරිච්හි පළමු ස්ථානය (මී. 92.07)

•ඊට අමතරව චෙක් ජනරජයේ ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් තරගයේදීද ඔහු ජයග්‍රහණය කළේය.

මෙම අඛණ්ඩ දක්ෂතාවයෙන් ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීම ලෝක මට්ටමේ ඉසව්වක් බවට පත්ව ඇත.

රුමේෂ් මේ වසරේ මීටර් 90 ඉක්මවා විසිකළ අවස්ථා දෙකක් සහ මීටර් 88 ඉක්මවා විසිකළ වාර කිහිපයක්ම වාර්තා කර ඇති අතර, සූරිච් ජයග්‍රහණය එම අඛණ්ඩ ගමන තවදුරටත් තහවුරු කරයි. ඊළඟ ප්‍රධාන ඉලක්කය බ්‍රසල්ස්හි ඩයමන්ඩ් ලීග් අවසන් තරගයය.